(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යුද හමුදා කැලෑ ඇඳුම්වලට සමාන රෙදි තොගයක් ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් වීදියේ රෙදි අළෙවිසැලක සඟවා තිබියදී වෙළඳසැලේ හිමිකරු සමඟ අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු බවත් ඔහු ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් වීදියේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය කියයි.
වෙළදසැලේ තිබී රෙදි රෝල් 23 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බව පොලිසිය කීය.
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය ලද තොරතුරක් අනුව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව සිදුකළ වැටලීමේදී මෙම රෙදි තොගය සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd