(අජන්ත කුමාර අගලකඩ)
මහ කන්නයේ වී අලෙවි මණ්ඩලය මගින් පෞද්ගලික අංශය සමග තරගකාරීව වී මිලදී ගැනීමේ බලය කැබිනට් මණ්ඩලය විසින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට පවරනු ලැබ ඇත.
මහ කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ඊයේ (24)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ,වී අස්වනු පෞද්ගලික අංශය සමඟ තරගකාරීව මිලදී ගන්නැයි ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී ඇත.
මෙවර මහ කන්නයේ නාඩු, සම්බා සහ කීරි සම්බා සදහා රුපියල් 95 ක සහතික මිලක් නියම කිරීමට අනුමැතිය ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කර තිබිණි .
COMMENTS
ඔන්න පුළුවන් නම් වැඩ පෙන්වන්න වෙලාව. ගොවියටත් සාධාරණයක් කරමින්, පාරිභෝගිකයාත් රැක ගනිමින් පෞද්ගලික මාෆියාව නැතිකරමින් වී මිළදී ගැනීම. බලමුකෝ මෙයා කයිවාරුවට වගේම ක්‍රියාවටත් දක්ෂයෙක්ද කියලා.
වැඩක් කරන්න පුළුවන් කෙනෙකුට එපැයි වැඩක් භාරදෙන්න.
අභියෝගයක් අනේ පව්. හරිම මනුස්සයෙක් නේ අභියෝග භාරදෙන්න.
මොන තරගකාරීයක්ද? අවසානයේ ජනාධිපති ඇතුළු සමස්ත ආණ්ඩුවම ඩඩ්ලිට යටත් වෙනවා. වී අලෙවි මණ්ඩලයට පෞද්ගලික අංශය සමග තරගකාරීව වී මිලදී ගැනීමේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඕනද? මේ සඳහා කැබිනට් මණ්ඩලයේ ඇමතිට බලයත් දුන්නලු. එහම නම් මෙච්චර කල් බලය සහ අනුමැතිය නැතුවද හිටියේ? මේවා ජනතාව සහ ගොවීන් රවට්ටන්න කතාවල්.
මහින්දානන්ද පාර්ලිමේන්තු පැමිනීමෙන් පසු වේගයෙන්ම ප්‍රකෝටිපතියෙක් වූ අති දක්ශයෙකි. දක්ශයන්ගෙන් වැඩ ගැනීම දක්ශ නායකත්වයේ ස්වභාවයයි.
වෙන්නේ මේක ආණ්ඩුවේ සල්ලි වලින් .මණ්ඩලයේ කට්ටිය 95 එකතු කරලා වැඩි ගණනට මුදලාලි ලාට විකුණන එක
දැන් කෘෂිකර්මාන්තයට වෙලා තියෙන්නේ මෙතුමාගේ මෝඩ තීරණ වලින් තමයි
එතකොට තරගෙට ගියාම පුද්ගලික අංශයෙන් 95ට වැඩියෙන්නෙ ගන්නෙ ගොවියගෙ මල්ල කරේ කියමුකො. ඒකෙ කිසිම අවුලක් නැහැ . මේ කන්නෙ අපේක්ශිත අස්වැන්න වී කිලෝ මෙ.ටො. 30යි ලු. එයින් වී මෙ.ටො. 3ක් ගන්නයි අනුමැතිය තියෙන්නෙ. ඒතකොට ඉතිරි 27 යන්නෙ පුද්ගලික අන්ශයට. අවුල තියෙන්නෙ මෙතන. ආන්ඩුවේ සොච්චම ඉවර උනාම පාරිබෝගිකයට අබ සරණයි නේද ?