
(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ ඉදිකොට තිබූ යුද සැමරුම් ස්මාරකය අද (13) අලුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් කඩාදමා පලා ගෙස් ඇතැයි මුල්ලිවයික්කාල් පොලීසිය කියයි.
යුද්දය අවසන් වී වසර 12 ක් පිරීම නිමිත්තෙන් මෙවර මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මරකය පිරිසිදු කිරීමට ගිය මුල්ලි වයික්කාල් වැසියන් ස්මාරකය කඩා දමා ඇති බව දැක ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී ඇත.
එමෙන්ම මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාරකයේ පහන් කණු ස්මාර්කයේ පහන් දල්වන ප්‍රධාන පහන ආදිය කාඩා ස්මාරකයට දැඩි හානි කොට ඇති බවටද ප්‍රදේශවාසීහූ පවසා සිටියහ.
පවතින කොවිඩ් අවදානම හේතුවෙන් මෙවර මුල්ලිවයික්කාල් යුදසැමරුම් උත්සවයක් නොපැවත්වුවද එම ස්ථානය පිරිසිදු කිරීමට යාමේදී මෙම අභාග්‍ය සම්පන්න සිදුවීම සිදුව ඇතැයිද ඔවුහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය අමතක කර ජාතීන් අතර සමගිය ඇතිවිය යුතුයි. ස්මාරක වලින් සිදුවනුයේ එක පාර්ශවයක ජයග්‍රහණය සැමරීම පමණි . යුද්ධයෙන් ජයගත් කෙනෙක් නැත. නැතිවූ ජීවිත සැමරුම් තනමු. එක රටක්සේ ඉදිරියට යමු.