
(රොමේෂ් මධුෂංඛ)
යාපනය චෙම්මිණි ප්‍රදේශයේ සුසාණ භූමියක බෑගයක් තුළ තිබූ අධිබලැති පුපරණද්‍රව්‍ය කිලෝ 02 ක් සහ ඩෙටනේටර් සමගින් අද (08) දින සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.
යාපනය යුද හමුදා බුද්ධි අංශයට චෙම්මිණි සුසාණ භූමිය අසල සැකකටයුතු පාර්සලයක් දමා ගොස් ඇති බවට ලැබුනු තොරතුරකට අනුව යුද හමුදාව, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය අදාල ස්ථානයට ගොස් සිදු කරන ලද පරික්ෂාවකදී චෙම්මිණ සුසාණ භූමියට පිවිසෙන දොරටුව ආසන්නයේ සුදු පැහැති පොලිතීන් බෑගයක් තුළ අදාල අධිබැලැති පුපුරණද්‍රව්‍ය තොගය තිබී ඇත.
පසුව යාපනය අධිකරණ නියෝගයකට අනුව යුදහමුදාව සහ පොලිස් විශේෂකාර්ය බලකාය විසින් අදාල පොලිතීන් බෑගය පරික්ෂා කිරීමේදී බෑගය තුළ තිබී අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 02 ක්, සේවානූල් මීටරයක් සහ විදුලි නොවන ඩෙටනේටර් 02 ක් තිබී සොයාගනු ලැබීය.
අදාල බෑගය ඊයේ (07) රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් ගෙනවිත් එම ස්ථානයට දමන්නට ඇති බවට ආරක්ෂක අංශ විසින් සැක පල කරන අතරම බෑගය සුසාන භූමිය අසලට රැගෙන ආ අය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
සොයාගත් අධිබලැති පුපුරණද්‍රව්‍ය අදාල ස්ථානයට රැගෙන ආවේ කුමන අරමුණක් සඳහාද යන්න පිළිිබඳවත් රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න පිළිබඳවද ආරක්ෂක අංශ විසින් පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.
COMMENTS
අපිට මේ කතන්දර දැන් හොඳට පුරුදුයි. දැන් රටේ කවුරුත් දන්නවා පාස්කු ප්‍රහාරය පිටුපස සිටි ම්ලේච්ඡ පවුල කවුද කියලා. රටේ මිනිස්සුන්ගේ අවධානය වෙනත් අතකට යොමුකරන්න කරපු " රජයේ මැජික් " එකක් පමණයි මේ. ඔය පාස්කු ප්‍රහාරය පිටුපස සිට මෙහෙයවපු මිනීමරුවන් රැලම මියයන තුරුම එල්ලා තැබිය යුතුයි.