
(රොමේෂ් මධුෂංඛ)
යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින රාජ්‍ය නොවන සංවිධානයකට අයත් පිරිසකට, පොළව හාරන අවස්ථාවකදී යුද හුමදා නිලඇඳුම් හා අස්ථියක කොටසක් හමු වී ඇති බවට පලෙයි පොලීසිය පවසයි.
මුහමාලෙයි ප්‍රදේශයේ වළ දමා ඇති බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින හාලෝ ට්‍රස්ට් නැමති සංවිධානයේ සාමාජිකයින් පොළව හාරන අවස්ථාවේ දී එම ද්‍රව්‍ය සොයාගෙන ඇත.
අදාළ ස්ථානයට ගිය පලෙයි පොලිස් නිලධාරීන් එම ස්ථානයේ වැඩිදුර කැණීම් කර ඇති අතර එහිදී යුද හමුදා නිලඇඳුමට සමාන වූ නිල ඇඳුම් කොටස් කිහිපයක්, පූචස් එකක් මෙන්ම එක් අස්ථියක කොටසක් ද හමු වී ඇත.
අනතුරුව හමු වූ අස්ථි කොටස් වෛද්‍ය පරීක්ෂණයක් වෙනුවෙන් යොමු කර ඇති අතර අදාළ ස්ථානය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු කරන බව පලෙයි පොලීසිය වැඩිදුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොමත් හරි, ඔන්න ඔය පූචස් එක තමයි ප්‍රශ්නේ....
ඕක ඔච්චරකල් තියාගන්න බැහැ... ඒක වෙන්න බැරි වැඩක්..