IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘‘මම හිතුවේ හෝටලය කඩාවැටුණා කියලයි‘‘

(තිළිණි ද සිල්වා සහ හර්ෂණ තුෂාර සිල්වා)

‘‘එකවරම පිපිරුම් සද්දයක් ආවා, ඒත් එක්කම හෝටලය කඩා වැටෙනවා වගේ අපට දැනුනා‘‘ යැයි කොළඹ කිංස්බරි හෝටලයේ අද (21)  සිදුවූ බෝම්බ පිපිරුම හසුව සුළු තුවාල ලැබූ එම හෝටලයේ සේවයේ නියුතු එරන්ද ප‍්‍රසාද් මහතා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ලංකාදීපයට පැවසීය.

එරන්ද ප‍්‍රසාද් මහතා මෙසේද ලංකාදීපයට පැවසීය.

පිපිරුම් සද්දය එනකොට මම අපේ හෝටලේ ප‍්‍රධාන අවන්හල වන ‘‘හාබර් කෝට් ‘‘ හි සේවයට අනුයුක්තව සිටියා.අපි සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු වල නිරතව සිටියා.මට මතක විදියට ඒ වන විට උදේ 8.45ට ආසන්නව පැවතියා.ඒ වන විට අවන්හල තුළ 20ත් 30 ත් අතර විදේශිකයින් උදේ ආහාර ගනිමින් හිටියා.අපිත් අපේ රාජකාරි වල නිරත වෙලා ඉද්දීම එකපාරටම විශාල ශබ්දයක් ඇසුනා.ඒ හරියටම අපිට දැනුනේ මුළු හෝටලයම කඩන් වැටෙනවා වගේ . ඒ එක්කම අපි හාබර් කෝට් එකේ ඉඳන් හෝටලයේ ප‍්‍රධාන දොරටුව හරහා එළියට පැනගත්තා.අපිත් එක්කම හෝටලේ ගෙන සිටි විදේශකයින් හෝටලයේ කාර්ය මණ්ඩලය එළියට පැන්න.ඒ පිපිරුමට අවන්හලේ දේවල් විනාශ වෙන්න ඇති.

මට අභ්‍යන්තර තුවාලයක් නැහැ.නමුත් පිපිරුමට හසුවීම නිසා ඇති වූ කම්පනය හේතුවෙන් මාව ජාතික රෝහලට රැගෙන ඒමට හෝටල් බලධාරීන් පියවර ගත්තා යැයිද එරන්ද ප‍්‍රසාද් මහතා ලංකාදීපයට පැවසීය.

කිංස්බරි හෝටලයේම සේවයේ නියුතුව සිටියදී බෝම්බ පිපිරුමට හසුව සුළු තුවාල ලැබූ නම සඳහන් කිරීමට අකැමැති අවහන් හල සේවකයෙකු ලංකාදීපයට පැවසීය.

මම පිපිරුම වෙන කොට හාබර් කෝට් අවන්හලේ හිටියේ එක පාරටම සද්දයක් ආවා .අවහන් හලේ තරමක සෙනගත් හිටියා .පිපිරුම් සද්දෙත් එක්ක අපි දිගා වුනා.මොකද හොටෙල් එකෙන් අපිට ආරක්ෂා වන ආකාරය ගැන තරමක පුහුණුවක් අපිට දීලා තිබ්බා.ඒ නිසා මම බේරුණා.ඒ වුනාට මගේ පපුවේ පැත්තකට සුළු තුවාල ඇති වුනා යැයිද හෙතෙම කීය.

කොළඹ කොල්ලූපිටිය සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ බෝම්බ පිපිරුම නිසා තුවාල ලැබූ චීන ජාතිකයෙකු වන නීයෝ හා ඕ මහතා මෙසේ පැවසීය.

මමත් බෝම්බ පිපිරුම සිදුවන අවස්ථාවේ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ සිටියේ බෝම්බ පිපිරීම නිසා මගේ කන් අඩි පිපිරිලා කියලා දොස්තරවරු කිව්වා.මම සංචාරයකටයි ලංකාවට ආවේ .මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ පෑව එක ගැන මට ඇත්තටම කණගාටුයි.යළි මේ වගේ දේවල් ඇති නොවේවා කියා මා ප‍්‍රාර්ථනා කරනවා.

කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයේ නවාතැන් ගෙන සිටියදී එහිදී සිදුවූ බෝම්බ පිපිරුමට හසුව සුළු තුවාල ලැබූ නම සඳහන් කිරීම අකමැති තවත් චීන ජාතිකයෙකු මෙසේ පැවසීය.

මම මගේ පවුලේ අයත් එක්ක ෂැන්ග‍්‍රිලා එකේ පාස්කු ඉරිදාව සමරමින් උදේ ආහාර වේල ගනිමින් සිටියා.එතකොට මහා ලොකු පිපිරුමක් ඇති වුනා.මට තුවාල වුනා.තුවාල වලින් පස්සේ මම මේ රොහලේ දැන් ඉන්නවා.එම පිපිරුම නිසා මගේ බිරිඳ සහ දුවයි පුතයි ඉන්න තැන පවා මම දන්නේ නැහැ.මම තුවාල ලැබුවත් දුරකථන ඇමතුම් දිදී සොයන්නේ ඔවුන්වයි.මම ඒ ගැන අදාළ බලධාරීන්ට දැනුම් දී තිබෙනවා යැයිද හෙතෙම කීය.

හදිසියේ ඇතිවූ මෙම තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූවන්ට යුහුසුළුව ප‍්‍රතිකාර කිරීම සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහල ඇතුළු කොළඹට තදාසන්න රෝහල් හි වෛද්‍යවරුන් ඇතුළුව කොළඹ ජාතික රෝහලේ සියලූම කාර්ය මණ්ඩල සාමාජිකයින් වහා කැඳවීමටද පියවර ගත් බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් කියා සිටියාය.

කොළඹ ඇතුළු ප‍්‍රදේශ රැසක සිදු වූ මෙම බෝම්බ පිපිරුම නිසා තුවාල ලබා ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන පිරිසගේ සුවදුක් විමසීමට පූජ්‍ය ඇලේලේ ගුණවංශ හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන්වහන්සේලා ,කතෝලිත පූජකවරු, කන්‍ය සෙහොයුරියෝද ඇතුළු ආගමික නායකයෝද ,සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එම්.ඒ සුමන්තිරන් , ලසන්ත අලගියවන්න , බිමල් රත්නායක යන මහත්වරු ද පැමිණියහ.

 



අදහස් (1)

‘‘මම හිතුවේ හෝටලය කඩාවැටුණා කියලයි‘‘

samsun Sunday, 21 April 2019 04:14 PM

ඔය දේශපාලකයෝ ඔතනින් ඉවත් කරන්න.. ඔවුන්ට ඔතන කළ හැකි දෙයක් නැහැ... ඔවුන් ඔතන සිටීම ලෙඩ්ඩුන්ට, කාර්ය මණ්ඩලයට වගේම මියගිය අයටත් හිසරදයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 556 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 492 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site