IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


මුෂාරෆ් මියගියොත් සිරුර දින 3 ක් එල්ලා තබන්නැයි නියෝග

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් මහතා මියගියේ නම්, ඔහුගේ මළ සිරුර  පාර්ලිමේන්තුව ඉදිරිපිට දින තුනක් එල්ලා තබන්නැයි පාකිස්තානු විශේෂ අධිකරණය අද (19) නියෝග කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම හා හදිසි නීතිය පැනවීම වෙනුවෙන් රාජද්‍රෝහීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට පසුගිය අඟහරුවාදා (17) මරණ දණ්ඩනය නියම විය.

මරණ දඬුවම නියම කිරීමේදී එම වගන්තියේ වරදක් තිබී ඇති බව පාකිස්තානු රජය විසින් පැවසීමෙන් පසු අභියාචනයක් ඉදිරිපත් කිරීමට මුෂාරෆ් මහතා සූදානමින් සිටින බවට ඔහුගේ නීතීඥවරුන් කළ ප්‍රකාශයකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

දැනට 76 හැවිරිදි වියේ පසුවන මුෂාරෆ් මහතා පකිස්තානයෙන් බැහැර වී ඩුබායි නුවරදී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී.

පකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් මහතා විසින් මුෂාරෆ්ට එරෙහිව 2014 වර්ෂයේ දී රාජද්‍රෝහී ක්‍රියාකිරිම සම්බන්ධයෙන්  මෙම නඩුව ගොනු කරන ලදී. නවාස් ෂරීෆ් වර්ෂ 2013 යළි බලයට පත්වීමෙන් පසුව නඩුව ගොනු කර ඇත.

මුෂාරෆ්ට සාධාරණ නඩු විභාගයක් ලබා නොදුන් බව නීතිපති අන්වර් මන්සූර් මහතා සඳහන් කරයි.


(රොයිටර් ඇසුරිනි)

 



අදහස් (10)

මුෂාරෆ් මියගියොත් සිරුර දින 3 ක් එල්ලා තබන්නැයි නියෝග

janis Thursday, 19 December 2019 12:07 PM

අනේ දෙවියනේ, මේවගේ අධිකරණයක් අපේ රටට නැහැනේ. රට විනාශ කරන දේශපාලන නරියන් එල්ලා මරලා මදි...

:       13       523

සමන් - ඕමානය Thursday, 19 December 2019 01:34 PM

අපොයි දෙයියනේ, මහා තිරිසන් ක්‍රියාවක්. මැරුණු මනුස්සයෙකුටත් දඬුවම් දෙන මේ අමනුස්ස නීති කොහෙන් ආවාද මන්දා...! මනුෂ්‍යකමටත් නිගාවක්.

:       238       372

SadiFriday, 20 December 2019 01:12 AM

බිය නොවන් සොයුර... මෙහෙ දිවුරුවේ රුවන්වැලි මහා සෑය ළඟනේ... නඩු නෑ..

:       68       56

abaranFriday, 20 December 2019 01:34 AM

අනේ දෙයියනේ එහෙම නම් වෙන්න එපා.. එහෙම වුනොතින් අපේ රට පාලනය කරන්න අඟහරු ලෝකෙන් තමයි කට්ටිය ගෙනෙන්න වෙන්නේ...

:       17       0

ධම්ම Thursday, 19 December 2019 01:19 PM

පාකිස්තානු අධිකරණය හා හමුදාව ස්වාධීන ආයතන වේ. ඒවා රජයට අභියෝග කිරීමට තරම් බලසම්පන්නයි...

:       45       184

කපුරුහාමිThursday, 19 December 2019 02:30 PM

ඒකටත් එක්ක අපේ රටේ... දූෂිත බලලෝභී බඩගෝස්තරවාදී දේශපාලුවන් කියන කියන පදේට නටන රූකඩ, කටුකන අය, හෙන්චයියන්... තමයි වැඩිපුරම ඉන්නේ...

:       1       156

hemantha Friday, 20 December 2019 03:50 AM

ඔය නීතිය අපේ රටේ තිබුණානම් මේ වෙනකොට 225 පාර්ලිමේන්තුව ඉදිරිපිට එල්ලලා...

:       0       2

Wigi Friday, 20 December 2019 09:41 AM

වැඩය අනුමත කරන්න බැහැ.

:       88       1

sampath Friday, 20 December 2019 12:22 PM

මේ මනුස්සයා ලංකාවට ඇවිත් යද්දී ප්ලේන් එකේ ඉන්ධන අවසන් වෙනකම් උඩතියලා මරන්න සැලැස්මක් තිබුණා. පස්සේ කොහොමහරි ජීවිතය බේරාගෙන රටේ බලය ලබාගත්ත මේවා දේශපාලන පලිගැනීම් වෙන්න පුළුවන්...

:       0       3

ravin Friday, 20 December 2019 07:11 PM

සමන් - ඕමානය, වෙන කොහෙවත් නොවෙයි. ඔබ සිටින නරකාදියේ තමයි ඔය ජරා නීති තියෙන්නේ...

:       0       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 983 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1033 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 408 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site