(හර්ෂණ තුෂාර සිල්වා)
ඝාතන ව්‍යවසනකාරී බවත් කිසිම විටෙක ප්‍රශ්නවලට විසඳුමක් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝ ප්‍රකට ව්‍යාපාරික සර් රිචඩ් බ්‍රැන්සන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වී ඇති බවත් ඔහු මාලදිවයිනේ ජනාධිපතිවරයාගෙන් ඉඟියක් ගෙන තම අදහස වෙනස් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් තිබේ.
ශ්‍රී ලංකාවේ සුන්දර ජනතාවට මීට වඩා දෙයක් හිමිවිය යුතු යැයි ද ඔහු සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.
සිය පළමු ට්විටර් පණිවුඩයෙන් පැය කිහිපයකට පසු තවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සිය රට සම්බන්ධයෙන් තෝරාගෙන ඇති හානිකර මාර්ගයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකියාව ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එසේ නොකළහොත් ජාත්‍යන්තර ප්‍රජාව, රටවල් සහ ව්‍යාපාර එක හා සමානව ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ ගෝලීය ක්‍රමවේදය අනුගමනය කරන බව මාලදිවයිනේ නව ජනාධිපති ඊබ්‍රහීම් මොහොමද් සෝලී මහතා පසුගිය වසරේ දී නිවේදනය කළ අතර මාලදිවයින පසුගිය වසරේ පැවැති එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේ දී මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම අනුමත කරමින් ඡන්දය ද භාවිතා කළේය.
මත්ද්‍රව්‍ය චෝදනාවලට වැරදිකරුවන් වී සිරදඬුවම් විඳිමින් සිටින සිව් දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමා අත්සන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
COMMENTS
අනේ බ්‍රන්සන් මහත්තයා, මරණ දඩුවම දෙන්නේ සුන්දර ජනතාවට නෙමේ. ඒ සුන්දර ජනතාවට අහස පොලව නුහුලන අපරාධ කරලා නීතිමය වශයෙන් මරණ දඩුවම නියම වෙලා අපේම බදු මුදලින් කකා බිබී රුපවාහිනී නරබමින් සුන්දර කාලයක් ගත කරන අපරාධකාරයන්ට කියල ඔයාගේ කුඩා මොලේට වැටහෙන්නේ නැත්තේ ඇයි ?
අනේ එහෙනම් මරණ දඩුවම හිමි සියලු වැරදි කාරයෝ සර් රිචඩ් බ්‍රැන්සන් මහතාගේ ගෙදර යවමු. යන්තම් රට හදන්න හරි පාරට ගත්තා විතරයි මැරෙන්න හදනවා මෙයාලා
චීනය අද ලෝකයේ දියුණුතම රටක් බවට වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම් දීලා. චීනය ඒ ජාවාරම් කරුවන්ගෙන් බේරාගත් නිසා බව අපි සියලු දෙනාම දන්නා දෙයක් නොවේද .?
මරණ දඬුවම ප්‍රශ්නවලට විසඳුම නොවෙන බව සත්‍යකි. මෙහිදී මහා මොළකරුවන් බේරී අසුවන්නේ සුළු අපරාදකරුවන්ය. පළමුව මේ වැරැද්ද නවතා දැමීමට එනම් මහා මොළකරුවන් විනාස කිරීමට ක්‍රියා කරන්න.
සම්පුර්ණ ඇත්ත. මරණ දඩුවම බෞද්ධ දර්ශනයට එකතු වන්නේ නැහැ. මිනීමැරීමක් තමයි මෙතන වන්නේ, වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි නමුත් මනුස්ස ඝාතන කරන්නට අනුබල දෙන්නට කිසිම බලයක් තව කෙනෙකුට බැහැ.
කවුරුන් කෙසේ කීවද... මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන මුල් ඒ වගේම කොන්තරාත්වලට සැලසුම් කරමින් මනුෂ්‍ය ඝාතන කරන කරවන මිනීමරුවන්ට මරණ දඬුවම ලබා දිය යුතුමයි ..
මරණ දඬුවමට ලක්වීම නවතා ගන්නේ කෙසේද? මත්ද්‍රව්‍ය රටතුළට එන මං ඇසිරිම (1) දකුණු ඉන්දියාවෙන් එන මාළු බෝට්ටු පරීක්ෂාව විධිමත් කිරීම... උතුරේ පොලිස් ලොක්කන් පරීක්ෂාවට රහස් පරීක්ෂක සේවය ලබා ගැනීම... (2) අගනුවර වරායේ බහාලුම් අමතර පරීක්ෂාව (3) සංචාරකයින්ගේ ගමන් මලු විධිමත් පරික්ෂාව. (4) මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රසිද්ධ රටවලින් එන සංචාරකයන් විශේෂ පරික්ෂාව සහ එරටවලට නිකුත් කරන වීසා බලපත්‍ර නීති වැඩි කිරීම... දුරකථන සිම් කාඩ්වලට නීති තද කිරීම, ත්‍රීවිල් භාවිතය දත්ත ගත කිරීම, පාසල් දරුවන් අන්තර් ජාලයෙන් මුදවා ගැනීම, රුපවාහිනී චැනල් සඳහා ප්‍රමිතියෙන් යුත් වැඩසටහන් සෑදීම. රත්තරං බඩු භාවිතයෙන් ඉවත් කිරීම. මේ පිටරටවලින් එන දහා ජරා භාණ්ඩ සහ සේවා රටට ගැලපෙන පරිදි සිමා කිරීම. මාර්ග නීති තද කිරීම. මව්වරු විදේශ වහල් සේවයට යාම නැවතීම... මේ දියුණුව කියන බටහිර ගැතිකම් නිසා අපේ ලස්සන රට විනාශ වී හමාරයි. පංච ශීලය පණමෙන් ආරක්ෂා කරගැනීම අපේ බොදු සිංහල දේශයේ තිබූ ගුණධර්ම නැවත මතුකර ගැනීම සහ දහම් පාසල් අනිවාර්ය කිරීම... මේ සඳහා පොතක් ලියන්නට තරම් කරුණු බොහොමයි...
සමහර අයගේ අදහස් කියවල බලනකොට හිතෙනවා සර් රිචර්ඩ් බ්‍රන්සන් හොඳ වෙලාවට අපේ ලංකාවේ ඉපදුනේ නැත්තේ කියල. ධම්මික පෙරේරා
මට තේරෙන්නේ නැහැ. මරණ දඬුවම නිසා අපරාද අනිවාර්යයෙන් අඩු වෙනවා. එතකොට අනාගතයේ සිදුවන අපරාද වල වගකීම මේ මරණ දඬුවමට විරුද්ද අය ගන්නවද ?
රටක පාලකයගේ යුතුකම, වගකීම වන්නේ එහි ජිවත්වන් පුරවැසියන්ට ජිවත් වීම සඳහා සුදුසු පරිසරයක්, රැකවරණයක් සකස් කිරිඉමයි. එහිදී සියලු දෙනාගේ පැවැත්මට, ජීවත්වීමේ අයිතියට බාදාවක් වන පිරිස් නිසිමගට ගැනීම සිදුවියයුයි. එසන්දහා සුදුසු දඬුවම් දියයුතුයි. එහිදී අන් මිනිසුන් විනාශ කරන මිනිසුන්ට මරණ දඬුවම දීම අතිතයේ මෙන්ම වර්තමානයේත් ලෝකයේ බොහෝ රටවල සිදුවෙයි. ලෝකයේ බලවත්ම ප්‍රජාතන්ත්රවදී රට වන ඇමරිකාව මරණ දඬුවම තවමත් නවතා නැහැ. ඔය කියන එංගලතය අදටත් බොහො ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන රටක්. ලංකාවේ ළමා සොල්දාදුවන් බිහිකිරිඉමට ප්‍රමුක කාර්යයක් කල ඇඩෙලා බාලසිංහම් අදත් එහි සුවසේ වෙසෙනවා.
ලංකාව සුන්දර රටක් කියල ඔහෙලට පේනනෙ කොළඹ හා ප්‍රධාන නගර ආශ්‍රිතව මවල තියන මැවිල්ල නිසා. රට ඇතුලෙ හා මායම් ගම්වලට ගිහිං බලන්න එදාවේල නොකා ඉන්න හිටින්න හරි හමන් වහලක් නැතිව මිනිස්සු කොතරම් සුන්දර ජීවිතයක්ද ගෙවන්නෙ කියල. ඒ මදිවට දැං ගම්වලට හා පාසැල් වලට නොමිලේ මත්කුඩු බෙදනව මේ කාලකන්නි. එකෙන් වෙන්නේ මේ අහිංසක මිනිසුන් හා අපේ දරුවන් කබලෙන් ලිපට වැටෙන එක. අවුරුදු 11-18 අතර දරුවන් මේ විනාශයට සීඝ්‍රෙයන් ගොදුරුවෙනවා. ඔහෙගෙ මොලේට තේරුනේ නැතුවට මෙන්න මේ වගේ මේ රට විනාශ කරන උන්ට තමයි මරණ දඩුවම දෙන්න හදන්නේ. නැතුව එදා වේල කන්න නැතුව ඉලඇට පෑදිල ඉන්න ඔහේ කියන මේ රටේ සුන්දර මිනිසුන්ට නෙමෙයි. අපරාධකරුවන්ට මරණ දඩුවම දෙන එක ගැන දොඩවන්න කාලය කන වෙලාවේ පුළුවන්නම් මේ රටට කර්මාන්ත ටිකක් ටිකක් ගෙනත් දානවකො මේ අහිංසක මිනිසුන්ගේ ජීවන තත්වය නගා සිටුවන්න.
මරණ දඬුවම හොඳයි කියන අයගේ ඥාතියෙක් එහෙම මරණ දඬුවමට ලක්වෙලා තියනවානම් මේ එක්කෙනෙක් වත් මරණ දඬුවම හොඳයි කියන්නේ නැහැ .
මරණ දඩුවම ප්‍රශ්න වලට විසදුම නොවෙන්න පුළුවන් ඒ උනාට අපේ රටේ කරන මහා පරිමාණ හොරකම් දුෂණ මේවට කිසිම දෙයක් කරන්නේ නැහැ. මෙහෙම ගියොත් අනාගත පරපුරට රටක් තියේවිද.?
මරණ දඬුවම ප්‍රශ්නවලට විසඳුම නෙමෙයි නම් ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල මරණ දඬුවම දෙන්නේ ඇයි? අපිත් කියමු ඒගොල්ලෝ මරණ දඬුවම දෙන නිසා අපිත් දෙනවා කියල. උත්තරය බොහොම සිම්පල්.
මම කියන්නේ මිනීමරුවන් එල්ලා මැරිය යුතු අතර එල්ලා මරණ විදිහ ප්‍රසිද්ධියේ පෙන්විය යුතුයි.
මේ ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අහලා බැලුවොත් නරකද?