(නිමන්ති රණසිංහ)
මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී පිළිස්සී මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරියගේ දේහය සම්බන්ධ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද පේරාදෙණිය ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ, ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන හා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේරසිංහ යන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මඬුල්ල විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරනු ලැබූ බවද ඔහු පැවසීය .
අද (31) උදෑසන 8.30 සිට සවස 5.15 දක්වා පැය 9ක කාලයක් පුරා මරණ පරීක්ෂණ කටයුතු සිදුකළ බවත්, දැරියගේ මෘත ශරීරය සී.ටී ස්කෑන් පරීක්ෂාවකට ලක්කර ඇති බවත් හෙතෙම පැවසීය.
දැරියගේ මෘත ශරීරයේ අභ්‍යන්තර තුවාල, අස්ථි බිදීම් ආදි කරුණු පිළිබඳව සොයාබැලීම සඳහා මෙම සි ටි පරීක්ෂණය සිදුකළ බව ඔහු සඳහන් කළේය.
ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පානදුර මුහුදේ දිය නාමින් සිටි දොළොස් දෙනෙකු ගහගෙන ගොස් එකොලොස් දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒ
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ ’’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’’ ‘ටවර් නාට
පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී සගවා තිබූ කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 3,000 ක කිලෝග්‍රෑම් 15,000 ක් භාරයට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි
නීති විරෝධීව කන්ටේනර් රථයකින් මෙරටට රැගෙන ආ කෝටි 4ක් පමණ වටිනා මොන්ටීරෝ ජීප් රථයක් සමග හෝටල් සමූහයක කෝටිපති ව්‍යාපරිකයෙක් ඊයේ (11) පැලවත්ත, ජපන් මිත්‍රත
වාද්දුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව වා
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහෙකාර දැරියගේ දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරයි
vasanthi Tuesday, 03 August 2021 03:39 PM
ළමා මෙභෙකාර සේවය නීති විරෝධියි... මෙවැනි දේවල් කරන සෑම කෙනෙකුටම තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි... දරුවන් සුරකින එක රජයේ කාර්යයක් සහ වගකීමක්... දැනටත් මෙවැනි නීතිවිරෝධී දේ කරන මිනිසුන් ගැන සොයා බලන්න. ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට දන්වන එක අප සැමගේත් යුතුකමකි.
sampath Tuesday, 03 August 2021 09:44 PM
ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් බොහොමයක් නිලධාරීන් පඩි නඩි , වාහන ,තෙල් ,දුරකථන ගන්නවා .මේ දරුවාට කරපු අපරාධයට මුළු සමාජයම වග කිව යුතුයි. ඒ වගේම ළමයින් සම්බන්ද වග කිවයුතු ආයතන ලොක්කන් ඉල්ලා අස් විය යුතුයි .නිකන් පුටු රත් කරලා මොකටද .ගමේ ළමයෙක් ගෙදර නැතිනම් ග්‍රාම නිලදාරීන්, ළමා කටයුතු පිලිබඳ නිලදාරීන් , හෙවුවද .එහෙම හෙවුවනම් අනාවරණය වෙනවා ගෙදරින් පිටින්නේ කියලා .දැන් අශ්වයා ගියාම ස්තාලේ වහල මොකටද පවු ඒ අහිංසක දරුවා