(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දැන් තෙල් පෝලිම් ගෑස් පෝලිම් වලට ටින් පෝලිමත් එකතු වී ඇතැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පරිපූරක ඇස්තමේන්තුවේ තෙල් වලට සහනයක් දීම ගැන කාගෙවත් නොසතුටක් නැහැ.හැබැයි පටන් ගන්නකොට කිව්වේ නැවෙන් බාන ගානට තෙල් දෙනව කියලා.ඒක ප්‍රායෝගික නැතැයි දැන් ඇමතිවරයා කියනවා.ප්‍රායෝගික නෑ කියලා අපිට කියන්න එපා. ජනාධිපතිතුමාට කියන්න.බාන ගානට තෙල් දෙනවා කියලා පොරොන්දු වුනේ ජනාධිපතිතුමා.ඒ වගේම ජනාධිපතිතුමාට රැස්වීම් වලට යනකොට කියන්න ඕන දේවල් ලියලා දෙන්න.කිසිම බද්දක් වැඩි කළේ නැතැයි ජනාධිපතිතුමා පහුගිය දවසක පැවසුවා.පාසල් ලිපි ද්‍රව්‍යවලට, බෙහෙත් වලට, අත්‍යවශ්‍ය ආහාර වලට වැට් ඉවත් කරනවා යැයි බලයට එන විට නම් කිව්වා.හැබැයි බදු ඉවත් කළේ නෑ. බද්ද වැඩි කළා.කලින් වැට් ගසා නොතිබූ ඒවටත් වැට් ගැහුවා. අහිංසක මිනිස්සුන්ගේ ගිණුම් වලින් එන පොලියටත් බදු ගැහුවා.වාහන වල බදු වැඩි කළා. අයි.ටී උපදේශන සේවාවලට බදු ගැහුවා.
ආවෙ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටල් කරනවා කියලා.දැන් තෙල් පෝලිම් ගෑස් පෝලිම් වලට ටින් පෝලිමත් එකතු වෙලා.සිස්ටම් එක හදාගන්න බැරුව ඒ පීඩනයත් ජනතාව මත පැටවෙනවා නම් ඒක නොකර ඉන්න ඕන.කරන්න ලෑස්ති වෙනවා නම් ඒ සඳහා යටිතල පහසුකම් ටික හදන්න ඕන යනුවෙන්ද මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd