(ඔගස්ටින් ප්‍රනාන්දු)
ඇප කොන්දේසි උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුනි මෙන්ඩිස් ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාට එරෙහි නඩුව නොවැම්බර් 21 වැනිදා යළි කැඳවීමට හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය නියම කළාය.
හලාවත මහාධිකරණයේ සේවයේ නියුතු සියලු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් හා මහාධිකරණ සේවයෙහි නියුතු සියලු පොලිස් නිලධාරින් ජනාධිපතිවරණ රාජකාරි සදහා නිරත වී ඇති බැවින් නඩු විභාගයන් පැවැත්විම අපහසු වන බව දන්වා හලාවත මහාධිකරණ විනිසුරුවරිය නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.
හලාවත මහාධිකරණයේ අද (15) විභාග වීමට නියමිතව තිබූ සියලුම නඩු මේ මස 21 වැනිදා යළි විභාගයට ගන්නා බව හලාවත මහාධිකරණ විනිසුරු වයි.ප්‍රනාන්දු මෙනෙවිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd