(මනෝප‍්‍රිය ගුණසේකර)
සුළු ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය සිද්ධීන් සම්බන්ධයෙන් දැනට රිමාන්ඞ් බාරයේ රඳවා සිටින සැකකරුවන්ට කොන්දේසි සහිත ඇප ලබාදීමට මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරන නීතීපතිවරයා මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්, මුදල් විශූද්ධිකරන්නන් ඇතුළු අපරාධකරුවන්ට මෙම මාර්ගෝපදේශ බලනොපැවැත්වෙන බවද වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් දැනට බන්ධනාගාරවල ඇති අවදානම් තත්වය සැළකිල්ලට ගනිමින් බන්ධනාගාරවල තදබදය අඩු කිරීම කෙරෙහි සැළකිලිමත් වන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කළ දැනුම් දීම සැළකිල්ලට ගනිමින් නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස දැනුම් දී ඇත.
දැනට රිමාන්ඩ් බාරයේ පසුවන සැකකරුවන් 13,000 කට අධික පිරිසෙන් සැකකරුවන් 8,000 ක්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ පසුවන බවත් මේ තත්වය හේතුවෙන් බන්ධනාගාර වල අධික තදබදයක් නිර්මාණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවකදී අනාවරණය වී ඇති අතර පසුව අදාළ තදබදය අඩු කිරීම සඳහා මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා නීතීපතිවරයාට කළ දැනුම් දීමකට අනුව නීතීපතිවරයා විසින් අදාළ මාර්ගෝපදේශ ඉදිරිපත් කරන ලදී.
නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ එම ලිපියේ පිටපත් අගවිනිසුරුවරයාට, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයාට සහ පොලිස් නීතී කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාටද යොමු කොට ඇත.
හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් 02 ට වැඩි සැකකරුවන්ට මෙම සහනය කිසිසේත් අදාළ නොවන බවද නීතීපතිවරයා අවධාරණය කොට ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරන නිලධාරී ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
රජයේ රස පරීක්‍ෂක වාර්කාව නිකුත් වී නොමැති අවස්ථාවකදී හෙරොයින් දළ බර ග්‍රෑම් 10-20 අතර ඇති මාස තුනකට වඩා වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටින සැකකරුවන්ටද හෙරොයින් දළ බර ග්‍රෑම් 05-10 අතර මාසයකට වඩා වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටින සැකකරුවන්ටද හෙරොයින් දළ බර ග්‍රෑම් 05 අඩු මාස තුනකට වඩා වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටින සැකකරුවන්ටද හෙරොයින් ශූද්ධ බර ග්‍රෑම් 01-02 අතර ඇති මාස තුනකට වඩා වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටින සැකකරුවන්ටද හෙරොයින් ශූද්ධ බර ග්‍රෑම් 01 අඩු මාසකට වඩා වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටින සැකකරුවන්ටද කොන්දේසි සහිත ඇප නියම කළ හැකි බව පෙන්වා දෙන නීතීපතිවරයා ගංජා කිලෝ ග්‍රෑම් 05 කට වඩා වැඩි මාසයකට වඩා වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටින සැකකරුවන්ටද ගංජා කිලෝ ග්‍රෑම් 05 කට වඩා අඩු සැකකරුවන්ටද කොන්දේසි සහිත ඇප නියම කළ හැකි බව පෙන්වා දී ඇත.
මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්ට, මුදල් විශූද්ධීකරණ චෝදනා ලබා ඇති සැකකරුවන්ට පුරුද්දක් ලෙස මත්ද්‍රව්‍ය වැරදි සිදුකරන පුද්ගලයින් මෙන්ම ලියාපදිංචි අපරාධකරුවන්ට මෙම සහනය ලබාදීමට නිර්දේශ නොකරන නීතීපතිවරයා ඇප මත මුදාහරින සැකකරුවන් සම්බන්ධයෙන් සමීප අධීක්‍ෂණයක් සිදුකරන ලෙස අදාළ ප‍්‍රදේශයේ පොලිස්ථානාධිපතිවරයාට උපදෙස් දෙන ලෙසද වැඩිදුරටත් දැනුම් දී ඇත.
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්ට නීතීපතිගේ මාර්ගෝපදේශය බලනොපැවැත්වේ
Wasantha Thursday, 09 April 2020 12:20 PM
පුනරුත්ථාපනය කරලා සමාජෙට දාන්න. නැත්තම් මෙයාල පුරුදු දේම කරනවා.
රවින් Thursday, 09 April 2020 12:30 PM
ලක්වැසියන්ගේ පුරුවේ වාසනාවකට තමා බලුකොටුවේ දොරවල් ඇරලා දැම්මේ. නැතිනම් ඔය නීති වලින් රිංගන්න බලුකොටු හිටපු කට්ටිය බලාගෙන ඉන්නේ.
de silva Friday, 10 April 2020 06:13 AM
ඕක ඔය කියන තරම් විශාල ප්‍රශ්නයක් නොවේ. අලුතෙන් එන කට්ටිය පරණ කට්ටියගෙන් වෙන්කරලා තිබ්බනම් ප්‍රශ්නයක් නැහැනේ. අනිත් කාරණය කුඩුකාරයන්ව නම් එළියට දමන්න එපා.
Saumya Friday, 10 April 2020 04:46 PM
උසාවි නිවඩු තියේද්දි ද ඇප දෙන්නේ... ?
Hasitha Saturday, 11 April 2020 04:39 AM
මමනම් කියන්නේ ඔක්කොම මිනිස්සු කුඩුකාරයා, ගංජාකාරයා කියලා කොන්කරන්නෙත් මේ අපෙ සිංහලයමයි. මම නම් කියන්නෙ අවවාද කරලා ඕව කරාම තියෙන බරපතල කම් තෙරුම් කරලා සහනයක් ලබා දුන්නොත් එයාලා හැදෙන්න ඉඩ තියනවා.