(නිමන්ති රණසිංහ)

ඩුබායි සිට ශ්‍රී ලංකාවට එවීමට නියමිත මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීමට හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

එම හත්දෙනා මෙසේය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න

පොලිස් රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී සී ධනපාල

කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා

විනය හා කල්ක්‍රියා සහ නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඒ කේ ඩී යූ හේමන්ත