(නාලක සංජීව දහනායක)
පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල හිඟව පවතින මහපොළ සහ ශිෂ්‍යාධාර මුදල් ලබන සඳුදා වනවිට ගෙවීමට රජය තීරණය කර ඇත.
එහිදී දේශන සඳහා පැමිණීමේ දින සියයට අසූව සම්පූර්ණ කර නොමැති සිසුන්ට මහපොළ ශිෂ්‍යත්වය ලබාදීම, ශිෂ්‍යාධාර හා මහපොළ අරමුදල සම මට්ටමට ගෙන ඒමටද රජය තීරණය කර තිබේ.
මහපොළ අරමුදල හා ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මූලික කරගනිමින් සරසවි සිසුහු අද (09) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරවූහ.
ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න මහතා හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් විරෝධතාවයේ නිරත සරසවි සිසුන් සමඟ සාකච්ඡාවක නිරත වූ අතර එහිදී මෙම එකඟතාවයන්ට එළඹි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
එමෙන්ම සබරගමුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ඇති ගැටලූ විසඳීම, ශිෂ්‍යාධාර පිරිනැමීමේදී සලකා බැලෙන දෙමාපිය ආදායම රුපියල් ලක්‍ෂ 7 දක්වා වැඩි කිරීම, වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් සිසුන් ඉදිරිපත් කළ යෝජනාවලට කඩිනමින් විසඳුම් ලබාදීමට එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.
එම සාකච්ඡාවේදී සාකච්ඡා කළ කරුණු සිසුන්ට ලිඛිතව ලබාදීමට නිලධාරීහු එකඟවූ අතර පවතින ගැටළු සම්බන්ධයෙන් මසකට වරක් හෝ සති දෙකකට වරක් සිසුන් සමඟ සාකච්ඡා කිරීමටද එහිදී තීරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් සමඟ සාකච්ඡා කර තීරණයකට එළබෙන බවද ශිෂ්‍ය නියෝජිතයෝ සඳහන් කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් පෙරටුගාමී පක්ෂයෙන් වැඩක් නැහැ.
යාළුවො ටික ඔන්න අද බලාගන්න මේ අය තමා ජපුර පාලනය කළේ.
මේ කට්ටියට දෙන්න වෙන්න ඇති අර රජයේ ලොකු කට්ටියකගේ වැටුප් තාවකාලිකව අත්හිටවුයේ. තෙමෙන තැන් වලට තව කොච්චර කාලයක් වළං තිය තියන් ඉන්නද ? ඉක්මන් කරලා ඔය එම්.සී.සී එක අත්සන් කළොත් මොකද? දැන් මැදපෙරදිග අපේ අයටත් එහෙ ඉන්න බැරිව හෙට අනිද්දා එයාලටත් සළකන්න ඕනේ නිසා. එයාලා ඡන්දෙ දීලා දිනවලා ගිහින් තව මාස 2ක් වත් ගත වුනේ නැති නිසා යෝජනාවක් කළේ............
සියලුම විශ්ව විද්‍යාල සිසුන්ට මහපොළ ආධාර ගෙවන්න. දැනට සුදුස්සන් තෝරාගැනීමේ අඩුපාඩුකම් ගොඩක් තිබෙනවා.
කිසිම රජයකින් නොවුන දෙයක්. ජයවේවා !
ඒකත් ඉවරයි වගේ. දැන් සාකච්ඡා දෙන නිසා උද්ඝෝෂණය කරලා වැඩකුත් නැති තැනට වැඩ යෙදෙනවා.
මේ ඉන්නේ සිවුරු දාගත්ත විශ්ව විද්‍යාල කොල්ලන් වෙන්නැති... සියල්ලටම පෙර මොවුන්ගේ අනන්‍යතාවය සොයා බලන්න.
කාටද මෙයා මේ කොකා පෙන්වන්නේ? මහා ඡන්දෙ ඉවර වෙනකම් ඔහොම යන්...
හොඳට ප්ලෑන් කරලා ආණ්ඩුව වැඩේ කළා. නිකන් රැවටිලි වැඩ.