අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාව එළිදැක්වීම අද (13) කොළඹ පදනම් ආයතනයේ දී සිදුකෙරිණි.
යුතුකම සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා මෙම යෝජනා මාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනැම සිදුකෙරිණි.
ආචාර්ය ගුණදාස අමරසේකර , නීතිඥ මනෝහර ද සිල්වා යන මහත්වරු විශේෂ ඇගයීමකට ලක් කරමින් සමරු තිලිණ පිරීනැමීමක්ද මෙහිදී සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මහාසංඝරත්නය , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි,එල්.පීරිස් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
යුතුකම සංවිධානයෙන් ව්‍යස්ථාව සඳහා යෝජනා මාලාවක්
siri Thursday, 13 February 2020 06:08 PM
මාධ්‍ය ආයතනයක මහත්තයෙකුත් ඉන්නවා පෙනුනා. අපක්ෂපාතී මාධ්‍ය සධාචාරය හොඳට රකිනවා ඇති. මීට කලිනුත් එක්තරා "ලොකු ස්වාමින්වහන්සේ" නමක් සුගතදාස පිට්ටනියේ දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක් පවත්වලා ඔයවගේ රට, ජාතිය ආගම සුරකින්න කරුණු කාරනා ඇතුලත් ලොකු සන්දේශයක් බාරදුන්නා අපි දැක්කා.
Aris Thursday, 13 February 2020 06:51 PM
මොනවද දන්නේ නැහැ තියෙන්නේ?
Nishan Thursday, 13 February 2020 10:25 PM
යෝජනා බාර දෙන්න ඕන ව්‍යවස්ථාව හදන පාර්ලිමේන්තු සභාවකට නේද? ඔය මොන යෝජනා ගෙනාවත් පාස් කරන්න තුනෙන් දෙකක් එපැයි.
Saman Friday, 14 February 2020 12:36 AM
ජයවේවා, අවශ්‍යයෙන්ම සිදුවිය යුතු දෙයක්.
sigithi Friday, 14 February 2020 12:44 AM
කාලෙට උචිත ඉතාම හොද වැඩක් . අපේ රටට සියලු දෙවි රැකවරනයි. ඔබ සියලු දෙනාටමත් සියලු දෙවි රැකවරණ ලැබේවා , එම්සිසි ගිවිසුම අත්සන් කිරීමට ඉඩ නොදෙනු මැනවි නම් යෙහෙකි .ජයවේවා .
abburasa Friday, 14 February 2020 01:08 AM
ඕ ලෙවල් පාස් නොවී ආචාර්ය පදවි ගැනීම සඳහා නීති වෙනස් කිරීමේ යෝජනාවකුත් ඕකට අඩංගුද ගෙවිඳු මහත්තයෝ...
දිමුත් Friday, 14 February 2020 04:32 AM
ඡන්දෙ ගන්නකන් විතරයි.
max Friday, 14 February 2020 05:00 AM
ජාතිකත්වය පෙරදැරිව, රට ගැන අවංක හැගීමෙන් වැඩ කරන මේ පිරිසගේ අදහස් පිලි ගැනීම රටේ අභිවෘධියට හේතු වනු ඇත.
wimal Friday, 14 February 2020 05:53 AM
රටට අවශ්‍ය දෙයක් ඉතා වැදගත්. ජයවේවා. ලංකාවේ කොහොම හරි සිංහල එකමුතුව හදන්න ඕන. පසුව රටේ දියුණුවට හොදය.
athula Friday, 14 February 2020 03:57 PM
මෙයා 2009 ට පෙර නම් අපි දන්නේ නැහැ, මෙයාගේ බොහෝ වැඩසටහන් සාකච්ඡා මා නරඹා තියෙනවා අනේ පුද්ගලයට ගරු නොකරන හැසිරෙන්න වත් දන්නේ නැති කෙනෙක්.
බද්රානි Friday, 14 February 2020 07:58 PM
මෙයා ලංකර ගත්තොත් ඉතින්, ගෝඨාභය මහත්තයටත් දෙයියන්ගේම පිහිටයි.