



(කාංචන කුමාර ආරියදාස)
ශ්‍රීලංකාවට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයෝ 45 දෙනෙකු අද (18) දින දහවල් සීගිරිය නැරඹීම සඳහා පැමිණ සිටියහ.
උදයංග වීරතුංග මහතා ඇතුළු මෙම කණ්ඩායම සීගිරියට පැමිණ තිබුණු අතර මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් මෙම යුක්රේන් ජාතික සංචාරකයෝ මහත් හරසරින් පිළිගෙන ගනු ලැබූහ.
බස් වලින් කීපයකින් සීගිරියට පැමිණි විදේශීය සංචාරකයන් හට පොලිසිය සහ යුද හමුදාවේ පූර්ණ ආරක්ෂාව ද සපයා තිබිණි.
සංචාරක පිරිස සඳහා ආරක්ෂාව සැපයීමට පැමිණ සිටි පොලිසිය යුද හමුදාව මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල කණ්ඩායම ද ආරක්ෂිත ඇඳුම් වලින් සැරසී පිරිසට පහසුකම් සැපයීම සඳහා ක්‍රියා කරනු ලැබූහ.
සීගිරියට පැමිණි යුක්‍රේන සංචාරක කණ්ඩායම මුලින්ම මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි කෞතුකාගාරය නැරඹීම සඳහා පිටත්ව ගිය අතර ප්‍රවේශපත්‍ර ලබා ගැනීමෙන් පසුව මෙම කණ්ඩායම කණ්ඩායම් දෙකකට බෙදී මගපෙන්වන්නන් දෙදෙනෙකුගේ සහයෝගය ඇතිව සීගිරි ජල උද්‍යානයේ මෙන්ම සීගිරි උද්‍යානයේ ද නැරඹීම සිදු කරන්නට වූහ.
COMMENTS
හරිම සන්තෝෂයි...
ආරක්ෂාවට පොලීසිය, හමුදාව දාලා 45 දෙනෙක් ගෙන්නලා වියදම් කීයද? ආදායම් කීයද? අපි දන්න යුක්රේන් රටනම් බොහෝම දුප්පත්...
එක රට, එක නීතිය කියන ආණ්ඩුවේ ජාත්‍යන්තර රතු වරෙන්තුකාරයෙකුට තියන නිදහස...
මට තියෙන ප්‍රශ්නේ... ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් වෙලා අපරධකාරයෙක් හැටියට නම් වෙච්චි කෙනෙක් මහජන මුදල් අවභාවිතය වැනි චෝදනාවලට ලක්වෙච්ච කෙනෙක් මේ තරම් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වගේ වැඩ කරන්නේ කොහොමද? හරක් රංචුවට මේවා තේරෙන්නේ නැහැ. මොකද ඒ අය හරක් නිසා.