IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මරණ දඬුවම නියම වූ රැඳවියෙක් පශ්චාත් උපාධිය ලබාගනී

(ඩයනා උදයංගනී)

මරණ දණ්ඩනය නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටිමින් තම උපාධිය හැදෑරූ ඉන්දික බමුණුසිංහ නැමති රැඳවියා අද (11) සිය පශ්චාත් උපාධිය ලබාගත්තේය.
 
කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී අද (11) පැවැත්වුණු කැලණි විශ්වවිද්‍යාලයීය උපාධි ප‍්‍රදානෝත්සවයේදී ඔහු මෙලෙස පශ්චාත් උපාධිය ලබාගත්තේය.
 
මෙලෙස බන්ධනාගාරගතව සිටිමින් පශ්චාත් උපාධියක් ලබාගත් මෙරට ප‍්‍රථම රැදවියා සහ ලොව 5 වන රැදවියා වන්නේද ඔහු බව වාර්තා වේ.
 
ප‍්‍රකට ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දණ්ඩනය හිමිවී සිටින ඉන්දික බමුණුසිංහ 2016 වසරේදී  ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර අයදුම්කරුවකු ලෙස ලියාපදිංචි වී සිංහල, බෞද්ධ සංස්කෘතිය, සමාජ විද්‍යාව සහ  අපරාධ විද්‍යාව විෂයයන් හදාරා ශාස්ත‍්‍රවේදී උපාධිය ලබාගෙන ඇති අතර පශ්චාත් උපාධිය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර අයදුම්කරුවකු ලෙස ලියාපදිංචි වී තිබේ.
 
ඔහු ඒ සඳහා හදාරා ඇත්තේ සමාජ විද්‍යාව, සංවර්ධන සමාජ විද්‍යාව, සංයුක්ත සමාජ විද්‍යාව හා සමකාලීන සමාජ විද්‍යාව යන විෂයන්ය. ඔහු සිය ශාස්ත‍්‍රපති උපාධියට සකසා ඇති නිබන්ධනයෙහි තේමාව වී ඇත්තේ  ‘ලංකාවේ සංවිධානාත්මක අපරාධ‘ යන්නයි.
 
මෙම නිබන්ධනය සැකසීම සඳහා සහය ලබාදෙන ලෙස ඔහු ජනාධිපතිවරයා හමුවී මීට කලකට පෙර ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති අරමුදලින් ඔහුට එම මුදල් ලබාදී තිබිණි.
 
මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ඔහුට ලැප්ටොප් පරිගණකයක්ද ලබා දී ඇත. 
 
ඔහුට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සලසාදී ඇත්තේ බන්ධනාගාර පුනරුත්ථාපන අංශය මගිනි.  



අදහස් (0)

මරණ දඬුවම නියම වූ රැඳවියෙක් පශ්චාත් උපාධිය ලබාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site