(ශාන්ත රත්නායක)
2017 වසරේ දකුණු කොරියාවේ ගුන්චි ප්‍රදේශයේ නිවසක ඇතිවු ගින්නකින් වයස අවුරුදු 90ක කොරියානු කාන්තාවකගේ දිවි බේරාගත් මිනිපේ, හසලක නිමලසිරි බණ්ඩාර මහතා අද (8) හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී මුණ ගැසීය.
නිමලසිරි බණ්ඩාර මහතා විසින් කරන ලද මෙම වීරක්‍රියාවට කළගුණ සැලකීමක් ලෙස කොරියානු රජය විසින් ඔහුට කොරියාවේ පුරවැසිභාවය ලබාදී ඇත. විදේශීයකුට කොරියානු රජය විසින් පුරවැසිභාවය ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙයවේ.
මෙම අවස්ථාවට කොහුවල ධාතුමලු විහාරාධිපති පිටිගල සෝනුත්තර නායකස්වාමීන් වහන්සේ, වට්ටාරම රජමහා විහාරාධිපති වෑවල සමිත ස්වාමීන් වහන්සේ,මිනිපේ විජිත හිමි, දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම විහාරාධිපති කටුවන විජිතවංස හිමි, ශ්‍රී ලංකාරාම විහාරයේ දායක සභාවේ සභාපති කොරියානු ජාතික බියුන් ගු හු මහතා සහ ජර්මනියේ මියුනිච් විහාරවාසී කන්තිමහර විපස්සි හිමි සහභාගී වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට විශාල ගෞරවයක්
අනේ අම්මපා... මගේ තුන්දෙනාට මොනවයින් අඩුවක්ද? කෙනෙකුට බැරිවුණානේ... එක කොළ කෑල්ලක්වත් ගෙදරට අරන් එන්න. මම දුන්නේ නැතිනම්... ඒ සහතිකෙත් නැහැ. මගේ කරුමේ...
සිංහයෝ කොහොමත් රංචු ගැසෙන්නේ සිංහයින් සමගයි. එ් නිසා මිනිපේ සිංහයා මහින්ද රාජපක්ෂ හමුවීම පුදුමයක් නොවේ. මිනිපේ සිංහයා එජාපය සමග රංචු ගැසුණා නම් එය පුදුමයකි.
වීරයෙක් ලංකාවට අහිමි උනාද ?
මේවා ප්‍රවෘත්ති ද? ගල් යුගයෙ ජීවත් වෙන අයට හොඳයි.
රට ගල් වෙලා තිබුණ යුගය හමාර කලේ මෙතුමයි...... ඒ ගල්යුගය 2009 ඉවර වුණා.