(ඩයනා උදයංගනී)

ප්‍රධාන මාර්ගයේ යාගොඩ සහ වදුරව අතර දුම්රිය ස්ථානවල නැවත දැනුම් දෙනතුරු දුම්රිය නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ගම්පහ, දාරළුව, බෙම්මුල්ල, මගලෙගොඩ,හීන්දෙණිය පට්ටියගොඩ, වේයන්ගොඩ යන දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.

කොරෝනා අවදානම සහිත ප්‍රදේශවලින් මගීන් දුම්රියට ගොඩවීම වැළැක්වීමේ අරමුණින් එම තීරණය ගත් බව පොල්වත්තගේ මහතා සඳහන් කළේය.