(චන්ද්‍රසේන ගමගේ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්‍රාම ගිය පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වෙන්නේ මහින්ද අමරවීර මහතා බව බෙලිඅත්ත ආසනයේ ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායක ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද (10) අගුණකොළපැලැස්සේ පිහිටි මහින්ද අමරවීර මහතාගේ මැතිවරණ කාර්යාල පරිශ්‍රයේ පැවති ශ්‍රීලනිප කාන්තා ක්‍රියාකාරී හමුවක දී කීය.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීම සඳහා ශ්‍රීලනිපය සාකච්ඡා වට කිහිපයක්ම තැබුවා. එම සාකච්ඡා සඳහා ප්‍රබල වැඩ කොටසක් මහින්ද අමරවීර මහතා ඉටු කළා. එම සාකච්ඡා වලදී සමහරුන් ගෝඨාභය මහත්තයට උදව් කරන ලෙස ඉල්ලීම් කළා. තවත් සමහරුන් සජිත් ප්‍රේමදාස මහත්තයට උදව් කරන ලෙස ඉල්ලීමක් කළා. තීරණය පමා වෙන විට මහින්ද අමරවීර මහතාට පොදුජන පෙරමුණෙන් ඉල්ලීම් ආවා තනියම හරි එන්න කියලා. නමුත් තනි පුද්ගලයෙක් වශයෙන් තීන්දු ගන්න ගියේ නෑ. පක්ෂයක් විධියට තීන්දුවක් අරගෙන ඒ තීන්දුව ක්‍රියාත්මක කළ යුතුයි කියන තැන මහින්ද අමරවීර මහතා හිටියා.
මහින්ද අමරවීර මහතා කොහාටවත් පනින්නේ නැතිව පක්ෂය ආරක්ෂා කරන්න කටයුතු කළා. එම කැපවීම මත ශ්‍රීලනිපයේ සභාපති ධූරය ඔහුට හිමි වෙනවා යැයි ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා වැඩිදුරටත් පැවසීය.


COMMENTS
ඇගෙන් පාන්නේ නැති වුණාට හිතෙන් පැනලා ගොඩක් කල්... මෙයාලත් නායකයෝද පක්ෂ බාරගන්න.
ගමනක අවසානය. එක පවුලක් ගොඩගන්නට ගන්නා උත්සාහයක් හමුවේ අපේ රටේ දේශපාලන අනාගතයට සිදුවුණු හරිම කණගාටුදායක තත්වයක්...
වෙල්ගම මහතා තමයි එම සභාපති තනතුරට වඩාත්ම සුදුසු...
පක්ෂයට පණ දෙන්න ඕනෑ නම් අනිවාර්යයෙන්ම වෙල්ගමට ඕක දෙන්න..
මේ රටට කළ විනාශයට දඬුවම් අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත...
ඔය මහත්තයා ගැන රටේ මිනිස්සු නම් හිතන්නේ මෙයා තරම් කෙනෙක් තවත් නැහැයි කියලයි.
අවුරුදු 72ක් වෙලත් අපේ රට අපි පුංචි කාලේ කිව්වා වගේ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසටයි සැලකෙන්නේ... අපිට මෙලෙස තවත් බලා සිටින්න බැහැ. මේ රටත් සංවර්ධනය වෙන්න ඕනෑ. දැනට දෙදෙනෙක් සියල්ලම නොමිලේ දෙන්න පොරොන්දු වෙලා අවසන්... පොරොන්දු දේශපාලනය මෙවර අවසන් කරන්න බැරිනම් 2025දී වත් අවසන් කිරීමට වෙනත් පක්ෂයක් දිනවමු.