(ඉන්දිකා රාමනායක)
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇති බව යුද හමුදාව කියයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (9) මෙම පත්වීම සිදුකර ඇත.
බදවා ගැනීමේ පාඨාමාලා අංක 19 යටතේ 1984 මාර්තු මස 05 වැනි දින යුද හමුදාවට එක්ව ඇති ඒ මහතා 1985 නොවැම්බර් මස 16 දින අධිකාරියට පත්ව ඇත.
ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා වන්නි මානුෂීය මෙහෙයුමේදී 58 වැනි සේනාංකයට අණදෙමින් ත්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂීය මෙහෙයක් ඉටුකළ දක්ෂ නිලධාරියෙකි.
ඒ මහතා වීරවික්‍රම විභූෂණය, රණවික්‍රම, රණශූර, උත්තම සේවා ඇතුලු පදක්කම් රැසකින් ද පිදුම් ලබා ඇත.
COMMENTS
සුබ පැතුම්...!!!
සුදුස්සාට සුදුසු තැන...!
මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට ආඩම්බරයකි.. ඔහු විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකි...
රටේ නම බටහිර දියුණු ජාතින් ඉදිරියේ තවතවත් හෑල්ලු වෙන වැඩ මෙව්වා..
නිර්භීත, අවංක, විරෝදාර නිලදරුවාට අපගේ සුබ පැතුම්...!!!
ඉතාමත් හොඳ පුවතක්...
අපේ සිරිසේන මහත්තයා ජාත්‍යන්තරයට බය නැහැ වගේ...
ප්‍රායෝගික දැනීමක් ඇති හොඳ නිලධාරියෙකි. හොඳටම සුදුසුකම් ඇත. පන්දම් ඕනෑම නැත...
මෑත යුගයේ රජයේ නිලධාරීන් පත්කිරීම් අතුරෙන් විශිෂ්ටම පත්කිරීමක්... ශවේන්ද්‍ර සිල්වා මැතිතුමනි, ඔබට තෙරුවන් සරණින් සුබ අනාගතයක්...!!!
මොහු යුද හමුදාපති වුනොත් හමුදාවට සාම සාධක මෙහෙයුම් සදහා පවා යන්න වෙන එකක් නැහැ. මේකේ බරපතලකම ජනාධිපතිවරයා තේරුම් ගෙන, වත්මන් යුද හමුදාපතිට තවත් සේවා දිගුවක් ලබාදිය යුතුයි.
වත්මන් හමුදාපතිට තවත් සේවා දිගුවක් ලබාදීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. නැත්තම් මෙම යුද අපරාධ චෝදනා එල්ල වී ඇති තැනැත්තා හමුදාපති වී, අපගේ සෙබළුන්ට පුහුණුවකටවත් විදෙස් රටක වීසා නොලැබීමේ දැඩි අවදානමක් ඇත...
වැඩි දවසක් යන එකක්... මෙතුමාටත් පරගැති අාණ්ඩුවේ සහයෙන් යුද අපරාධ චෝදනා කරාවි... සම්පන්දන් අැතුලු නඩය සහ ඩයස්පොරාවෙ අගමැති අැතුලු පිරිස..
ජයවේවා....!!!!
එළ කොල්ලෙක්... අපේ ශවේන්ද්‍ර මල්ලි...
හැම කෙනාගේම ගැලවිජ්ජාව බවට පත් කරගෙන ඇති "රණවිරුවන් දන්ගෙඩියට දක්කනවෝ" නාටකය පටන්ගන්න රංගභූමිය සකස් කරන්න පටන් අරගෙන වගෙයි පෙනෙන්නේ.
සිල්වා වැඩකරුවෙක් කල ෙෆාන්සේකා !
රණ විරුවාෙණනි, ඔබට සුබපැතුම් !!!
ශවේන්ද්‍ර සිල්වා ඉතා හොඳ විනයගරුක නිලධාරියෙක්. ඔහු අතින් සිදුවී ඇති වරදවල් ඉතා සුළු හා නොසැලකිය හැකි මට්ටමේ ඒවා. ඔහු කනිෂ්ට නිලධාරීන්ට හොඳ ආදර්ශයක් වෙන බව ඉතා පැහැදිලියි.
ඉක්මනටම ඒ තනතුර දුන්නු එක හොඳයි.
ජනාධිපතිවරණයෙන් බැරි වුනොත් හමුදා ආණ්ඩුවක් හරි හදයි 2020. සිරිසේන ඒක හදයිද? ගෝඨා හදයිද කියන එක කාලය විසඳයි.
මෙතුමාට විරුද්ධව චෝදනා තිබෙනවා නේද? එම චෝදනා සොයා නොබලා මෙසේ පත් කිරීම හරිද?
මේ තනතුර ලැබීමට වඩාත්ම සුදුස්සා මොහුද ? මෙය අපේ රටේ හමුදා පාලනයක් ඇති කිරීමේ තවත් සැලසුමක් වෙන්න බැරිද?
බණ්ඩාර මහතා ඔබ ශ්‍රී ලාංකිකයෙක් කියලා කියන්න එපා. ඔබ සිංහලයෙක් නේද ලජ්ජා වෙන්න ඕනි එතුමා වගේ විශිෂ්ට රණවිරුවෙකුට ඔහොම කීවට.
ඔබ තුමාට අපගේ උපහාරය
ජනාධිපති තුමාගේ ඉතා හොද තීරණයක්. ශ්‍රවේන්ද්‍ර ඔබගේ නිර්බිත කමටත් නිවැරදි නායකත්වයත් අපි ඔබට ආචාර කරමු.
ජනපති පත් කළා නම් මේක හරි තීරණයක් වෙන්න බෑ. අපි දැක්කනේ එයාගේ වැඩ පහුගිය දවස්වල...
මට මේක විශ්වාස කරන්නත් අමාරුයි. මෙතුමා යුධ වීරයෙක්. එහෙම අයට දැන් කොහොමද සුදුසු ස්ථානයක් ලැබෙන්නේ.
අපගේ උත්තමාචාරය !!!