IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි

මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය එරට රජු වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්දව ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ නව පාලක සංධානයක් පිහිටුවීම පිළිබඳ කථාබහ මධ්‍යයේ රජයෙන් ඉවත්ව යන බවයි.

රජුගේ මීලඟ පියවර කුමක්ද යන්නත් මහතීර්ට අනිකුත් පක්ෂවල සහාය ඇතිව වෙනත් රජයක් පිහිටුවිය හැකිද යන්නත් පැහැදිලි නැත.

පාර්ලිමේන්තු බහුතරය වන ආසන 112කට වඩා කිසිදු කණ්ඩායමකට නොමැති නම් මහමැතිවරණය විකල්පය වනු ඇති බව ද සඳහන් වේ.

මහතීර් මහතාගේ හදිසි ඉල්ලා අස්වීම සිදුවන්නේ ඔහුගේ අනුප්‍රාප්තිකයා වන අන්වර් ඊබ්‍රහිම් නොමැතිව නව සන්ධානයක් ඇතිකර ගතහැකි බවට පැතිර යන කටකථා මධ්‍යයේ ය. 

කෙසේවුවද විදෙස් විචාරකයින් පවසන්නේ මහතීර් මහතා අග්‍රාමාත්‍ය ධූරයේ තවදුරටත් රැඳී සිටීමට ඉඩ තිබෙන බවයි.

2018 වර්ෂයේදී එවකට අගමැතිව සිටි නජීබ් රසාක් නෙරපා හරිමින් දෙවන වරට බලයට පැමිණි 94 හැවිරිදි මහතීර් මොහොමඩ් මහතා ලෙව වයසින් වැඩිම අගමැතිවරයා ලෙස සඳහන් වේ.

1981- 2003 දක්වා කාලයේ ද මැලේසියාවේ අගමැතිවරයා ලෙස මහතීර් මහතා කටයුතු කළේය.

අන්වර් ඊබ්‍රහිම් මහතා මහතීර් මහතාගේ නියෝජිතයා වූ නමුත් නායකත්ව අර්බුදයක් හේතුවෙන් 1998 දී අන්වර් ඉවත් කිරීම හේතුවෙන් දෙදෙනා අතර හිතවත්කම පලුදු විය.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site