(අනීෂා මානගේ)
වැලිකඩ සිට අඟුණකොළපෑළැස්ස බන්ධනාගාරයට මාරු කර එවූ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වී සිටින රැඳවියක පරීක්ෂා කිරීමේදී ඇය සතුව තිබූ සබන් කැටයක් තුළට සූක්ෂම ලෙස ඇතුළු කර තිබූ බ්ලේඩ් තලයක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීහූ අද(12) සමත්වූහ.
මෙලෙස වැලිකඩ බන්ධනාගාරයේ සිට අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයට මාරු කර එවා තිබුණේ මත්කුඩු සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වී සිටි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
මෙම කාන්තාව අද (12) වැලිකඩ බන්ධනාගාරයේ සිට අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර එවා ඇති අතර පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් විසින් මෙම කාන්තාව අඟුණකොළපෑළැස්ස බන්ධනාගාරයේ පිවිසුම් දොරටුවේදී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇත.
COMMENTS
බන්ධනාගාර රැඳවියන්ට පිටින් ගෙනෙන ආහාරපාන, රෙදිපිළි හෝ වෙනත් ද්‍රව්‍ය තහනම් කළයුතු වෙනවා..! පිටින් ගෙනෙන සබන් කැටවල වැඩි සුවඳක් තිබෙන නිසාද රැඳවියන් මෙසේ බ්ලේඩ් තල සහිත සබන් ගෙන්වන්නේ? කූඩුවල තපිමින් අපරාධකිරීම සඳහා සඟවාගෙන තිබූ ජංගම දුරකථන කොතරම් ගාණක් මෙතෙක් සොයාගෙන තිබේද? පසුගිය යහපාලන රජය ක්‍රියාත්මක කළ පොදු දුරකථන මැදිරි හැම බන්ධනාගාරයකම ස්ථාපිතකර ජංගම දුරකථන වසංගතයත් ඉක්මනින් දුරු කළයුතුයි..!!
මේක නම් හොඳ සොයා ගැනීමක්. සබන් කැටයක් රත් කරලා දියවුණාම එ්ක ඇතුළට ඔය වගේ දේවල් දමලා අායෙත් අච්චුවක ගල් කරන්න පුළුවනි. මේ වගේ දේවල් පිටතින් ගෙනෙන්න දැම්මා නරකයි. අවශ්‍ය නම් බලන්න එන අයට මුදල් ගෙවන්න කියලා බන්ධනාගාරයේ තැනකින්ම සපයන්න පුළුවනි. මේ විදියට සාමාන්‍ය පරීක්ෂණ කපකරණයකට අසු නොවෙන්න කුඩු පවා ගෙනියනවා ඇති. සමහර රෝහල්වල පවා මේ ක්‍රමය අනුගමනය කරනවා...
ඉතිහාස ගතවන සොයාගැනීමක්, අනේ මේතරම් ප්‍රශ්න තියන රටේ... ඕක මොකක්ද?