IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මහින්ද හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක්

රොමේෂ් ධනුෂ්ක සිල්වා

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකු අතර රටේ පවතින තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මේ වන විට විජේරාම පිහිටි නිල නිවසේ දී පැවැත්වේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නාවික හමුදාපතිවරුන් වන වසන්ත කරන්නාගොඩ, මොහාන් විජේවික්‍රම, හිටපු යුද හමුදාපතිවරුන් වන දයා රත්නායක, ජගත් ජයසුරිය, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය යන මහත්වරුන් එම අවස්ථාවට එක්ව සිටිති.

මීට අමතරව එම සාකච්ඡාව සඳහා වාසුදේව නානයක්කාර, ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ, ජී.ඇල්. පීරිස්, බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටිති.



අදහස් (18)

මහින්ද හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක්

Chandana Sunday, 28 April 2019 02:07 PM

බොරදියේ මාළු බාන්න වෙන්නැති. බලයට ඇති කෑදරකම තමයි.

:       714       1133

මිගිදාSunday, 28 April 2019 03:29 PM

දැන් හොඳටම පැහැදිලියි. මෙයයි මලයයි බලා හිටියේ ඕවා වෙනකල්. ආණ්ඩුවත්, විපක්ෂයත් දන්නවා මේ ප්‍රහාරය ගැන. දැන් මහින්ද හදනවා වීරයා වෙන්න නඩේ කිට්ටු කරගෙන... ලැජ්ජයි මහත්තයෝ. අශ්වයා යන කල් හිටියා ඉස්තාලෙ වහන්න. ඔය විදිහේ අප්‍රසන්න දේ කරන්න එපා ඡන්දෙ ගන්න...

:       101       605

නුවන් වික්‍රමසිංහ Sunday, 28 April 2019 04:55 PM

විපක්ෂයේ වගකීම තමයි මේ අමාරු අවස්ථාවේ රඡයට සහයෝගය දෙන එක. මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාවේ කැඳවා තියෙන්නේ ඔහුත් සමග 30 වසරක බිහිසුණු යුද්ධය අවසන් කරන්නට උරදුන් ඔහුට විශ්වාස පිරිසක්. ඔබ පතන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ සිටි කාලයේ තිබූ නිදිබර විපක්‍ෂයක්ද එසේත් නැතිනම් ආර්. සම්බන්ධන් මහතා වගේ ආණ්‌ඩුව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින විපක්‍ෂයක්ද? මහින්ද රාජපක්ෂ මහතා තවම කවුරුද යන්නවග ඔබ විසින් තවමත් වටහා ගැනීමට නොහැකි වූ බව පෙනේ...

:       0       0

නුවන් වික්‍රමසිංහ Sunday, 28 April 2019 04:55 PM

විපක්ෂයේ වගකීම තමයි මේ අමාරු අවස්ථාවේ රජයට සහයෝගය දෙන එක. මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාවේ කැඳවා තියෙන්නේ ඔහුත් සමග තිස් වසරක බිහිසුණු යුද්ධය අවසන් කරන්නට උරදුන් ඔහුට විශ්වාස පිරිසක්. ඔබ පතන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ සිටි කාලයේ තිබූ නිදිබර විපක්‍ෂයක් ද එසේත් නැතිනම් ආර්. සම්බන්ධන් මහතා වාගේ ආණ්‌ඩුව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින විපක්‍ෂයක්ද? මහින්ද රාජපක්ෂ මහතා තවම කවුරුද යන්න වග ඔබ විසින් තවමත් වටහා ගැනීමට නොහැකි වූ බව පෙනේ.

:       0       0

sirimal Sunday, 28 April 2019 02:08 PM

මේ වෙලාවේ සියලුදෙනාම එකතුවී මේ විපතෙන් රට ගලවා ගන්න උත්සාහ කරනවා වෙනුවට ගිනිගත්ත රැවුලෙන් සුරුට්ටු පත්තු කරන්න හදනවා වගේ. ලැජ්ජයි.

:       311       626

RaveendraSunday, 28 April 2019 02:19 PM

ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. ඌරෝ රබන් ගහනකොට මී හරකුන්ට මගුල්ලු..

:       14       146

chandima Sunday, 28 April 2019 03:17 PM

එක නේන්නම්, මේ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අරන් ගෝලීය ත්‍රස්තවාදේ නැති කරන්න හදන වෙලාවේ මේ මොනවා කරනවද මන්ද?

:       106       184

cham Sunday, 28 April 2019 02:22 PM

ඉස්සර නම් විපක්ෂය තොප්පිගල කියන්නේ ලොකු කැලයක්, යුද්ධ කරන්න ඕනේ ගොනෙකුට පුළුවන්. මැදවච්චි - කිලිනොච්චි වගේ දේවල්...

:       219       431

සෙනෙවි Sunday, 28 April 2019 02:25 PM

මෙතුමා වෙනම අාණ්ඩුවක් දාලද සෙල්ලං කඩ දානවා වගේ? හදිසි වෙන්න එපා මලයත් නැහැනේ ඔතන...

:       117       493

H. Ranasinghe Sunday, 28 April 2019 02:37 PM

රටට ආදරේට සාකච්ඡා කරනවානම් කරන්න ඕන දැනට ක්‍රියාකාරී ආරක්ෂක නිලධාරීන් එක්ක.. පරණ සෙට් එක ගෙනල්ල ඔය කරන්නේ ගේමක් ගහල දේශපාලන වාසියක් ගන්න වැඩක්...

:       0       0

Thilina Sunday, 28 April 2019 03:11 PM

අපේ මිනිස්සුන්ගේ කුහකකම නිසා තමයි අපිට මෙහෙම වුනේ.. මේ වෙලාවේ යුද්ධයක් අවසන් කරපු නායකයන් විදිහට තමන්ගේ වගකීම අරගෙන රටට අවශ්‍ය දෙයක් කරද්දීත් පාට කණ්ණාඩි දාපු මිනිස්සු කරන්නේ අපහාස කරන එක.. මේ මිනිස්සුන්ට තියෙන්නේ එදා කළා වගේ අද ආරක්ෂක හමුදාව කරන දේවල් සමච්චලයට ලක් කරන්නයි. එතකොට සතුටු වෙයි.

:       727       1054

Athula Sunday, 28 April 2019 04:31 PM

කෝ අවශ්‍ය ම ආරක්ෂාව ගැන දන්නා මහා ප්‍රඥයා සරත් ෆොන්සේකා ඔහු නැති ඕක හරියට මනමාලි නැති මගුල් ගෙය වගේලු..... ඔකේ ඉන්නේ යුද ජයග්‍රහණයෙන් පිම්බුණ පුස්වෙඩි

:       0       0

නුවන් වික්‍රමසිංහ Sunday, 28 April 2019 05:20 PM

හරියටම හරි තිළිණ, ඔබගේ අදහසට මම 100% එකඟයි. මෙවැනි කුහක සිංහල බෞද්ධ සමාජය නිසා තමයි අපි එකතැන පල්වෙන ජාතියක් වෙලා තියෙන්නේ. සුදුස්සා සුදුසු වැඩේ කරද්දී රට පැත්තක තියල තමන්ට ලාභ ප්‍රයෝජන ලැබෙන ආණ්ඩුවට කොන්දේසි විරහිතව කඩේ යනවා. ලැජ්ජයි!

:       0       0

athuraMonday, 29 April 2019 04:56 AM

යුද්දයක් අවසන් කරපු නායකයා ෆොන්සේකා ඔතන නැහැනේ.

:       0       0

Bishan Sunday, 28 April 2019 04:11 PM

සෙල්ලම් ආණ්ඩුවේ අගමැතිනේ ඉතිං. එයාගේ සතුට ගන්න දෙන්න.

:       0       0

නිලුක්ෂ ප්‍රනාන්දු Sunday, 28 April 2019 04:58 PM

රට මර බියෙන් ඉන්න වෙලාවේ, දේශපාලනය තුලින් රාමු නොබලා ,කොන්ද කෙලින් මේ ප්‍රශ්නයට වචනයකින් හරි උදව්වක් දීලා ආරක්ෂක අංශය දිරිමත් කරන ඕනෑම කෙනෙක්ව අගය කරපල්ලා සිහලුනේ .. පක්ෂ භේද නොබලා තව මිනිස් ජීවිතයක් බේරා ගන්න උදව් කරපල්ලා..මේ සිද්ධිය වෙලා තාම සතියයි. සිංහල අපේ මිනිස්සුන්ට හැම දේම මතක දවස් 3. ලැජ්ජයි. අගය කරනවා මහින්ද මහතා සහ අනෙකුත් ආරක්ෂක නායකවරුන්. බුදු සරණයි.

:       0       0

සනත් Sunday, 28 April 2019 07:14 PM

ගිය අවුරුද්දේ ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධීව බලය අල්ලා වැඩේ වැරදූනාට පස්සෙ හමුදා කුමන්ත්‍රණයකින් ආණ්ඩුව අල්ලගන්න යනවද කියන සැකය තියෙනවා.

:       0       0

Sena Monday, 29 April 2019 03:20 AM

නියම කට්ටිය ලං කරන් ඉන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31373 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13607 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11017 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 131 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1031 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site