IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහින්ද -රනිල් හමුවක්

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කෙටි හමුවක් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  සිදුවිණ.

මෙම හමුව සිදුවූයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී ප්‍රථම කතාව පැවැත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සංකීර්ණයේ දෙවැනි මහලේ ලොබියට පැමිණි අවස්ථාවේදීය.

යළි පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එහිදී මහින්ද රාජපක්ෂ මහතා උණුසුම් සුබපැතුම් පිරිනමා තිබේ.

අග්‍රාමාත්‍යවරයාට අමතරව රාජකීය විද්‍යාලයේ  රනිල් වික්‍රමසිංහ මහතාගේ සමකාලීන මිත්‍රයකු වූ සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කර තිබේ.

ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්.සම්පන්තන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ,විජිත හේරත් ,මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන්,සමගි ජනබලවේගයේ කුමාර වෙල්ගම,ගයන්ත කරුණාතිලක, හරීන් ප්‍රනාන්දු මහත්වරුන්ද පාර්ලිමේන්තු විපක්ෂ පැත්තේ අසුන්ගෙන සිටින ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් ද රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කර තිබේ. 

 



අදහස් (8)

මහින්ද -රනිල් හමුවක්

siri Thursday, 24 June 2021 03:08 PM

"රනිල්ගේ ඔළුවත් මහින්දගේ ශරීරයත් එකතු වුණා නම් රටට හොඳයි" කියලා අපේ ලොකු හාමුදුරුවෝ දෙසා වදාරලා තිබුණා දැක්කා....

:       259       121

fairoos Thursday, 24 June 2021 03:54 PM

දැන් ඔක්කොම එකතුවෙලා ඉතුරු ටිකත් කාලා දැම්මා නම් හරි.

:       103       39

විජිත් Thursday, 24 June 2021 04:16 PM

මහින්ද - අනේ රනිල් මස්සිනේ ඔයා තමයි එදා වගේම අදත් අපේ පවුලේ ගැලවුම් කරුවා. අපේ ආණ්ඩුව අනාගෙන තියෙන්නේ. සල්ලි නැහැ. කොයි වෙලාවේ කඩා වැටෙයිද දන්නේ නැහැ. එහෙම වුනොත් මිනිස්සු අපිව මහා පාරේම සම්බෝල හදාවි.. අනේ මොකක් හරි ගැටයක් ගහන්න රනිල් .. " රනිල් - හරි හරි මහින්ද මට ඕවා කජු කනවා වගේ වැඩ . ඔයගොල්ලන්ට පුලුවන් නම් ඔයගොල්ලෝ හොරකම් කරලා හංගලා තියෙන ඩොලර් ආයේ ලංකාවට ගෙනෙන්න... මම මොකක් හරි උප්පර වැට්ටියක් කරන්නම්..." මහින්ද - " එහෙම කොහොමද මස්සිනේ..? මගේ දරුවෝ..මුනුපුරු..එයාලාගේ දරුවෝ..? ඔක්කොටම මැරෙනකම් කාලා ඇඳලා මැරෙනකම් ජොලියෙන් ඉන්න තමයි මම ඒ සල්ලි හංගලා තියෙන්නේ... අපෝ ඒක නම් කරන්න බැහැ..!!! " රනිල් - " බලමු බලමු මොනවා හරි කරමු.. හැබැයි මේ පාර ඔය ගොල්ලන්ව බේරගන්න ගිහින් මට මහා පාරේදී සම්බෝල වෙන්න වෙයිද දන්නේ නැහැ...."

:       252       334

Demuni Uduwara Thursday, 24 June 2021 04:17 PM

එහෙනම් රටදියුණු කරන විදිහක් ගැන කතා කර ගනීවි.

:       1       24

මුණසිංහ Thursday, 24 June 2021 04:22 PM

ඊළඟට විපක්ෂ නායක කම කවද්ද ලැබෙන්නේ ?

:       240       28

Dhammika Thursday, 24 June 2021 05:41 PM

ඔය දෙන්නා ඉතින් හැමදාම හම්බ වුනානේ. ඒකනේ මහින්දගේ වැරදි රනිල් ඇල්ලුවේ නැත්තෙත් රනිල්ගේ වැරදි මහින්ද ඇල්ලුවේ නැත්තෙත්. උඹලා ඔක්කෝම එකයි. අපිට තමයි වැරදිලා තියෙන්නේ.

:       324       126

Rata Perata Friday, 25 June 2021 01:16 AM

රට අරාජික කිරීමට මේ දෙන්නම වග කියන්න ඕනෑ...

:       0       0

Bamunuarachchi Sunday, 27 June 2021 10:13 AM

ෆයිරූස්, ඔහෙලාගේ කට්ටිය මේ ගොල්ලන්ට කන්න දෙයක් ඉතුරු කරලා නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site