(ඉන්දිකා රාමනායක)
උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල 2009 වසරේ සිට මේ දක්වා යුද හමුදා පරිහරණය කළ ඉඩම් අක්කර 69754.59 ක ප‍්‍රමාණයක් මේ වනවිට නිදහස් කර ඇති බව යුද හමුදාව පවසයි.
2009 වසරේ මැයි මස 18 වැනි දින සිට යුද හමුදාව විසින් ඉඩම් අක්කර 84523.84 ක පරිහරණය කර තිබූ බවත් ජාතික ආරක්ෂාවට හානියක් නොවන අයුරින් ඉහත ඉඩම් ප‍්‍රමාණය නිදහස් කළ බවද හමුදාව සඳහන් කරයි.
2018.නොවැම්බර් මස 25 වැනි දින දක්වා කාලය තුළ මෙම ඉඩම් නිදහස් කර ඇති බවත් මේවා පුද්ගලික හා රජයේ ඉඩම් බවද උසස් හමුදා නිලධාරියෙක් කියා සිටියේය.
2009 වසරේ සිට හමුදාව යාපනය දිස්ති‍්‍රකයෙන් ඉඩම් අක්කර 25202.88 ක ප‍්‍රමාණයක් ද, කිලිනොච්චි 25948.49 ක ප‍්‍රමාණයෙක් ද, මුලිතිව් හි 11911.18 ක ප‍්‍රමාණයක් ද, මන්නාරමෙන් 2302.30 ක ප‍්‍රමාණයක් ද, වව්නියාවෙන් 7331.47 ප‍්‍රමාණයක් ද, ති‍්‍රකුණාමලයෙන් 1859.65 ක ප‍්‍රමාණයක් ද, මඩකලපුවෙන් 1592.29 ක ප‍්‍රමාණයක් ද, අම්පාරෙන් 8375.58 ක ප‍්‍රමාණයක් යුද හමුදාව විසින් පරිහරණය කර තිබුණි.
ඒ අතරින් නිදහස් කළ ඉඩම් අතර යාපනය දිස්ති‍්‍රකයෙන් අක්කර 22496.09 ප‍්‍රමාණයක් , කිලිනොච්චි වලින් 24396.29 ක ප‍්‍රමාණයක් ද, මුලතිව් වලින් 7126.69 ක ප‍්‍රමාණයක් ද, මන්නාරමින් 885.74 ක ප‍්‍රමාණයක් ද , වව්නියාවෙන් 6250.24 ක ප‍්‍රමාණයක් ද, ති‍්‍රකුණාමලයෙන් 98.18 ක ප‍්‍රමාණයක් ද, මඩකලපුවෙන් 1040.54 ක ප‍්‍රමාණයක් ද, අම්පාරෙන් 7460.82 ක ප‍්‍රමාණයක් ද වන බව එම උසස් හමුදා නිලධාරියා කියා සිටියේය.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් නිදහස් කළ තවත් ඉඩම් අක්කර 263.55 ක ප‍්‍රමානයක් 2018.12.31 වැනි දින ට පෙර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් නිදහස් කිරීමට නියමිත ඇති බවද හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
2025 දෙසැම්බර් මස 18
675
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද හමුදාව උතුරේ ඉඩම් අක්කර 69754.59ක් නිදහස් කරලා
naradha Monday, 17 December 2018 05:12 PM
ප්‍රශංසනීය පියවරක්...
Bamunuarachchi Tuesday, 18 December 2018 01:12 AM
තව ටික දවසකින් උතුර නැගෙන හිර සම්පුර්ණයෙන්ම නිදහස්වී නිජභූමි සංකල්පයට දෙවි. ඉඩම් පමණක් නොවෙයි සිංහලයින් මරපු ත්‍රස්තයින් බුරුතු පිටින් නිදහස් වේවි.