Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 05 වන ඉරිදා
(හර්ෂණ තුෂාර සිල්වා)
ජනාධිපතිවරණය සමයේ දී දැඩි මතභේදයකට තුඩු දුන් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ඉතාම ඉක්මණින් ක්‍රියාත්මක කරන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන ඇලිස් ජී. වෙල්ස් මහත්මිය පවසා ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ‘ද විල්ස් සෙන්ටර්’ හි සංවාදයකට එක්වෙමින් ඇය ඒ බව සඳහන් කර තිබේ.
එහිදි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇලිස් වෙල්ස් මහත්මිය මෙසේ කීවාය.
“අපට තවත් එම්.සී.සී. ගිවිසුමක් තිබෙනවා. අපි ඉතාම ඉක්මණින් එය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනවා. එමගින් ඉඩම් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ඉතාම වැදගත් ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු කරනවා. එය ආර්ථික සංවර්ධනයේ දොරගුළු විවෘත කිරීමට උපකාරී වනු ඇතැයි අපට විශ්වාසයි”.
හම්බන්තොට මහ පරිමාණ වරායක් ඉදිකිරීමේ කිසිදු වාණිජ සාර්ථකත්වයක් නොමැති බව ශක්‍යතා අධ්‍යයන කිහිපයකින්ම අනාවරණය කෙරුණත් චීනය ශ්‍රී ලංකාවට ණය දෙමින් වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බව ද ඇලිස් ජී. වෙල්ස් මහත්මිය එහිදි සඳහන් කර ඇත.
එම නිසා අදාළ ණය ගෙවීමට ශ්‍රී ලංකාව අසමත් වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී ණය සහනයක් වශයෙන් ශ්‍රී ලංකාව 99 අවුරුදු බද්දකට හම්බන්තොට වරාය චීනයට දුන් බව ද පවසා ඇත.
ශ්‍රී ලංකාව තුළ චීනයේ මූල්‍ය පහසුකම් යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන බව පෙනී යන බව ද ඇය සඳහන් කර තිබේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 104 විදුලි සංදේශ කුළුණ සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 2-09ක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආදී හිස් සහ භාවිත නොකරන ව්‍යාපෘති රැසක් ඇති බව ද වෙල්ස් මහත්මියා කියා තිබේ.
ශ්‍රී ලංකාවට අමතරව චීනයේ මූල්‍ය පහසුකම් යටතේ සහ චීනයේ ‘වන් බෙල්ට් වන් රෝඞ්’ ව්‍යාපෘතිය යටතේ සංවර්ධන ව්‍යාපෘති කෙරෙන රටවල් රැසක් ණය අවදානමකට පත්ව ඇතැයි ද ඇයි එහිදි වැඩිදුරටත් පවසා ඇත. පාකිස්තානය, මාලදිවයින, ටජිකිස්තානය සහ කිර්ජිස්තානය ඇතුළු රටවල් ද ඒ අතර වන බව තවදුරටත් සඳහන් කර ඇත.
ඇලිස් ජී. වෙල්ස් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ධුරය හොබවයි. එමෙන්ම ඇය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරයි.
Cisco Wednesday, 27 November 2019 08:12 AM
අපේ අය කියන්නේ ගිවිසුම හොඳද බලල තීරණය කරනවා කියලා. එහෙම නම් ඇමෙරිකාව කොහොමද කියන්නේ ඉක්මනින් ක්‍රියාත්මක කරනවා කියලා.
Reply : 7 129
ජයන්ත මිලානෝ Wednesday, 27 November 2019 08:16 AM
එතුමියට ඒ අයිතිය තියෙනවා කෙලින්ම කියන්න සහ ක්‍රියාත්මක කරන්න. එතුමියගේ රට වැසියෙක් රට කරන විට.
Reply : 521 823
Hafeel Wednesday, 27 November 2019 08:27 AM
හරි හරි. දැන් කලබල වෙන්න ඕන නැහැ. ඔබලාට පහසුවෙන් මේක කරගන්න පුළුවන් වේවි.
Reply : 147 66
SANJU Wednesday, 27 November 2019 08:28 AM
මේක නිකන් එයාගේ රටක්ද ?
Reply : 44 62
sena Wednesday, 27 November 2019 08:32 AM
ජනාධිපතිතුමා මේක කොහොමවත් අත්සන් කරන එකක් නැහැ. චීනා ඇවිත් හම්බන්තොට අල්ලා ගත්තා ඇමරිකන් කාරයා කොළඹ ඉඳලා තිරිකුණාමලේටම සල්ලි දීලා ගන්න යනවා එතකොට අපිට රටක් කෝ...?
Reply : 104 147
Vajira Wednesday, 27 November 2019 08:34 AM
ඒවා කොහෙද අපේ නව ජනාධිපතිතුමා එක්ක. ඇමෙරිකාවට ඕන විදිහට නටන්න එතුමා සූදානම් නැහැ.
Reply : 56 244
athula Wednesday, 27 November 2019 09:14 AM
අපේ රටේ ඉන්න බත් කන හරක් හිතන් ඉන්නේ ජනාධිපති කියන්නේ ලෝකෙටම ලොක්කා කියලා.. යකෝ රටේ ආර්ථිකය උකස් කරපු අයටම තමයි රට පාලනය කළෙත්, කරන්නෙත්.. රටක ශක්තිය කියන්නේ රටේ ආර්ථිකය... එ්ක අද අංශභාග රෝගියෙක් වගේ නිකම් බොරු කයිවාරු ගැහුවට වැඩක් නැහැ. රටේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් ඕනේ.. ඕකට තමයි අමරදේව මහත්තයාගේ ගීතයක් තියෙන්නේ '' ණය නැති, බිය නැතිරටක් ඕනෑ කියලා '' රට උකස් කරුවේ ඔය ජනාධිපතිගේ අයම තමයි.. එක තව තවත් හිර කළා.
Reply : 120 338
nimal Wednesday, 27 November 2019 11:32 AM
අනේ ඔව්, රනිල් ලොක්කා කළේ ඔක්කොම හොඳ දේවල්... රට මාර දියුණු නෑ බාර දෙනකොට...
0 0
pathirana Wednesday, 27 November 2019 08:35 AM
කෝ අපේ දියසේන කුමාරයා? කෝ අපේ පංචායුධ කුමාරයා?
Reply : 108 179
Ranjith Wednesday, 27 November 2019 10:44 AM
ආර්ථික ඝාතකයාගෙන් පත්වීමේ ලිපිය ගත්ත විමලේ මේකට විරුද්ධවෙයි කියලා හිතනවද?
Reply : 106 235
sandy123 Wednesday, 27 November 2019 08:39 AM
බලමු දැන් පහුගිය දවස් වල අලුත් ආණ්ඩුවට කඩේ ගිය කට්ටියගේ අදහස්. මම පරණ ආණ්ඩුව කාලෙත් මෙය විවේචනය කළා. මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට විරෝධය පා මාරාන්තික උපවාසයක් යන සිරස්තලයට පක්ෂව මම අදහස් ප්‍රකාශ කළා. හැම රටක්ම තමන්ගේ වාසියට යම් ගිවිසුමක් ගහන්නේ. නැතුව කව්රුවත් පිනට දෙන්නේ නැහැ. එහෙම උණුවෙන හිත් දේශපාලනයේදී නැහැ. තමන්ගේ රටේ කොයිතරම් ප්‍රශ්න තියාගෙනද තව රටක ප්‍රශ්නයකට මැදිවෙන්නේ. නමුත් අපේ කරුමෙක මහත අපේ කියන අය මේ ගිවිසුම් වලට එළැඹෙන්නේ තමන්ගේ රට ගැන නොහිතා. පුද්ගලික වාසි පතා... ඕනෙම මෝඩයෙක් දන්නවා ණයක් ගත්තොත් පොලියත් සමග ගෙවන්න වෙන විත්තිය. එක ණයක් පියවන්න තව ණයක් ගන්නවා. ඒක පියවන්න තවත් එකක්. දම්වැල වගේ යනවා. අනවශ්‍ය වියදම් කපා හැර ණය පියවන්න බලන්නේ නැහැ. ඒවා තව තව වැඩියෙන් කරනවා. හැම රකියාවකටම අධ්‍යාපන සුදුසුකම් ඕනේ. වයස් සීමාවක් තියෙනවා. රැකියා ප්‍රතිලාභ ලැබෙන්නේ ඒ අනුව. නමුත් දේශපාලකයින්ට? කිසිම දෙයක් අවශ්‍ය නැත. දේශපාලනයේදී ඉන්නකම් පගාව, කොමිස් එකී මෙකි හැමදේම ගන්නවා වරප්‍රසාද සමග. ඒ මදිවට අවුරුදු 5ක් හිටියම විශ්‍රාම වැටුප්. කාට කියන්නද?
Reply : 361 469
Ranjith Wednesday, 27 November 2019 11:16 AM
Sandi123, ඔබ කියන දෙයට ලැබෙන ප්‍රතිචාර බලන්න. ලංකාවේ මිනිසුන් අකමැතියි එය පිළිගන්න. මා මීට ඉහතදීත් කීවා ඇමරිකාව කෙසේ හෝ මෙය අත්සන් කරන්න උත්සාහ කරන බව අමතක කරන්න එපා. ඔවුන් තවමත් ගෝඨාභයගේ පුරවැසි බව ඉවත්කරා කියලා පවසලා නැහැ. ඒ නිසයි ඔවුන් කියන්නේ මිලේනියම් ගිවිසුම ඉතාම ඉක්මණින් ක්‍රියාත්මක කරන බව... ඡන්දෙ දුන්නු 69 ලක්ෂය ගැන දුකයි... පව්නේ..
Reply : 8 115
sandy123 Wednesday, 27 November 2019 11:46 AM
රන්ජිත් - මම කාටවත් කඩේ නොයා හිතට එකඟව මගේ දැනීම අනුව අදහස් ප්‍රකාශ කරනවා. මම වැරදි නම් එය පහදා දිය යුතු වුවද වහල් චින්තනයෙන් මිදෙන්න වහල්ලු අකමැතියි. කව්රු කළත් හොඳ දේට හොඳයි කියන්න මම පසුබට වෙන්නේ නැති වගේම නොහොඳට විරුද්ධවත් මම අදහස් ප්‍රකාශ කරනවා. එය මගේ අයිතියක්... ලැබෙන ප්‍රතිචාර වලින් හොඳ නරක මනින්න බැහැ. අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. නමුත් කවුරු කොහොම කිව්වත් මම නම් ඔය ගිවිසුමට විරුද්ධයි. බලමු අපේ විරුද්ධ වුණු ස්වාමීන් වහන්සේ ඉදිරියේදී කරන දේ දිහා...
0 0
sandy123 Wednesday, 27 November 2019 12:16 PM
රන්ජිත් - මම කාටවත් කඩේ නොයා හිතට එකඟව මගේ දැනීම අනුව අදහස් ප්‍රකාශ කරනවා. මම වැරදි නම් එය පහදා දිය යුතු වුවද වහල් චින්තනයෙන් මිදෙන්න වහල්ලු අකමැතියි. කවුරු කළත් හොඳ දේට හොඳයි කියන්න මම පසුබට වෙන්නේ නැති වගේම නොහොඳට විරුද්ධවත් මම අදහස් ප්‍රකාශ කරනවා. එය මගේ අයිතියක්... ලැබෙන ප්‍රතිචාර වලින් හොඳ නරක මනින්න බැහැ. අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා... නමුත් කවුරු කොහොම කිව්වත් මම නම් ඔය ගිවිසුමට විරුද්ධයි. බලමු අපේ විරුද්ධ වුණු ස්වාමීන් වහන්සේ ඉදිරියේදී කරන දේ දිහා...
0 8
Ranjith Wednesday, 27 November 2019 01:53 PM
Sandy123.. සමාවෙන්න .. මගේ පැහැදිලි කිරීමේ පැටලිල්ලක් වුණා වගේ.. මා කීවේ ඔබ කඩේයාමක් වගේ දැනුණා කියා නොවෙයි... 69 ලක්ෂය අකමැතියි ඔබ කියූ දෙයත්, මා කියූදෙයත් පිළිගන්න.. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය කිව්වා ඡන්දෙන් පසු ඔවුන් මිලේනියම් ගිවිසුම අත්සන් කරණ බව... නව ජනාධිපතිගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඔවුන් කීව එසේ නොකරන බව... නමුත් දැන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන ඇලිස් ජී. වෙල්ස් මහත්මිය පවසනවා ගිවිසුම අත්සන් කරනා බව... ඔවුන් ගේම් එකක් සෙල්ලම් කරන්න හදනවාද ...? එයයි ප්‍රශ්නය... පැහැදිලිවම UNP චෙක්මෙට් වෙලා ඉවරයි. පොහොට්ටුව චෙක්මෙට් කරනවාද කියා ඔවුන් බලන බවයි මගේ හැඟීම .. අපි විරුද්ධ වුණත් දැන් රජයට පුළුවන් සංශෝධනය කරා කියලා අත්සන් කරන්න. බලමු අපි... මා වැරදි වෙන්න පුළුවන්... අපේ විරෝධය ඔවුන් පිළිගනීවිද?
Reply : 0 2
sandy123 Wednesday, 27 November 2019 06:33 PM
මම ඔබව වැරදියට තේරුම් ගත්තේ නැහැ. ඔබ කියූ අදහසට මමත් තව ටිකක් එකතු කළා පමණි. ඇත්ත මම, ඔබ සහ මගේ අදහසට එකඟ අය විරුද්ධ වූ පමණින් මෙය අකුලා ගන්නේ නැති වග ඉර හඳ වගේ විශ්වාසයි. ඒ වගේම මොනයම් හරි උප්පරවැට්ටියක් දමා මෙම ගිවිසුම අත්සන් කරාවි. නමුත් අපේ සිතට එකඟව අපි විරුද්ධ වුණා යනුවෙන් අපට සතුටු විය හැක. අපි මේ රටට මේ කාරණයේදී ණය නැති වග කවදා හෝ ප්‍රතිවිරුද්ධ අදහස් දරන අයත් සාක්ෂි දරාවි.
0 1
sandy123 Wednesday, 27 November 2019 08:24 PM
රන්ජිත් - මම ඔබව වැරදියට තේරුම් ගත්තේ නැහැ. ඔබ කියූ අදහසට මමත් තව ටිකක් එකතු කළා පමණි. ඇත්ත මම, ඔබ සහ මගේ අදහසට එකඟ අය විරුද්ධ වූ පමණින් මෙය අකුලා ගන්නේ නැති වග ඉරහඳ වගේ විශ්වාසයි. ඒ වගේම මොනයම් හරි උප්පරවැට්ටියක් දමා මෙම ගිවිසුම අත්සන් කරාවි. නමුත් අපේ සිතට එකඟව අපි විරුද්ධ වුණා. යනුවෙන් අපට සතුටු විය හැකිය. අපි මේ රටට මේ කාරණයේදී ණය නැති වග කවදා හෝ ප්‍රතිවිරුද්ධ අදහස් දරන අයත් සාක්ෂි දරාවි. අපේ රටට තෙරුවන් සරණයි...!!!
0 0
sandy123 Thursday, 28 November 2019 04:29 AM
රන්ජිත් - මම ඔබව වැරදියට තේරුම් ගත්තේ නැහැ. ඔබ කියූ අදහසට මමත් තව ටිකක් එකතු කළා පමණි. ඇත්ත මම, ඔබ සහ මගේ අදහසට එකඟ අය විරුද්ධ වූ පමණින් මෙය අකුලා ගන්නේ නැති වග ඉර හඳ වගේ විශ්වාසයි. ඒ වගේම මොනයම් හරි උප්පරවැට්ටියක් දමා මෙම ගිවිසුම අත්සන් කරාවි. නමුත් අපේ සිතට එකඟව අපි විරුද්ධ වුණා යනුවෙන් අපට සතුටු විය හැක. අපි මේ රටට මේ කාරණයේදී ණය නැති වග කවදා හෝ ප්‍රතිවිරුද්ධ අදහස් දරන අයත් සාක්ෂි දරාවි. අපේ රටට තෙරුවන් සරණයි.
0 2
රජින්ද Wednesday, 27 November 2019 08:41 AM
එහෙම කරනවා නම් ඉතින් කරන්න වෙන්නේ මේ රට අමු සොහොනක් වුණාට පස්සේ තමයි. මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව 52.25%ක ප්‍රතිශතයකින් ජනාධිපතිවරයා තෝරා ගත්තේ ඔය කියන ගිවිසුමට විරෝධය දක්වන්න තමයි. ඇමෙරිකාවේ තනි මතයට එහෙම දෙයක් කරන්න අාවොත් චීනය සහ ඉන්දියාව සමග විශාල මත ගැටුමකට මුහුණදෙන්න සිද්ධ වෙයි. රට මේසා වියවුලකට පත්කළ මුග්ධයින් මේ රටින් පිටුවහල් කළ යුතු නොවේද?
Reply : 145 364
kap Wednesday, 27 November 2019 10:05 AM
ඔයා පව්. හිත දැන්ම හදා ගන්න. මොකට පස්සේ දුක් වෙනවද ?
Reply : 117 236
duminda Wednesday, 27 November 2019 10:09 AM
ආර්ථික ප්‍රතිලාභ නැති ව්‍යාපෘති වලට ණය දීලා ඒවා නැවත බදු ගන්න එක චීනේ විදිහ කියල ලෝකෙම දන්නවා. අපිට 2010-2015 උනෙත් ඒක. එම්.සී.සී එකෙන් අඩුම ගානේ යටිතල පහසුකම් වලට මුල් තැන දෙනවා. ඒ උනාට අපේ දේශප්‍රේමී නඩයට තාම පේන්නේ ඡන්දේ කාලේ මවපු බිල්ලව.
Reply : 109 127
Weera Sankili Wednesday, 27 November 2019 11:55 AM
මේ ගිවිසුමට මුල් පදනම දැමුවේ රාජපක්ෂ රෙජීමය කාලෙදී ගෝඨාභය මහතා විසින්මයි. මේ කමෙන්ට්ස් දාන අයට මේවා නොතේරෙන හැටි...
Reply : 0 0
විමුක්ති Wednesday, 27 November 2019 08:44 AM
ඔන්න බයියනේ වෙනස සැපවෙන්න යන්නේ.
Reply : 236 329
රජින්ද Wednesday, 27 November 2019 08:58 AM
මෝඩ ජෝක් දාන්නෙපා මහත්මයා... පැවැති යහපාලනය යයි කියාගත්තා වූ ඇමෙරිකානු ගැති ආණ්ඩුවේ පව් තමයි ඔය ගෙවන්න වෙලා තියෙන්නේ. ඔබතුමාට අදද සිහිය අාවේ...?
Reply : 840 635
Nishan Wednesday, 27 November 2019 10:13 PM
ඇමරිකන් ගැති ආණ්ඩුවද ඇමරිකන් ජාතික ජනාධිපතිද වැඩියෙන් බලවත්? ගිවිසුම අත්සන් කරන්නේ ඔයාලගේ ආණ්ඩුව මිසක් ගිය ආණ්ඩුව නෙවෙයි. දැන් ආණ්ඩු කරන්නේ යහපාලන ආණ්ඩුව නෙවෙයි. ඇමරිකාව බලෙන් මේක අපේ ඇඟේ ගහන්නේ නැහැ. අත්සන් කරන්නේ මේ ආණ්ඩුවේ වුවමනාව නිසා.
0 0
MIHIRA Wednesday, 27 November 2019 08:45 AM
තිස්ස සර් බලමු දැන් මොකද කියන්නේ කියලා..? රට බෙදෙනවා කොරිඩෝව දානවා කිව්වනේ. බලමු දැන් කියන දේ...
Reply : 416 364
ravi Wednesday, 27 November 2019 11:55 AM
ඇයි එතුමා කිව්වේ බොරුද...? ඔය කොරිඩෝ එක ගැන තියෙන්නේ කැබිනට් පත්‍රිකාවේ...
Reply : 0 0
Lalith Wednesday, 27 November 2019 08:48 AM
මෙම ගිවිසුම රටට ඉතා වැඩදායි වටිනා ගිවිසුමක් බව දේශප්‍රේමී ජනතාව සහ ඇමතිවරුන් ඉතා නුදුරේදී මාධ්‍ය සංදර්ශන පවත්වනු ඇත.
Reply : 228 328
lalithm Wednesday, 27 November 2019 08:49 AM
වීරවංශ තුමාට දැන්නම් පාරේ බුදියගෙන තැඹිලි බොන්න බැහැ. ඇමතිතුමෙක්නේ? හී හී හී !!
Reply : 112 123
Nishan Wednesday, 27 November 2019 08:53 AM
රටේ ප්‍රධාන, පුද්ගලික මාධ්‍ය දෙකක් සහ විමල් උන්නැහේ ගිරිය පුප්පගෙන සිතියම් පෙන්න පෙන්න ආර්ථික කොරිඩෝර් ගැන ජනතාව උසිගැන්නුවා. ඇමරිකාවට ඉඩම් අයිති වෙනවා කිව්වා. ඒ කොරිඩෝවේ පදිංචි ජනතාවගේ ගෙවල් කැඩෙනවා කිව්වා. දැන් බලමු එයාලා මොකද කියන්නේ කියලා.
Reply : 129 140
kiwkiw Wednesday, 27 November 2019 09:03 AM
කඩේ ගියපු අය කෝ...?
Reply : 107 188
eresh S kumara Wednesday, 27 November 2019 09:07 AM
මොන ආණ්ඩුව තිබ්බත් මේවට ඉඩදෙන්න බැහැ
Reply : 68 21
බද්රානි Wednesday, 27 November 2019 09:33 AM
ඕකේ අවසානය කෙලවර වෙන්නේ කොහොමද කියලා මම කියන්නද? "රටට අහිතකර වගන්ති ඉවත් කොට, රජයේ නිර්දේශ මත පමණක් මේ ගිවිසුම අපි ක්‍රියාත්මක කරනවා" අන්න එහෙම කියපුවම, මෙලෝ හසරක් නොදැන තරගෙට හූ කියන මෝඩයෝ රැල ශබ්ද නගා අත්පුඩි ගසමින් එය අනුමත කොට හුරේ දමනවා?
Reply : 136 279
Nishan Wednesday, 27 November 2019 09:55 AM
සම්පූර්ණ ඇත්ත. ඕක ඔය විදියටම විමල් උන්නැහේම කියයි කිසි ලැජ්ජාවක් නැතුව... රාජපක්ෂලා නම් කියන්නේ කරන්නේ ගේන්නේ ඕනෙම කුණු ගොඩක් හොඳයි මෙයාලට...
Reply : 118 220
sharm warn Wednesday, 27 November 2019 10:05 AM
ඔන්න දැන් බලාගන්න පුළුවන් කාගේ කාගේත් කෙරුවාව. මේ මගඩිය ගැන ජනතාව දැනුවත් කළේ නැහැ කිසිම වෙලාවක. අපේ රටේ සිතියම් ගැන ඇමරිකාවට තියෙන රුදාව මොකද්ද ? අනිත් එක එහෙම කරන්න රට මැදින් තීරුවක් වෙන් කරලා දෙන්න ඕනද ? එකිනෙකට පරස්පර හේතු දක්වල ජනතාව ගොනාට අන්දවන එක අවසන් කළ යුතුයි. මෙවැනි ආන්දෝලනාත්මක ව්‍යාපෘති වලට අත දාන්න කලින් තමන්ගේ හෘදසාක්ෂියට කතා කරලා බලන්න ඕන පාලකයෝ හැටියට මේ උගස් තියවෙන්නේ කාගේ කාගේත් දරුවන්ගේ අනාගතය කියලා. ලංකාවත් හයිටියක් කර ගන්නවද ? නැද්ද ? මේ ගැන හොදින් සොයා බලා තේරුම් ගන්න.
Reply : 137 11
karu Wednesday, 27 November 2019 10:22 AM
එදාට අපේ රට ලේ විලක් වෙනවා. මිට සම්බන්ධ ඔක්කොම දේශපාලුවන්ට සිදුවන දෙය බලාගන්න පුළුවනි. මේ රජය බලයට ගෙනාපු ඩුප්ලිකේට් අය මදි නොකියා ගුටිකනු නොඅනුමානය. හමුදාව යොදවා වැඩක් වෙන්නේ නැත. හමුදාව රට රැකගැනීමට මහජනයා සමග පෙරට එනු ඇත. එදින ගෝඨාභයගේ රජයේ අවසානය පමණක් නොව මැදමුලන බයියන්ගේ අවසානයත්ය.
Reply : 135 375
karu Wednesday, 27 November 2019 11:58 AM
මැද මූලනයින්ට පාර්ලිමේන්තුවේ බහුතරය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න බැරිවෙනවා. බැරිවෙලාවත් මේක අත්සන් කලොත් ඔය ඔක්කෝටම මැද මුලන කැලෑවේ තමයි හැංගෙන්න වෙන්නේ...
Reply : 0 1
Kumara Wednesday, 27 November 2019 10:35 AM
විමලේ නිදිද දන්නෑ.....
Reply : 131 21
sigithi Wednesday, 27 November 2019 10:36 AM
ජනාධිපතිතුමනි, දැන් ඔබතුමා දෙන පිළිතුර කුමක්ද ? අපි ඔබ තුමාට ඡන්දය දුන්නේ රට බේරා ගැනීමටයි. අපගේ රට පාවාදෙන්න එපා. අපට මිලියන 480 ත් එපා. අපේ දුප්පත්කම අපිට හොදයි. අපි ඔබතුමා විශ්වාස කරන්නෙමු . එක් වරක් අපේ රට බේරා ගත් නායකයා ඔබයි. අපේ රට නිදහස් කර දෙනු මැනවි.
Reply : 67 113