
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කර සිටින මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලි නුවරදී අද (22) ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා වෙත සිය අක්තපත්‍ර පිරිනැමීය.
අමාත්‍යවරයකුගේ නිල තත්ත්වය (කැබිනට් නිල තත්ත්වය) යටතේ මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කර ඇත.
‘කොවිඩ්-19’ වසංගත තත්ත්වය හේතුවෙන් පිළිගත් සම්ප්‍රදාය වෙනස් කරමින් නව සම්ප්‍රදායක් ස්ථාපිත කර තිබෙන අතර ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විඩියෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් අක්තපත්‍ර බාර දීම සිදු කෙරුණු.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අක්තපත්‍ර පිළිගැන්වූයේ ද විඩියෝ තාක්ෂණය ඔස්සේ ය.
ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවෙස වන රාෂ්ට්‍රපති භවන් මන්දිරයේ සිට ඉන්දීය ජනාධිපතිවරයා එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධ විය. ඒ අනුව මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා එම අවස්ථාවේ දී ඉන්දීය ජනාධිපතිවරයා ට අක්තපත්‍ර පිළිගැන්වීය.


2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මිලින්ද මොරගොඩ ඉන්දීය ජනාධිපතිට අක්තපත්‍ර පිරිනමයි