මධ්‍යවාර මැතිවරණය ජය ගනිමින් ඇමෙරිකන් ඉතිහාසයේ පළමු කළු ජාතික කාන්තා ආණ්ඩුකාරවරිය වීමට ඩිමොක්‍රටික් පක්ෂිකා කීෂා ලාන්ස් බොටම්ස් සමත් වූවාය.

ඇට්ලන්ටා නගරයේ හිටපු නගරාධිපතිනියක වන ඇය, ජෝර්ජියා ප්‍රාන්ත ආණ්ඩුකාර ධුරය සඳහා පැවැති මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ කෝටිපති ව්‍යාපාරික රික් ජැක්සන් පරාජයට පත් කරමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය හිමිකර ගත්තාය.

ඇගේ මෙම ජයග්‍රහණයත් සමඟ අමෙරිකානු ප්‍රාන්ත ආණ්ඩුකාර ධුරයක් සඳහා කළු ජාතික කාන්තාවක පත් නොවූ වසර 250 ක ඇමෙරිකානු ඉතිහාසය නිමාවට පත්වීම ද විශේෂත්වයකි.