(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් යම් මට්ටමකට පාලනය කර සෞඛ්‍ය අංශ ඉතාමත් අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණ දේශපාලන කාරණා හේතුවෙන් ආපස්සට හැරවීමට කටයුතු නොකරන්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.
සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කීපයක් ලබන 16 වැනිදා කොළඹට සෙනඟ කැඳවා උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා කර ඇති බව පැවසූ රෝහණ මහතා ආණ්ඩුවට පක්ෂව හෝ විපක්ෂව උද්ඝෝෂණ පැවැත්වීම සෞඛ්‍ය අංශ විදියට ගැටළුවක් නැති වුවත් එවැනි ක්‍රියාකාරකම්වල මේ අවස්ථාවේදී නියැලීමෙන් සෞඛ්‍යමය වශයෙන් ගැටලුකාරී තත්වයක් මතුවිය හැකි බවද පෙන්වා දුන්නේය.
මේ අවස්ථාවේදී සෞඛ්‍ය නීතිවලට අනුකූලව කටයුතු කිරීම ඉතා වැදගත් බවද හෙතෙම සඳහන් කළේය. රටේ කොවිඩ් රෝගීන්ගේ යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති බවත් මේ තත්වය නිසා සියලු දෙනා කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් බවත් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
සෞඛ්‍ය අංශ ඉතාමත් අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණයක් නෑ. රට වහලා ඇදිරිනීතිය දාලා මිනිස්සු කැපකිරීම් කරලා තමයි ජයග්‍රහණය ගත්තේ. රට වහන්න වහන්න කියලා කෑ ගහලා දැන් එනවා ජයග්‍රහණ ගැන කතා කරන්න.
කොරෝනා බොරුව ප්‍රවර්ධන කලොත් පිටරටවල් ගොඩ.
මහත්තයෝ,පාරේ බස් අඩුයි,කොච්චි දුවන්නේ නෑ පාර නාය ගිහින්,දුවන බස් ටිකේ පොල් පටවල වගේ සෙනග...කාර්යාල සේවකයෝ ගෙවල් වලට උදේ හවස ගෙවල් වලට යන්නේ කොවිඩ් අරගෙන...කොවිඩ් පැතිරෙන එක අහන්න දෙයක් ද ....මේ හැම ආයතනයකම එකට වැඩ කරන්න ඕන ...නැතුව කොවිඩ් නවත්තන්න බෑ...කාර්යසාධක බලකා තියෙන්නේ මේවා කළමනාකරණය කරන්න...එයාල කරන්නේ මීඩියා ශෝ විතරයි
අපේ රටේ ඉතිහාසය අරගෙන බැලුවත් මේකම තමා කෙල් .1815 දී සුද්දට රට අල්ලලා දුන්නෙත් රට ගැන නොහිතපු බල ලෝභී සිංහලයෝ .අදත් එහෙම තමා ..මොන දේ උනත් කමක් නෑ තමන්ට බලය ලැබෙනවානම්
සමහර රටවල සෞඛ්‍ය අංශ නම් එක දිගට මාස 3ක් ගෙවල්වල යන්නේ නැතිව සේවය කළා. අපේ රටෙත් සමහර සේවකයින් මහන්සිවෙලා අවංකව වැඩ කළා. ඒ අතර පැය 6 වැඩකරලා ගෙදර ගිය අයත් හිටියා. කෝවිඩ් දීමනා නැතිව වැඩ කරන්නේ නැහැ කියපු අයත් හිටියා. 4ට චැනලින් එකට ගිය අයත් හිටියා. හැබැයි කන්න බොන්න අග හිඟකම් තියාගෙන මාස 2කට වැඩිය ලොක් ඩවුන් වෙලා හිටිය එදිනෙදා පඩි ගන්න මිනිස්සු තමයි ලොකුම කැප කිරීම් කළේ....
විපක්ෂයේ කවුරු හිටියත් කරන්නේ ඔය වැඩේ තමයි. කාලකන්ණි දේශපාලුවන්. විපක්ෂයේ ඉන්නකොට තමයි ඔක්කොම අයට ජනතාවගේ බඩගින්න මතක් වෙන්නේ... ජනවාරි වෙනකොටවත් රට වහගන්න මහන්සි වෙමු..