(යොහාන් භාසුර)
කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවීන්ගේ අසාමන්‍ය ලෙස මියයෑමට ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය බලපෑමක් වී ඇතැයිද තහවුරු කරගැනීමට රටවල් කීපයකට සාම්පල් යොමු කිරීමට තීරණය කර ඇතැයි සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.
මොන රටේ කුමන පරීක්‍ෂණාගාරයට සාම්පල් යොමු කරන්නේ දැයි මේ දක්වා තීරණය කර නොමැති බවත් මෙම නෞකා අනතුරෙන් සිදුවූ පරිසර හානියට මෙය හොඳ සාක්‍ෂියක් වීම නිසා ඒවා යොමු කරන රටවල් පරිස්සමට තෝරාගත යුතු බවත් ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.
මෙම කටයුත්තේදී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට රටවල් රැසක් ඉදිරිපත්ව සිටීම නිසා මෙම පරීක්‍ෂණවලට සහය දක්වන ලෙස මේ වන විටත් රටවල් රැසක පරීක්‍ෂණාගාරවලින් ඉල්ලීම් කර ඇති බවත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සිංගප්පූරුවට අයිති එකක් වීම නිසා කිසිවිටක සිංගප්පූරුවට සාම්පල යොමු නොකරන බවත් ඔහු කීය.
2025 නොවැම්බර් මස 21
19
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
136
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
982
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මුහුදු ජීවීන් මිය යෑමට හේතුව හොයන්න රටවල් රැසක සහාය
C.K.Samudrajeewa. Sunday, 20 June 2021 06:44 PM
මට නම් හිතෙන්නේ සමූද්‍ර ජීවීන් මියගොස් තිබෙන්නේ දියේ ගිලී හුස්ම හිරවීමෙන් බවයි. ඇමැතිතුමා කියන වාරකන් කතාව මම පිළිගන්නේ නැහැ.
චිත්‍රාල් ෆොන්සේකා Sunday, 20 June 2021 09:45 PM
ඔය වාරකන් කතාව කිව්ව ආචාර්ය දේශපාලුවා ජීවිතේටම මුහුදු රැල්ල පෑගුවේ අවුරුදු තුන හතරකට කලින් මීගමුවේ පදිංචියට ආවට පස්සේ. මීගමුවේ මිනිහෙක් නොවෙයි, ඔය කොහේදෝ කැලෑවකින් ආව පොරක්. මිනිහා මුහුද ගැන දන්නා මගුලක් නැහැ. හරි නම් ඔය හාදයා ඉන්න ඕනෑ හිරේ. හැබැයි වෙන ආණ්ඩුවක් යටතේ ආයෙත් කුඩු කරන්න බැරි නැහැ. හැබැයි කවමදාකවත් මිගමුව පැත්තේ දේශපාලනය කරන්න මිනිහාට ලයිසන් නැහැ.
susanthaMonday, 21 June 2021 03:46 AM
සමුද්‍රගේ කතාව හරි... මේ සත්තුන්ට එයාලාගේ අම්මලා, තාත්තලා.... පීනන්න උගන්නලා නැහැ හරියට... ඉතින් මුහුදේ ගිලිලා නිකන් මැරිලා ගිහිල්ලා... ඒවාට නැවේ ගින්න වැඩිකළ රත්තරන්ලා පලිද? ඒවාට උපදෙස් දුන්නු සර්ලා පළිද?
69lakshayaMonday, 21 June 2021 09:30 AM
මුහුදේ ගිලිලා තියෙන්නේ මේ අය සිය දිවි හානිකරගෙන... නැතුව මේ අයව කවුරුවත් මරලා මුහුදේ දාලා නෙවෙයි...
Nihal Sunday, 20 June 2021 07:23 PM
කමිටුවක් පත් කළා නම් අවුරුදු ගණනක් ඇදගෙන යන්න පුළුවන්....!!!
don perera Sunday, 20 June 2021 07:47 PM
රටේ ඉන්න මී හරක් එක්ක ඉන්න ඇතිවෙලාද?
Rata Perata Sunday, 20 June 2021 08:12 PM
මේ කාලකන්නි ටික තව කාලයත් හිටියොත් මුළු රටම බේරාගන්න ලෝකෙට වඳින්න වෙයි.
Sri Lanka Sunday, 20 June 2021 10:26 PM
කාගේවත් සහායක් මොකටද? අපේ රටේ වැඩිපුර ඉන්නේ... මහාචාරයවරුන් හා විශේෂඥයින්... බොරුනම් පඳුරකට පයින් ගහලා බලන්න....
rocky Monday, 21 June 2021 06:03 AM
ඒ හරිය කරන්න දැනුමක් තියන අය මේ රටේ නැද්ද?
lol Monday, 21 June 2021 07:08 AM
ඔකත් ඡන්දයක් කරගන්න බැරිද
sam Monday, 21 June 2021 09:04 AM
මොකටද ඕකට පිටරටින් කට්ටිය? අර වියත් මගේ ගොඩහේවා දුන්නේ උත්තරේ... ඕක වෙන්නේ වාරකන් කාලෙ හින්දනේ. ඒක අහලා මට තවමත් හිනාව නවත්තගන්න බැරිව බෙහෙත් බොනවා... අනේ මෙහෙම වියත් මගක්...!!!