(විමුක්ති එස් රුද්‍රිගු)
මියන්මාරයේ සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලංකික ධීවරයින් හත් දෙනෙකුට මියන්මාර සමුහාණ්ඩුව සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
මියන්මාර් එක්සත් දිනයේ දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් මානුෂීය හේතුන් මත මෙසේ ශ්‍රී ලාංකික ධීවරයන් හත් දෙනා මියන්මාර් සමුහාණ්ඩුව විසින් නිදහස් කරනු ලැබීය.
ශ්‍රීලංකාව සහ මියන්මාරය අතර ඇති සුහද ද්වි පාර්ශවික සම්බන්ධතා ද ඔවුන් නිදහස් කිරීමට හේතු සාධක විය.
2021 දෙසැම්බර් මස 3 වෙනි දින මියන්මාර් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ තුෂාන් පුතා නැමැති ධීවර නෞකාවද එහි සිටි ධීවරයින් හත්දෙනා ද මියන්මාර් බලධාරීහු විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.තුෂාන් පුතා නෞකාවේ ප්‍රධානියාට වසර හතක සිර දඬුවමක් ලැබුණු අතර කාර්ය මණ්ඩලයට වසර පහක සිර දඬුවමක් නියම විය.
යැන්ගොන් හි ඉන්සයින් බන්ධනාගාරයේ රඳවා තැබූ මෙම ධීවරයින් හත්දෙනාට අවශ්‍ය කොන්සියුලර් සහාය විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මියන්මාරයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ සහාය ඇතිව සම්බන්ධීකරණය කොට ලබා දී ඇත.
අනිවාර්ය පී.සී.ආර් පරීක්ෂණ අවසන් කිරීමෙන් පසු මියන්මාර් රජය සමග සම්බන්ධීකරණයෙන් මෙම ශ්‍රී ලාංකික ධීවරයන් හත්දෙනා මාර්තු 06 වෙනි දින ශ්‍රී ලංකාවට ගේනවා ගැනීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි
2025 නොවැම්බර් මස 17
88
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
930
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මියන්මාරයේ සිර දඬුවම් වින්ද ධීවරයෝ 7 කට නිදහස