
(සිතුම් චතුරංග)
යාපනය මැතිවරණ කොට්ඨාසයේ අපේක්ෂකයින්ගේ මනාප ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ අද (7) අලුයම පක්ෂ ආධාරකරුවන් දෙපිරිසක් අතර උණුසුම් තත්වයක් හට ගැණිනි.
ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය නියෝජනය කළ එම්.ඒ සුමන්තිරන් මහතාගේ ආධාරකරුවන් පිරිසක් හා අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයේ ආධාරකරුවන් අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුවූ බව යාපනය පොලිසිය පවසයි.
මනාප ගණන් කිරීම සිදුවන අවස්ථාවේ සුමන්තිරන් මහතා පරාජය වී සිටි බවත් දෙවනවර ගණන් කිරීමේදී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා සුදුසුකම් ලැබීම සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් මෙම ගැටුමට හේතු වී ඇති බව පොලිසිය පවසයි.
ගැටුම හටගන්නා අවස්ථාවේ තත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් කැරලි මර්දන ඒකකය ද යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කැඳවීමට සිදුවිණි.
විශේෂ කාර්ය බළකා සෙබලුන් හා පොලිසිය මැදිහත්ව පිරිස දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියෙන් ඉවත්කිරීමට පියවර ගත් අතර තත්වය සමතයකට පත්කිරීමට ක්‍රියාකළේය.
ගැටුම හේතුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හි ස්ථාපිත කර තිබූ තාවකාලික කූඩාරම් හා පුටු ඇතුළු දේපළ කිහිපයකට ද හානි සිදුව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



2025 දෙසැම්බර් මස 16
75
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යාපනයේ පක්ෂ ආධාරකරුවෝ ගුටිබැට හුවමාරුවක
anura Friday, 07 August 2020 12:32 PM
රට පුරාම පක්ෂ විපක්ෂ මහජනතාව හා නියෝජිතයන් ඉතා සාමකාමීව හා සීලාචාර ලෙස ඡන්ද අයිතිය භාවිතා කරා ඔය ස්ථානයේ හැර. ඔය අයගේ හැසිරීම ඉතා ලැජ්ජා සහගතයි.