(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
වතු කම්කරුවන්ගේ දිනක වැටුප මාර්තු මස සිට රුපියල් 1000 ක් දක්වා වැඩි කර ලබාදීමට රජය පියවර ගෙන ඇති බවත් ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම් ඉදිරි දින කීපයතුළදි වතු සමාගම් සමඟ අත්සන් කරනු බලන බවත් ප්‍රජා සංවර්ධන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතා පැවැසීය.
ආගරපතන, ඩයගම, නට්බෝන් ප්‍රදේශයේදී අද (14) පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා එසේ කීය.
මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශය මගින් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඉදිකරන ලද ඩයගම, නට්බෝන් දෙමළ විදුහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව මෙම උත්සවය පැවැත්විණි.
එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.
“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්ව විදිහටම වතු කම්කරුවන්ගේ දිනක වැටුප වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. පසුගිය රජයේ වතුකරයේ සිටි ඇමැතිවරුන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරනවා කියා ඔවුන් රැවට්ටුවා.
වතු කම්කරුවන්ට බොරු කීවා. වතුකරයේ එම ඇමැතිවරුන්ට වතු කම්කරුවන්ට වැඩි කරන ලද රුපියල් 50 ක වැටුප පවා දුන්නේ නැහැ. දෙන්න බැරි උනා.
කියන දේ කරන කරපු දේ කියන අයයි මේ රජයේ ඉන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම වතු කම්කරුවන්ගේ රුපියල් 1000 වැටුප් වැඩි කිරීම මාර්තු මස සිට අපි වතු කම්කරුවන්ට ලබා දීමට පියවර ගන්නවා” යැයි කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආව ගමන් දෙනවා කියලයි ඡන්දෙදි කිව්වේ. එ් විතරක්යැ. රණවිරුවන් පළවෙනි දවසෙම නිදහස් කරනවා. පොහොර නොමිලේ දෙනවා. සයිටම් එක ගන්නවා. පිටරටට විකුණපු සේරම ආපහු ගන්නවා. දූෂිත චෝදනා තියෙන අයට කිසිම තනතුරක් දෙන්නේ නැහැ වගේ පොරොන්දුත් දුන්නා වගේ මතකයි.
ගෝඨාභය ජනාධිපතිතුමා කියනදේ කලින් කරන කෙනෙක්... එ් නිසා තම මහබැංකු හොරු අද හිරගෙවල්වල දඬුවම් විඳින්නේ. පැය 48ක් යන්න කලින් අල්ලලා හිරේ දැම්මා... අපි ඒක හොඳින් වටහා ගත්තා කිරිපුතේ....
මාස 2 කට වැඩිය ඕක දෙන්නේ නැහැ. ඡන්දෙන් ආණ්ඩුව දිණුවොත්. ඊට පස්සේ රුපියල් 1000 නොවෙයි රුපියල් 10 ක්වත් දෙන්නේ නැහැ... රැවටෙන්න එපා.
ගරු ඇමති තුමනි, අද පවතින ජීවන වියදමට සරිලන වැටුපක් වතු කම්කරුවන්ට නොලැබෙන බව සැබෑවකි. එබැවින් ඔවුන්ගේ දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ඔබ ගන්න උත්සාහය අගය කරමි. නමුත් දිනකට ඔවුන් වැඩ කරන පැය ගණන ඔබ දන්නවාද ? උදේ 8 ට වැඩට එන ඔවුන් උදැසන ආහාර ගැනීමට විනාඩි 45 ක් ද තේ බිමට තවත් විනාඩි 30 ක්ද ගතකර දවල් 1.30 ට වැඩ අවසන්කර නිවෙස් බලා යයි. රජයේ සහ පුද්ගලික අංශයේ කම්කරුවෙකුගේ වැඩ කරන කාලසීමාව අඩු තරමින් පැය 8 ක් වේ. වතු කම්කරුවන් හට රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබා දෙන්නේ නම් ඔවුන් ද පැය 8 ක් වැඩ කල යුතු බව මගේ හැඟීමයි. ඔබ මෙය නොකියවන බව මම දනිමි. මේ සඳහා අදහස් දක්වන පාඨක මිතුරන්ගේ අවධානය අපේක්ෂා කරමි.
ඔබතුමා ගැන අපිට ආඩම්බරයි. ලඟදි ඉන්දියානු රුපවාහිනී නාලිකාවකින් ජාතික ගීය දෙමලෙන් ගයන කල යුතුද අහපු ප්‍රශ්නයට කෙලින්ම උත්තර දීලා බහුතර සිංහල ජනතාව හා රට ගැන අභිමානයෙන් කතා කල එක ගැන හරිම සතුටුයි. දෙමල ජනතාවටත් රජය පැත්තෙන් වෙන්න ඕනි දේවල් ඉටුකරන්න
ඇයි 1500 ක් දෙනවා කියල නේද ඡන්ද ගත්තේ