(යොහාන් භාසුර)
දුම්රිය ධාවනය බ්‍රහස්පතින්දා (21) සිට ආරම්භ කිරීම සඳහා දන්වා තිබූ මෙහෙයුම් කාර්ය මණ්ඩල කැඳවීම අද පෙරවරුවේ අවලංගු කර නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
දුම්රිය ධාවනය බ්‍රහස්පතින්දා සිට නැවත ආරම්භ කිරීමට කාලසටහන් සකස් කර සියලුම කටයුතු සම්පූර්ණ කර තිබුණ ද නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය නොවෙන්නේ යැයි ප්‍රධාන මෙහෙයුම් කණ්ඩායමක් වන දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බව ද ඔහු කීවේය.
මෙම අවලංගු කිරීමට හේතුවක් සෞඛ්‍ය ගැටලුවක්ද? එසේ නැත්නම් වෙනයම් ගැටලුවක්ද? යන්න සොයමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.
දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩල ප්‍රමුඛ මෙහෙයුම් කටයුතුවලට අදාල කාර්ය මණ්ඩල අද (19) පස්වරුවේ සිට රාජකාරි ස්ථානයට වාර්තා කළ යුතු බවට මීට පෙර දැනුම්දී තිබූ බවත් අද පෙරවරුවේ හදිසියේම එම සේවක කැඳවීම නැවත දැනුම් දෙනතෙක් අවලංගු කර ඇති බවත් කසුන් චාමර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොන්මම වහල දායිද දන්නේ නෑ .මොකෝ දිව්වත් කොයි වෙලේ වැඩවර්ජනද දන්නේ නැනේ
මේ සඳහා පොදු පෞද්ගලික අයිතිය පිළිබඳ ආදර්ශය භාවිතා කරන්න
මේ යන විදියට නැවත ගල් අඟුරු එන්ජින් සහ වාෂ්ප එන්ජින් ගෙන්නන්න වෙයි වගේ.
ඒකත් බංකොලොත් කර ඉවරයක් කරලා දායි වගේ
සරලම හේතුව තෙල් නෑ. ඒකයි.
හේතුව රටේ ඉන්ධනත් නැහැ, තව ගෙන්නන්න සල්ලිත් නැහැ.
අපි තමයි හොඳටම කරේ. හොඳටම දුන්නා වැඩේ ජනතාවට මතක හිටින්නම.
ප්‍රමාණවත් ඉන්ධන නොමැතිව දුම්රිය මාර්ග නඩත්තු කළ නොහැක. මෙහෙ අහිංසක මිනිස්සු රවට්ටන්න එපා.