(ප‍්‍රදීප් කුමාර)
ඉකුත් ඉරිදා මන්නාරම ඔලෙත්තෙඩුවායි මුහුදු තීරයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු නැවත නොපැමිණිම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් මන්නාරම පොලීසියට පැමිණිලි කර තිබේ.
අතුරුදන්ව ඇත්තේ එස් කොඞ්වින් නැමති 38 හැවිරිදි අයකු, ආර් කන්නන් නැමති 55 හැවිරිදි අයෙකු හා එස් පාන්ඩ්‍යන් නැමති 23 හැවිරිදි ධීවරයින් තිදෙනකි.
ඉකුත් ඉරිදා දහවල් එම ධීවරයින් මසුන් ඇල්ලීම සදහා මුහුදු ගොස් ඇති අතර ඔවුන් මේ දක්වා පැමිණ නැත.
ඒ අනුව අතුරුදන් ධීවරයින්ගේ ඥාතීන් විසින් මේ පිළිබදව නාවික හමුදාවද දැනුවත් කර ඇත.
නාවික හමුදාව සෝදිසිකිරීම් සිදු කළද මේ දක්වා ධීවරයින් පිළිබදව තොරතුරක් ලැබී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් තේරුම් ගන්න ඉන්දියාව කියන්නේ මොන වගේ රටක්ද කියලා? ගිය සතියේ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදාවේ යාත්‍රාවක ගැටීමට සැලැස්වීමෙන් මියගියා. ඒකට එකටඑක ඉන්දියාව හිතා මතා කළ දෙයක් මෙය...