තිළිණි ද සිල්වා
අගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය. අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අවලංගු කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා දින නියම කළේය.
නමුත් අභියාචනාධිකරණයේ මන්ත්‍රීවරුන් 122කු ගොනු කළ රීට් පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ අභියාචන පෙත්සම අවසන් වන තෙක් අත්හිටුවීමටද තීරණය කළේය.
ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් එම් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැණිනි.
ජනවාරි 16,17,18 දිනයන්හිදී මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතය. ඒ වන තෙක් අභියාචනාධිකරණයේ නඩු විභාගය තාවකාලිකව තහනම් කැරිණි.
අනුරාධපුර - රඹෑව ඒ 20 ප්‍රධාන මාර්ගයේදී රථ වාහන නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ බව කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද
ඉගිනියාගල සේනානායක සමුද්‍රයෙන් ගල්ඔයා ගගට නිකුත් කරමින් පවතින ජල ධාරාවන් හේතුවෙන් ගල්ඔය ගංගාවේ දකුණු ඉවුර දීඝවාපීයට ආසන්න නයිනකාඩු ප්‍රදේශයෙන් අ
උඩරට මාර්ගයේ දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේදී ඊයේ (18) දිනට සියලුම ආසන තප්පර 30 ක් ගතවීමට පෙර අවසන් වූ බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.
ගල්කිස්ස බඩෝවිට සිරිපාල පාරේදී අද(19) දහවල් පුද්ගලයකුට වෙඩිතබා යතුරු පැදියෙන් පළා ගිය වෙඩික්කරු සිද්ධියේ වෙඩික්කරු ඊට සුළු වේලාවකට පසු දෙහිවල ධර්මාම
පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ගන්දර, තලල්ල ප්‍රදේශයේ අද(19) සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 57 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
ලෝකයේ අටවෙනි පුදුමය ලෙස හඳුන්වනු ලබන සීගිරියේ ගල සහ පිදුරංගල ගල පෙනෙන මානයේ සීගිරිය අභයභූමියට මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජය සතු මහා වනාන්තර
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මහින්දට එරෙහි අභියාචනාධිකරණයේ අතුරු තහනම දිගටම
Rata Perata Friday, 14 December 2018 12:28 PM
ඉතා හොඳ තීරණයක්. මරා-සිරා උගුලෙන් කොහොමහරි රට බේරා ගත යුතුයි.
ධනුෂ්කSaturday, 15 December 2018 01:54 AM
අැත්තටම සතුටුයි, වෙන මොකුත් නිසා නොව මැදමුලනේ හා පොලොන්නරුවේ, සිරිකොතේ කැලෑ නීතියට. මේ රටේ අධිකරණය යට නොවීම... රටක සමාජ සංවර්ධනය අධිකරණයේ ස්වාධීනත්වය ඉතා වැදගත්. අධිකරණය ස්වාදීන නොවුනහොත් එය කැරලිකෝලහාල දක්වා උඩු දුවනවා. ලංකාව මේ ටිකේ පහළම තැනට වැටුණා. හැබැයි එය නැගීමක අාරම්භයක් කර ගත හැක. මොකද දැන් මිනිස්සු පෙරට වඩා යම් සබුද්ධිමත් ලෙස කරුණු දෙස බලනවා.
Bishan Friday, 14 December 2018 12:31 PM
දැන් සැපද?
anil Friday, 14 December 2018 12:47 PM
විමලේ... කෝ මේ විමලේ? මේ අනුවණ දේශපාලන අදහස්වල නිර්මාණ ශිල්පීන් ඔවුන්ම තමයි.
Amila Friday, 14 December 2018 12:54 PM
දැන්වත් ගෙදර යන්න මුත්තේ..
mohanFriday, 14 December 2018 04:14 PM
රනිල්ට කිව්වනං නරකද?
aseSaturday, 15 December 2018 02:39 AM
රනිල්ගෙත් මේ අවසාන වාරය විය යුතුමයි.
jaliya Friday, 14 December 2018 01:05 PM
මහින්ද මැතිඳු අද තනියම වෙල මැද්දේ....
sandy123 Friday, 14 December 2018 01:17 PM
මහරජා පිදුරු ගහෙත් එල්ලෙන්න බලනවා... කොයිතරම් ජනතා ප්‍රසාදයක් මත තේජාන්විතව විශ්‍රාම යන්න තිබුණු කෙනාට වෙච්ච දෙයක්... මේක පටන් ගත්තේ ව්‍යවස්ථාව වෙනස් කරලා තුන් වෙනි පාරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු වෙලාවේ පටන්. දැන් ඉන්න දේශපාලකයින්ට සහ ඉදිරියට දේශපාලනය කරන්න ඉන්න අයට හොඳ පාඩමක්... මේකෙන් හැමෝම ඉගෙන ගත්තොත් හොඳයි. නැතිනම් ඉතින් ඒ ඔක්කොටම වෙන්නේ මේ ආනිසංසේ තමයි. එහෙමත් නැතිනම් අපේ භාෂාවෙන් කියනවා නම් සොරි ඩොට් කොම් තමයි.
channa Friday, 14 December 2018 01:21 PM
මහින්ද ජනාධිපතිතුමාගේ දේශපාලන අනාගතය නැතිකරපු ඔහුගේම ඇම්බැට්ටයන්ට ශාපවේවා..!!!
Rata PerataFriday, 14 December 2018 03:33 PM
එහෙම කියන්න එපා. ඇම්බැට්ටයෝ ටික පාලනය කරගන්න බැරුව, මහින්ද කොහොමද රටක් පාලනය කරන්නේ?
මනෝහර Friday, 14 December 2018 01:23 PM
මේ ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු මණ්ඩලේ සභාපතිතුමිය එතුමගෙ ළඟම මිතුරියක් නිසා දුන්න අදහස් වැරදියි කියල කියන්න මෙයාලට බැහැ. දැන් රටම දැනගත්තා මේ කට්ටිය කල වැඩේ වැරදියි කියලා.
Jehaan Friday, 14 December 2018 02:52 PM
අනේ ඇත්තට පස්සා දොරෙන් ඇවිල්ලා මෙහෙම අපවාද අහන්න ඕන කෙනෙක්ද මේ? අට පාස් කේවට්ටයන් සහ ගුස්තිකාර මැරයන් විසින් ගෞරවනීය පුද්ගලයෙකුට කළ විනාශය තවමත් තේරුම් ගෙන නැති හැටි...
sirimal Friday, 14 December 2018 02:53 PM
මේක නම් හොඳටම බොන්න වෙන වැඩක්...
Danna Friday, 14 December 2018 03:31 PM
අම්මෝ ලොකු දෙයක්...
Ajith Nissanka Friday, 14 December 2018 03:36 PM
මහින්ද ජනාධිපතිතුමාගේ දේශපාලන අනාගතය වැඩි හරියක් නැති කලේ එයාගේ පවුලේ උදවිය !
kamil Friday, 14 December 2018 06:12 PM
අනේ මන්දා මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි වේ. එමනිසා මන්ත්‍රීකමත් අහිමි වේද ...?
Appuhami Friday, 14 December 2018 06:38 PM
කොහොමද තානාපති කාර්යාලවල සල්ලි විසිකිරිල්ල, අනේ අපේ රටත් සල්ලිවලට යටවුණා.
sudelmi Friday, 14 December 2018 08:24 PM
රවී යනු සහතික ලත් කළමනාකරණ යාවජීව සාමාජිකයෙක් (CIMA) ශ්‍රී ලංකා වරලත් ගණකාධිපති ආයතනයේ යාවජීව සාමාජිකයෙක්. ඒ වගේම 8 ශ්‍රේණියට වැඩ ඉගෙනගත් කෙනෙක් කබ්රාල් හට රවිට නැති දේවල් මොනවද තියෙන්නේ?
පෙරුමාල් Saturday, 15 December 2018 03:16 AM
මෙයා ජාතිය අමතන්න යනවලු. රාජ්‍ය මාධ්‍ය ආයතන ජාතිය ඇමතීම සඳහා පාවිච්චි කිරීමට මේ හොරාට ඇති අයිතිය කුමක්ද? මෙයා කිව්වේ පහු වෙනකම් හිටියොත් රටක් ඉතුරු වෙන් නැති නිසා අගමැතිකම බාර ගත්තා කියලයි. ඒ වුණාට යන්නේ රට නැත්තටම නැති කරලා අධිකරණයෙනුත් එලෙව්වට පස්සෙයි. මෙහෙම අය නායකයෝ වෙච්ච රටක් මේ තරමින්වත් ඉතුරු වුණු එක දේව හාස්කමක්...
darme Saturday, 15 December 2018 03:33 AM
මහින්දත්, රනිලුත් දෙන්නම විශ්‍රාම යන්න ඕනෑ. මහින්ද පුතාට දුන්නොත් හොඳයි. රනිල්ගේ විකල්පය සජිත් ප්‍රේමදාසයි.
V.warnakulasuriyaSaturday, 15 December 2018 04:29 PM
අපේ රට වලපල්ලට යන්න ප්‍රධාන හේතුවක් තමයි ජනතා බහුතරයකගේ මේ අදහස. ඉන්න තරම් මැට්ටෝ රටපාලනය කරන්නේ රටේ පාලනය පරම්පරාවට යායුතුය යන සිතුවිල්ල නිසාය. බොහෝදුරට ගෝත්‍රික ගතිය තවමත් අප තුළ පවතී
deegala Monday, 17 December 2018 12:08 PM
අපි හැමෝම මුහුදට පනිමු පුතාට දුන්නොත්...