IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මෙරට ධීවරයින් 24 දෙනෙකු බංග්ලාදේශයේදී අත්අඩංගුවට

(තිළිණි ද සිල්වා)

නීති විරෝධී ලෙස බංග්ලාදේශ මුහුදු සීමාවට ඇතුළු වූ මෙරට ධීවරයින් 24 දෙනෙකු බංග්ලාදේශ නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇතැයි බංග්ලාදේශ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.  

ටෝලර් යාත්‍රා හතරකින් ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි ධීවරයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

බංග්ලාදේශ නාවික හමුදාව අත්අඩංගුවට ගත් ධීවරයින් පිරිස මේවන විට පටෙන්ගා පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අත්අඩංගුවට පත් වූ මෙම ධීවරයින් පිරිස අම්බලන්ගොඩ, බේරුවල, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත්වගිය පිරිසක් බවද එම ආරංචි මාර්ග කියා සිටී.

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිස බංග්ලාදේශයට අයත් බෙංගාල බොක්ක චිතගොං වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිට ඇතැයි ද සඳහන් වේ.

බංග්ලාදේශ අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින් නිදහස් කරගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී.

 



අදහස් (0)

මෙරට ධීවරයින් 24 දෙනෙකු බංග්ලාදේශයේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site