(ඔගස්ටින් ප්‍රනාන්දු)
රිය අනතුරක් සිදු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක වරදකරුවූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතාට අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කිරිමට හලාවත මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු මංජුල රත්නායක මහතා අද (18) නියෝග කළේය.
චෝදනා සියල්ලට වරදකරු වූ සැකකරුට රුපියල් 32,500 දඩයක් හා මාස හයක ලිහිල් සිරදඬුවම වසර හයක කාලයකට අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
සැකකරුගේ රියදුරු බලපත්‍රය මාස හයකට අත්හිටුවිමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
2018 ජුනි මස 8 වැනිදා හෝ ඊට ආසන්න දිනයක හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙණිය කෝට්ටපිටිය හන්දියේ දී බීමතින් රජයේ දේපලක් වන කැබ් රථයක් පදවා නොසැළකිලිමත්ව හා අපරික්ෂාකාරීව රථ ධාවනය කරමින් අනතුරක් සිදුකළැයි රුපියල් 280,000 ක දේපල අලාභයක් සිදු කිරිම ඇතුළු චෝදනා 6 ක් යටතේ නඩුව පවරා තිබිණි.
2025 නොවැම්බර් මස 21
23
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
140
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
986
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
යශෝධ රංගේ බණ්ඩාරට අත්හිටවූ සිරදඬුවම් හා දඩ
rama Tuesday, 18 February 2020 08:04 AM
ඇයි මෙච්චර ලිහිල් දඬුවම් දේශපාලන හයියද?
sharm warn Tuesday, 18 February 2020 08:14 AM
හ්ම්ම් … මාස 6 ක ලිහිල් හිර දඩුවම වසර 6 ට අත් හිටවලා. එකෙත් වරදක් නැහැ මොකද හිරේට යවලා අපේ වියදමින් කන්න බොන්න දෙන්නයි බන්ධනාගාර රෝහලේ ඇත්තට ලෙඩ වෙච්ච අයට තියෙන ඇදවල් මේගොල්ලන්ට දෙන්නයි ඕන නැහැනේ.
රවින් Tuesday, 18 February 2020 08:30 AM
ඔය තියෙන්නේ. අර වාහානය ඇතුලේ තිබුණු මත්ද්‍රව්‍ය බෝතලයට මොකද උනේ? ආනේ අමතක උනානේ ඒ බෝතලය වතුර උනාලු නේද?
Raveendra Tuesday, 18 February 2020 08:39 AM
ආ මේ අර වොඩ්ක බෝතලේ උණුකර නිවාගත් තැබිලි වතුර අරගෙන ගිය නොදරුවා නේද ...? අනේ පොලිස් පුතේ ආයේ ඔයවගේ වැදගත් වැරදි කරනවා එහෙම නොවේ හරියෑ...
Anee Manda Tuesday, 18 February 2020 09:05 AM
ආණ්ඩුවට අයිති වාහනයක ගිහිල්ලා, බීලා පාරේ එළවලා, හප්පලා රුපියල් 280,000 ක පාඩුවක් කරලා මේ දඬුවම හොඳටම මදි. අනේ මන්ද ?
Mahee Tuesday, 18 February 2020 10:38 AM
මම නම් කියන්නේ මේ වගේ සුළු වැරදි වලට ඉතා ලිහිල් දඬුවමක් දිය යුතු බවයි.