(දයාරත්න ඇඹෝගම)
මිහින්තලේ පුද බිමට පිවිසෙන පිවිසුම් මාර්ගයේ දී තරුණයන් පිරිසකට අද (17) අලුයම පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කළැයි කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රණසිංහ ආරච්චිලාගේ නිපුන මධුසංඛ රණසිංහ නැමති පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවරයෙකි.
මිහින්තලේ පුද බිමට පිවිසෙන පිවිසුම් මාර්ගයේ දී එම ස්ථානයේ රැදි සිටි තරුණයන් පිරිසක් සහ මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් පිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය කියයි.
මෙම ගැටුමේදී මන්ත්‍රීවරයා විසින් තමන්ට පොල්ලකින් පහරදුන් බවද ගැටුමෙන් තුවාල වුවන් විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධියෙන් තුවාල ලැබු සිව් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ඇති අතර තවත් පුද්ගලයකු මිහින්තලය රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධියෙන් මන්ත්‍රීවරයාට ද සුළු තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවෝ සියඹලාගස්වැව,කන්නනට්ටිය සහ කලත්තෑව පදිංචි අවුරුදු 20 ත් 25 ත් අතර වියේ පසුවන්නන්නෝය.
අත්අඩංගුවට ගනු ලැබු සැකකාර මන්ත්‍රීවරයා අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
මේ වගෙ චණ්ඩින්ට ඡන්දෙ දෙන මිනිස්සුන්ටයි ගහන්න ඕනෙ
ලංකාව පුරාම අති බහුතර පොහොට්ටු පිපෙන්නේ මේ වගේ
ඇත්තටම කිසිම විනයක් නැති මෙවැනි චන්ඩි පලාත් පාලන නියෙජිතයන් ලෙස පත්වුනෙම අපෙ රටෙි අවිචාරවත් ඡන්ද දායකයන් නිසා..
නෑ නෑ... මන්ත්‍රීතුමා හිතනවා ඇත්තේ එයාලගේ ලොක්කා තවමත් රටේ ජනපති කියලයි...
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...
මෑත කාලයේ ඉදන් ශ්‍රිලංකාවේ දේශපාලන පක්ෂ වලට නාමයෝජනා දෙනවිට ප්‍රදාන තැනක් ගත්තේ මුදල් යහමින් තියන චන්ඩි නැත්නම් මැරයෝ පාතාලයෝ නැත්නම් පාතාලය මෙහෙය වන්නෝ ඒ නිසා කුඩු වෙළෙන්දෝ කසිප්පු වෙළෙන්දෝ ගංජා වෙළෙන්දෝ පාතාල නායකයෝ දේශපාලන පිටියට ආව ඒ ආපු සියලු දෙනාම ඡන්දය ලබා ගත්තේ මැර බලයෙන් නැත්නම් මුදල් බලයෙන් රටක නීති විරෝදී වැඩ වලට යොමුවෙන්නේ නුගත් රස්තියාදු කාරයෝ උන් සමහරු පාසලකට ගොඩවෙලවත් නැහැ සමහරු 8 පාස් නැහැ ඒවගේ උන්ව පාර්ලිමේන්තු යවලා අපේ රටේ ඉන්න ජනතාව කියනවා රට දියුණු කරන්න කියලා.