
(ශාන්ත චන්ද්‍රසිරි)
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි පිළිස්සුම් තුවාල ලබා මියගිය බාල වයස්කාර දැරියගේ මරණයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ආගරපතන වතු රැසක වතු කම්කරුවෝ අද විරෝධතාවක නිරත වූහ.
ආගරපතන හුට්වීල්, බ්‍රේමොරල්, සෙන්ජෝර්ජ්, පුංචිවත්ත, පච්චබංගලාව, වුඩ්ලේකර් යන වතුවල වතුකම්කරුවෝ විශාල පිරිසක් මෙසේ විරෝධතාවයේ නිරතවුහ.
බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් විරෝධතාවයේ නිරත වු වතු කම්කරුවන් ඉන් අනතුරුව ඉටි පන්දම් දල්වමින් මියගිය ඉෂාලිනී දැරිය අනුස්මරණය කිරීම සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd