(ඉන්දිකා රාමනායක)
අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ මොහොමඩ් රාෆික් මොහොමඩ් තස්ලීම් මහතාට මාවනැල්ල දනාගම නිවස තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනකු අද (12) මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී ඒ මහතා විසින් හඳුනාගෙන තිබුණි.
මෙම හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා සැකකරුවන් තිදෙනකු ඉදිරිපත් කර තිබූ අතර ඉන් දෙදෙනකු තස්ලීම් මහතා විසින් හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මොහොමඩ් සාරිෆ් ආදම් ලෙබ්බේ සහ අහමඩ් මිල්හාඩ් නැමැති සැකකරුවන් මෙලෙස හඳුනාගෙන තිබුණි.
ඉකුත් මාර්තු මස 09 වැනි දින මොහොමඩ් රාෆික් මොහොමඩ් තස්ලීම් මහතාට මෙම වෙඩි ප‍්‍රහාර එල්ල කර තිබුණි.
සිද්ධියේ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින අතර හඳුනා ගැනීමේ පෙරටුවෙන් පසු සැකකරුවන් තිදෙනා යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදීන් ටිකටික දැන් කොටුවෙනවා. ඔහොම යමු ජනාධිපතිතුමනි...
ත්‍රස්තවාදීන් වෙන්න පුළුවන්. හොඳට හොයන්න ඕනෑ...
තාම පටන්ගත්තා විතරයි මේ ගොල්ලෝ... ජනගහනය තව ටිකක් වැඩි වුණාම ලෙබනනය, සිරියාව, ඉරාකය, ඇෆ්ගනිස්තානය වගේ තියේවි..