IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


මන්ත්‍රී විරසුමන 65 සීමාවට අසතුටෙන්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගන්වන වයස 65 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සිය අප්‍රසාදය පළ කරයි.

මෙසේ අප්‍රසාදය පළකර ඇත්තේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාය.

රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගන්වන වයස 65 දක්වා වැඩි කිරීමට ගත් තීරණය යළි සමාලෝචනය කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා(13) පැවැසීය.

මෙම තීරණයෙන් රාජ්‍ය අංශයට පැමිණීමට සිටින තරුණ පරපුරට යම් ගැටලුවක් ඇති වන බව පැවසූ මන්ත්‍රීවරයා කාර්ය සාධනය පදනම් කරගෙන සීමිත පිරිසකට පමණක් 65 දක්වා සිටීමට අවසර ලබාදීම ගැටළුවක් නැති බවද සඳහන් කළේය.

වීරසිංහ මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගී වෙමිනි.

රජයේ විශ්‍රාම වයස 65 කිරීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විරෝධය පළ කරයි. (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න ) රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගන්වන වයස 65 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සිය අප්‍රසාදය පළ කරයි. මෙසේ අප්‍රසාදය පළකර ඇත්තේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාය. රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගන්වන වයස 65 දක්වා වැඩි කිරීමට ගත් තීරණය යළි සමාලෝචනය කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා(13) පැවැසීය. මෙම තීරණයෙන් රාජ්‍ය අංශයට පැමිණීමට සිටින තරුණ පරපුරට යම් ගැටලුවක් ඇති වන බව පැවසූ මන්ත්‍රීවරයා කාර්ය සාධනය පදනම් කරගෙන සීමිත පිරිසකට පමණක් 65 දක්වා සිටීමට අවසර ලබාදීම ගැටළුවක් නැති බවද සඳහන් කළේය. වීරසිංහ මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගී වෙමිනි.



අදහස් (11)

මන්ත්‍රී විරසුමන 65 සීමාවට අසතුටෙන්

පැරකුම් Sunday, 14 November 2021 03:19 PM

රාජ්‍ය සේවය හැකිතාක් දුරට කප්පාදු කළ යුතුයි. රැකියා අවස්ථා තිබිය යුත්තේ නිෂ්පාදන ආර්ථිකයක පෞද්ගලික අංශයේය. රජයේ සේවකයාගෙන් ආර්ථිකයට දායකත්වයක් නැති තරම්ය... වැඩි වැටුප් සහ වරප්‍රසාද සඳහා සටන් කරනවා පමණි...

:       5       34

Senarath Sunday, 14 November 2021 03:46 PM

අපේ රටේ රාජ්‍ය සේවකයන්ගෙන් වැඩි කොටස නිකන් පඩි කනවා. කන්තෝරුවකට වැඩක් කරගන්න ගියාම ඒක හොඳට තේරෙනවා. ඒ නිසා වයස 65 දක්වා වැඩි කිරීම කිසිම තේරුමක් නෑ. අනෙක මුදල් ඇමැති කිව්වා රාජ්‍ය සේවකයන් අඩුකළ යුතුයි කියලා... එසේ නම් වයස 65 දක්වා වැඩි කිරීමේ තේරුම කුමක්ද?

:       1       30

ගමේ එකාලා Sunday, 14 November 2021 03:55 PM

65ට වැඩි කිසිම වැඩකට නැති දේශපාලුවෝත් සියලු වරප්‍රසාද භුක්ති විඳගෙන දියවන්නාවේ ඉන්නවා...

:       4       23

බණ්ඩාර Sunday, 14 November 2021 04:05 PM

මෙතුමාගේ අදහසට එකඟයි. රාජ්‍ය සේවය මහලු මඩමක් කරන්න යන්නේ...

:       4       16

ranjith Sunday, 14 November 2021 06:39 PM

එසේනම් මන්ත්‍රීවරුන්ටත් 60 සීමාව දමන්න... වලපයයි, ගොඩපයයි තියන් ජනතා සේවය කරන්න පුළුවන්ද?

:       1       16

siri Sunday, 14 November 2021 06:44 PM

මෙයාට තිබුණනේ මුදල් ඇමැතිකම අරන් අයවැය ඉදිරිපත් කරන්න... ජනප්‍රිය වෙන්න පණ්ඩිතකම් දොඩනවා..

:       11       2

ජයසුමන Sunday, 14 November 2021 07:33 PM

රාජ්‍ය සේවය පුලුවන් තරම් කප්පාදු කරන්න ඕනෑ... ඕකෙන් රටටත් සෙතක් නැහැ. ජනතාවට සෙතකුත් නැහැ. පුද්ගලික අංශයට අනවශ්‍ය බරක් ඇතිවෙනවා. ඔෆිස් එකකට ගියාට වැඩක් කරලා දෙන්නෙත් නැහැනේ. රාජ්‍ය සේවකයින් ඉන්නේ දියව් දියව් කියලා ගන්න විතරයි වැඩක් කරලා හොයන්න නෙවෙයි. රාජ්‍ය සේවය කියන නම වෙනස් කරලා පින් පඩි සේවය වගේ නමක් දාන්න...

:       2       13

ජයසුමන Sunday, 14 November 2021 11:09 PM

සෙනරත්, කම්මැලි මිනිස්සු රාජ්‍ය සේවයට එන්නේ සේවය කරන්න නෙවෙයි. වැඩ කරන්නේ නැතිව ආතල් එකේ ඉදලා අයිතින් කියලා දෙයක් දිනා ගෙන 55න් පස්සේ පැන්ශන් එක අරන් ආතල් එකේ වැඩක් කරන්නේ නැතිව ජීවත් වෙන්න. 65 කලාම උන්ට පැන්ශන් යන්න බෑ. වැඩට එන්න වෙනවා. එතකොට ඔය කවුරුත් රාජ්‍ය සේවයට එකතු වෙන්නේ නෑ. ඒ අය පුද්ගලික අංශයෙන් රස්සා හොයා ගන්නවා.

:       1       5

නන්දචිත්‍රාMonday, 15 November 2021 06:18 AM

රාජ්‍ය සේවකයො ඔක්කොම එක ගොඩට දාලා කතා කරන්න එපා. පහුගිය කොරෝනා කාලේ තමුන්ලා ගෙවල් වලට වෙලා ඉද්දි නොසෑහෙන සේවයක් කරේ රාජ්‍ය සේවකයො . ගං වතුරක් ගැහුවොත්, ඩෙංගු පැතිරුනොත්, කැලෑ ගින්නක් ආවත්, මොන වර්ගයේ අවදානම් ආවත් රාජ්‍ය සේවකයො එතන. රාජ්‍ය සේවය නෙවෙයි අකාර්යක්ෂම. ආණ්ඩුවේ සේවකයො තමයි අකාර්යක්ෂම.

:       0       0

ජයසුමනFriday, 19 November 2021 06:10 PM

අපි ගෙදරට වෙලා හිටියේ නැහැ. අපි පුද්ගලික අංශයේ. අපි වැඩ... දිගටම වැඩ. අවුරුද්දට දවස් 28යි නිවාඩු තියෙන්නේ. වැඩ කලේ නැතිනම් පඩි නැහැ. රාජ්‍ය සේවකයින් තමයි ගෙදරට වෙලා හිටියේ. ඔහොම වැඩ කරනවා නම් දියව් දියව් කියලා හිඟාකන්න ඕන නැහැනේ. රාජ්‍ය සේවකයින් නොසෑහෙන සේවයක් කරන එක කෙසේවෙතත් මාස ගාණක් ගියත් රජයේ ඔෆිස් එකකන් විනඩි 15ක වැඩක් කරගන්න හරි අමාරුයි.

:       0       0

sampath Sunday, 14 November 2021 11:36 PM

65 වෙනකන් මොනවා කරන්නද මේ අය දැනටත් කරන්නේ තරුණයන්ට අවස්ථාවක් දෙන්නේ නෑ .

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 

දියත

කඩුවෙල ජාතික පාසල් ගැටුමේ සිද්ධියට මුල් වූ සිසුන්ට ඇප
2025 පෙබරවාරි මස 12 1 0

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප


‘බොරුවෙන් බලයට ආපු අයට ස්භාවධර්ම දඩුවම් දීම අරඹලා‘
2025 පෙබරවාරි මස 12 49 0

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුව


ලස්සන ලෝකයක් හදන්න එන්නැයි ජනපති ලෝකයට ආරාධනා කරයි
2025 පෙබරවාරි මස 12 38 0

ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මුහුදේ ගසාගෙන ගිය 13 කගෙන් 12ක් බේරා ගැනෙති :අයෙක් අතුරුදන්
2025 පෙබරවාරි මස 12 83 0

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.


’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්
2025 පෙබරවාරි මස 12 166 0

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ ’’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’’ ‘ටවර් නාට


සැඟවූ කීරි සම්බා කිලෝ 15,000ක් පිටකොටුවේ
2025 පෙබරවාරි මස 12 374 1

පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී සගවා තිබූ කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 3,000 ක කිලෝග්‍රෑම් 15,000 ක් භාරයට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 122 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 910 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site