(ඩයනා උදයංගනී)
අනාගතයේ ජනාවාස ව්‍යාප්ත කළ යුතු ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ආර්ථික කොරිඩෝවන් සහ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අතර කිසිම සම්බන්ධයක් නැතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එම ගිවිසුමෙහි ඉඩම් පැවරීමක් සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නැතැයි කී ඇමැතිවරයා එය මගින් සිදුකෙරන්නේ මහනුවර නගරයේ දැනට ක‍්‍රියාත්මක සහසර ව්‍යාපෘතිය රට පුරා ව්‍යාප්ත කිරීම, මාර්ග සංවර්ධන අධිකාරිය හරහා රට පුරා මාර්ග පද්ධතියක් සකස් කිරීම, ඉඩම් අමාත්‍යාංශයට ඉඩම් මැන අවසන් කිරීම සඳහා සහයදීම ආදිය පමණක් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
නිසි අධ්‍යාපනයක් නොලැබූ, තම දරුවන් විදේශයන්හි පදිංචි කරවා සිටින වංචනික දේශපාලකයින් කුමක් කීවත් රටට තිබෙන එකම ඇමෙරිකන් මරඋගුල වන්නේ ඇමෙරිකන් පුරවැසියෙක් වන ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීමට යාම බව කී අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයෙන් හෝ නොවිමසා ඇක්සා ආදී හොර ගිවිසුම් අත්සන් කළේ එම ජනාධිපති අපේක්‍ෂකයා බව ද ප‍්‍රකාශ කළේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී අද (1) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
රටේ ආර්ථික කොරිඩෝ හතරක් හඳුනාගෙන ඇත්තේ රටේ අනාගතයේ ඇතිවිය හැකි ඉඩම් හිඟය, ජල හිඟය, අධ්‍යාපන අවශ්‍යතා ආදී කරුණු මත රටේ අනාගතය වෙනුවෙන් බවද ඇමැතිවරයා කීවේය.
එම ජාතික භෞතික සැලසුම සකස් කළේ මෙරට විද්වතුන් වසර ගණනක් මහන්සි වෙමින් බව කී ඇමැතිවරයා එයට ඇමෙරිකාවේ කවුරුත් සම්බන්ධ වී නැතැයි ද පැවසීය.
රටේ ජනාවාස අනාගතයේ දී මේ කොරිඩෝ වෙත ගෙන ආ යුතු බවට යෝජනා වී ඇතැයි කී ඇමැතිවරයා එය මුලින්ම කළේ පරාක‍්‍රමබාහු රජතුමාගේ සමයේ බවත්, රට ත‍්‍රිකුණාමලයෙන් මධ්‍ය ආසියාවට විවෘත කර මෙම කොරිඩෝව ඇතිකළේ එතුමා බවත් සඳහන් කළේය.
COMMENTS
ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ජනතාවට දැනගැනීමට මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන්න... ඔයාලගේ බයිලා අපට අහලා එපා වෙලා. හංගන්නේ නැතිව එළියට දාන්න ජනමත වමසුමකට යන්න.. ඔබට විසඳුම ලැබේවි...!!!
පච වලට රටේ මෝඩයෝ අහු වෙනවා.
මොකක් හරි ඕකේ තියෙන කරුණු ටික මහජනතාවට පෙන්නුවානම් ඉවරයිනේ. මෙයාලා නිකන් මිනිස්සුන්ව ගොනාට අන්දන්න හදන්නේ මේ රටේ ඉන්න මිනිස්සු බත් කන හරක් කියලා හිතාගෙනද?
මේ කට්ටිය එක එක ගිවිසුම් ගහන්නේ මේ රට මෙයාලගේ බුදලේ වගේනේ. එහෙම එකක් නෙමෙයි යහපාලන ආණ්ඩුවෙන් මිනිස්සු බලාපොරොත්තු උනේ. තව අවුරුදු 5ක් හිටියොත් රටම විකුණලා දමයි.
ඇමරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද විලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් දැඩි විරෝධය දක්වයි. මෙවන් ගිවිසුමක් අත්සන් තැබීම කඩිනමින් සිදු නොකළ යුතු බවත් පාර්ලිමේන්තුවේදී වාද විවාද කරගත් පසු ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගන්නා ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටිති.
ඔය කියන විදිහට කිසිම චැලේන්ජ් එකක් නැහැ?
හොදට අහගන්න.මේ කියන්නේ ඇත්ත. බයියන්ට ඉතින් අර පවුලේ කට්ටිය අත්සන් කළානම් ඕන ගිවිසුමක් හෝ පාවාදීමක් හොදයි.
අගමැතිකමට සහ නීතිය හා සාමයට දෙන්නෙක් ඉන්නවා. ඔබට දුන් පොරොන්දුව මොකක්ද?
ඉතින් ඕක එච්චරටම රටට හොඳ නම් ඔයාගෙ ජනාධිපති අපේක්ෂකයගේ රට හදන ප්‍රකාශනයේ දැම්මනම් හරිනේ.
දේශපාලනයේ මහා කපටි නරියෙක්. එයාගෙ අරමුණ අනාගත ජනාධිපති සිහිනය පමණි. ඒ සඳහා 2025 දී හෝ 2030 එජාප අපේක්ෂකයා වීමේ කපටි අරමුණ විතරයි ඔහුට තියෙන්නේ. ඒ සඳහා ඕනෑම පාවාදීමකට ඔහු සූදානම්.
ඕක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බය මොකද?
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් දැඩි විරෝධය දක්වයි.
කාලෙකට ඉස්සෙල්ලා මම ගරුකරපු මනුස්සයෙක්... දැන්නම් දකින්නත් අප්පිරියයි..
දේශපාලනයේදී මෙලෙස පත්වීමට වැඩි කාලයක් නොගනී...
නොවැම්බර් 17 වෙනිදා ඉදලා ඉතින් මේක ඇමෙරිකාවේ කොටසක් වගේ තමා. ආයේ ගිවිසුම් මොනවටද? බිරිද, දරුවන් හා උපයපු සබ්බ සකල මනාවම ඇමෙරිකාවේ ඇපයට තිබියදී ගෝඨාභය කොහෙද ඔලුව කෙලින් කරගෙන වැඩක් කරන්නේ? අමෙරිකාවෙන් අහන් නැතිව. දැන් ප්‍රශ්නයක් අහනකොට අයියා දිහා බලන්නේ ජනාධිපති උනාම සියලු අවස්ථාවල කට අරින්න. වැඩක් කරන්න කලින් ඇමෙරිකාව දිහා තමයි බලන්නේ. මොනවා උනත් අපිට ඇමෙරිකන් අර්යාවක් ලැබෙනවනේ. ශ්‍රීලන්කන් එක පරිපලනය කරලා ආසියාවේම ආශ්චර්යවත් ගුවන් සේවය බවට පත්කළා වගේ ලංකාවත් සුකිත මුදිත කරයිනේ. 2020 දි අපි ඇමෙරිකාවේ 51 වන ප්‍රාන්තය. ඇමෙරිකන් කොඩියත් අපි වෙනස් කරනවා තව තරුවක් එක්කරලා.
ඔය දෙන්නා යන ඉඩම් තියෙන තැන කියන්නකෝ... ඔය විරෝධතා කාරයෝ පෝලිමේ ගිහින් එතැන පදිංචිවෙන්නේ නැතිද බලන්න? ඇමෙරිකන් පාස්පෝට් ගන්න.
මේක අත්සන් කරනවා නම් මේ දෙන්නාගෙන් කවුරු උන්නත් වැඩේ කරනවා.. ජනතාව විදිහට මේකේ තියන හොඳ හෝ නරක ගැන විමසීමෙන‍් එයට විරුද්ධ වීම හෝ එකඟ වීම කළ යුතුයි..
එතකොට මිනින්දෝරු දෙපාර්තමේන්තුව වහනවද?. තියාගෙන ඉඳලා වැඩක් නෑනේ.
ඔබලා කරන කුණු වැඩවලට අපේ රටේ කීර්තිමත් රජවරුන්ගේ නම් ඈඳාගෙන අගෞරව කරන්න එපා. එක රැලක් මහසෙන් රජතුමාට අගෞරව කළා. ඉන්පසු නන්දිමිත්‍ර වැනි ඉතිහාසයේ සඳහන් වන වීරවරයින්ට අපහාස කළා. ඔබලා සියල්ල එකතු වී මේ රටේ අසහාය නායෙකු වන ගරු ඩී. ඇස්. සේනානායක මැතිඳුන්ටත් එතුමා ආරම්ඹ කළ දේශපාලන පක්ෂයේත් නමේ ගොම තවරමින් සිටින්නේ.
නෑ ඇමරිකාවේ ඉඩම් ලංකාවට දෙනවලු..
වේදිකාවෙදි ප්‍රශ්නයක් ඇහුවා කියලා මාධ්‍යයවේදියෙකුට නැගිටින්න බැරිවෙන්න ගැහුවේ ඔබතුමාගේ ගෝලයොනේ. මහ ලොකු ප්‍රජාත්‍රන්තවාදය. ලංකාවේ දැන් ඉන්න පරපුර මෝඩයෝ කියල හිතන්න එපා.
රට කන දේශපාලකයන්. ආවේ ධර්මය රකින්න කියලා දැන් පතල් හාරනවා.