නිමල් ජයරත්න සහ ජවුෆර් ඛාන්
මඩකලපු දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස් වියාලේන්ද්‍රන් ඇතුළු පිරිසක් මඩකලපුවේ ආරම්භ කළ උපවාසයට සහය පලකරමින් අද (2) දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා දෙනමක් ද එක්වුහ.
අමාත්‍ය රිෂාඞ් බදියුදින් සහ ආණ්ඩුකාරවරු දෙදෙනෙකු ධුරයෙන් ඉවත්කිරිම ඇතුළුව ඉල්ලීම් හතරකට බල කරමින් අතුරලියේ රතන හිමියන් විසින් ආරම්භ කළ උපවාසයට සහය පල කිරිමට මෙම උපවාසය ආරම්භ කර ඇත.
ඒ අනුව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ බුද්ධ ශ‍්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරි දේවගල දේවාලංකාර සහ පොලොන්නරුව දිස්ත‍්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරි දිඹුලාගල රාහුලාලංකාර යන භික්ෂූන්වහන්සේලා වේ.
උපවාසයට එක් වෙමින් භික්ෂුන් වහන්සේලා පැවසුවේ අන්තවාදී මුස්ලිම් අන්තවාදින් අමාත්‍යවරුන්ට ලබා දුන් තනතුරු වලින් ඔවුන් ඉවත් කරන ලෙසත් නැගෙනහිර පළාතේ මුස්ලිම් අන්තවාදින්ගේ බලයෙන් දෙමළ හා සිංහල ජනතාව බේරා ගැනිමට ජනපතිවරයා සහ අගමැතිවරයා වහා ක‍්‍රීයා කළ යුතු බවයි.
ඡායාරූප - නිමල් ජයරත්න


COMMENTS
බදුර්දීන් ඇතුළු ඔය කියන මුස්ලිම් මන්ත්‍රීවරුන් කිසිදවසක විපක්ෂයේ හිටියාද? හැම ආණ්ඩුවක්ම ඒ ගොල්ලෝ ඇමති මණ්ඩලයට ගන්න කටයුතු කළා. ඒ වගේම ඒ ගොල්ලන්ගේ ඉල්ලීම් වලටත් සහය දැක්වූවා. ඒ කාලවලදී කිසිකෙනෙක් උපවාස කලේ නැති එකේ මේ හිටිහැටියේ එවැනි අදහසක් ක්‍රියාත්මක වෙන්නේ මොකද? ජනාධිපතිවරණයක් එන නිසාවත්ද?
එහෙමනම් උතුරයි, නැගෙනහිරයි එකතුකරලා ලියලා දෙන්න.
සිරි මාමගේ ගෝලයමයි එහෙත් උපවාස කරන්නේ.., මෙහෙත් උපවාස කරන්නේ...
ප්‍රශ්නයක් නිරාකරණය කරගැනීමට යොදාගත යුත්තේ රටේ පවතින පොදු නීතියයි. එයින් ලැබෙන තීරණයට කිසිවෙකුට විරුද්ධ විය නොහැකිය. ප්‍රශ්න විසඳීමට කියා මේ උපවාස ක්‍රමයක් ගෙන ඒම අනුවණ දෙයක් වගේම රටේ නීතිය හෑල්ලුවට පත්වීමක්.. මගේ පුද්ගලික මතය නම් උපවාස කරමින් ප්‍රශ්නය විසඳන්න කියා බලකරන්නේ ඒ සඳහා සුදුසු සාක්ෂි පෙන්වීමට අපොහොසත් නිසාවෙන් කියලයි..
ලොකු සෙනගක් නැහැ වගේ
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහ මුස්ලිම් අන්තවාධි පතුරවන ෂරිය පාසල් වැනිදේ පවත්වාගෙන මුස්ලිම් දේශපාලකයන් ජනපති , අගමැති සහ විපක්ෂ නායක රකිනම් , ලංකාවේ ක්‍රිස්තියානි, හින්දු , බෞද්ධ සහ සම්ප්‍රදායික මුස්ලිම් සියල්ල පෙළගැසී මේවට විරෝධය දක්වන විට , ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායක මෙම අන්තවාධි නායකයන් සම්බන්ධයෙන් දේශපාලන වාසි තකා ලිහිල් ප්‍රති පතියක් අනුගමනය කරනවා නම් , අනිවාර්යයෙන් යුරෝපා රටවල් ප්‍රමුක අනෙකුත් ක්‍රිස්තියානි සහ හින්දු රටවලත් අපේ නායකයන් ත්‍රස්ත්වදින්ට් උදව් කරනන් ලෙස හංවඩු ගැහේවි, එතකොට ඔය සතිපතා කරන රට සවාරි ඉබේම නතර වේවි.