(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කිසියම් පිරිසක් යාල අභය භූමිය අසල පාරේ මුවන් දෙදෙනකු හම ගසා පාටියක් දමා ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.
එම මුවන් දෙදෙනාගේ යම් යම් කොටස් පාරේ තිබී සොයාගත් බවද හෙතෙම සඳහන් කළේය.
දිසානායක මහතා මෙසේ පැවසූවේ වනජීවී අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
කිසිම පරිසරවේදියකු මේ ගැන කතා නොකළ බව පැවසූ විමලවීර දිසානායක මහතා අහිංසක මුවන් ගෝනුන් දහස් ගනනක් මරා දමන බවද ප්‍රකාශ කළේය.
අලින් ගැන උනන්දු කිසිම පරිසරවේදියකු ඒ කුඩා සතුන් ගැන කතා නොකරන බවද ඔහු පැවසුවේය.
අලි අගල් කපන්නේ ඉතාම දුෂ්කරතා මධ්‍යයේ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශයට ලබාදුන් මුදල්වලින් කොටසක්ද රජය නැවත ලබා ලබාගත් බව ප්‍රකාශ කළේය.
කැලේ ඇතුළේ සිදුවන අලි පහරදීම් සම්බන්ධයෙන් වගකීමක් ගත නොහැකි බවත් අලි වැට කිලෝමීටර් එක්දහස් පන්සියයක් ඉදිකිරීමේ කටයුතු ලබන 16 වැනිදා අරඹන බවත් ඔහු වැඩිදුරටත් කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.