(හර්ෂණ තුෂාර සිල්වා)
සිය ෆේස්බුක් පිටුව ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ගැන සැකයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවත් ගායක ඉරාජ් වීරරත්න මහතා අද (10) පැවැසීය.
ෆේස්බුක් පිටු 1,500කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර ඇති බවත් මේ සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා බවත් හෙතෙම කීය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක මහතා ද ජනාධිපති මාධ්‍ය අංශය ගැන සැකයක් තිබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බැවින් අපට ද ජනාධිපති මාධ්‍ය අංශය ගැන සැකයක් ඇති වන බවද ඔහු කීවේය.
කොළඹ, කොල්ලුපිටිය වොන්ඩර් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම කරුණු සඳහන් කළේය.
එහිදි අදහස් දැක්වූ ඔහු මෙසේ ද කීය.
“අපිට කිසිදු දේශපාලනයක් නැහැ. සමාජ මාධ්‍ය, මේ ෆේස්බුක් පිටු හරහා බොහෝ දේවල් කළා. එක් අවස්ථාවකදී පිළිකා රෝගීන් වෙනුවෙන් කතා කළා. ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරගැනීම වෙනුවෙන් කතා කළා. ලංකාවේ තියෙන ප්‍රශ්න ලෝකයට කිව්වා. ලසිත් මාලිංග පවා අපි කරපු දේවල්වලට උදව් කළා. ඇමෙරිකාව, එංගලන්තේ, ඔස්ට්‍රේලියාව වගේ රටවල් ගොඩක ඉන්න ලාංකිකයෝ අපි කරපු දේවල්වලට උදව් උපකාර කළා. මුදල් දුන්නා. කූරගල සිදුවීම තවත් එකක්. ගමට විදුලිය දෙන්න කියලා අපි ෆේස්බුක් කැම්පේන් එකක් කළා. සජිත් ඇමතිතුමාටත් කතා කළා. පහුගිය දවසක පෝස්ටර් ගහන එකට විරුද්ධව කතා කළා.
අපි හැමෝටම ටීවී චැනල් නැහැ. පත්තර නැහැ. අපිට කතා කරන්න තියෙන එකම මාධ්‍ය සමාජ මාධ්‍යයි. අපි සිංදුවක් කළොත් දාන්න තියෙන්නේ යූ ටියුබ් විතරයි. අපිට අදහස් ප්‍රකාශ කරන්නේ තියෙන්නේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය විතරයි.
අපි කරපු දේවල් නිසා ෆේස්බුක් ඔස්සේ අපිත් එක්ක ලොකු පිරිසක් එකතු වුණා. ඒ නිසා අපි මර්දනය කරන්න ද මෙහෙම කරන්නේ කියලා අපට සැකයක් එනවා. ඒ නිසා මේ ගැන හොයලා බැලුවා.
මට වුණ දේ හෙට ඔයාලට වෙන්න පුළුවන්. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මේ ගැන ඉල්ලනවා. ඉස්සරහට මැතිවරණ එනවා. මැති ඇමැතිවරුන්ගේ ෆේස්බුක් පිටු පවා මේ විදියට ගැලවෙන්න පුළුවන්.
මගේ ෆේස්බුක් පිටුවෙන් මම ගහන්න මරන්න කියලා නැහැ. අපි වෛරය පතුරුවලා නැහැ. අපිත් සිංහල, මුස්ලිම්, දෙමළ හැමෝම වැඩ කරනවා. හැබැයි අපි මිනිස්සු වෙනුවෙන් කතා කරනවා.
පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මාධ්‍යලේකම්ට මේ ගැන චෝදනා එල්ල වෙලා. ඒ ගැන ඔහු පැමිණිල්ලක් කරලා තියෙනවා. එතකොට ජනාධිපති මාධ්‍ය අංශ ගැන සැකයි කියලා ඔහු කියනවා. එතකොට අපිටත් ඒ ගැන සැකයක් එනවා. ආණ්ඩුවේ අමාත්‍යවරයකුගේ මාධ්‍ය ලේකම් කියනවා ජනාධිපති මාධ්‍ය අංශය සැකයි කියලා. එතකොට අපිටත් ජනාධිපති මාධ්‍ය අංශය ගැන සැකයක් ඇති වෙනවා. ෆේස්බුක් පේජ් 1500ක් ඉවත් කරලා තියෙනවා. මේ මර්දනය කරන්නේ ඔවුන්ද කියලා අපිට සැකයක් ඇති වෙනවා. කවුද මේ දේවල් පාලනය කරන්නේ ?
අනිත් එක ෆේස්බුක් එකේ තියෙනවා ප්‍රජා ප්‍රමිත (කොමියුනිට් ස්ටෑන්ඩර්ඞ්ස්) කියලා. මේක තියෙන්නේ ෆේස්බුක් එකේ වෛරී ප්‍රකාශ වළක්වන්න. ලංකාවෙනුත් කට්ටියක් ෆේස්බුක් එකට සම්බන්ධ වෙලා වැඩ කරනවා. අපිත් මේ දේවල් උල්ලංඝණය කියලා අපිට මීට කලින් දැනුම් දුන්නා.
ෆේස්බුක් එකේ ඥානසාර හාමුදුරුවන්ගේ නම ටයිප් කරන්න බැහැ. හාමුදුරුවන්ගේ ඡායාරූපයක් දාන්න බැහැ. ෆේස්බුක් එකේ වැඩ කරන ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන් ගැන හොයලා බැලුවාම ඔවුන් එක්සත් ජාතික පක්ෂයට, මංගල සමරවීර අමාත්‍යවරයාට වැඩ කරපු අය. සිංහලෙන් තියෙන දේවල් මේගොල්ලෝ පරිවර්තනය කරනවා. මොවුන් තමයි මේ දේවල් ලෝකයට ගෙනි යන්නේ. මේ දේවල් තීරණය කරන්නේ එම පිරිස.
පක්ෂපාතී නැති ස්වාධීන පුද්ගලයන් මේ තනතුරුවලට පත් කරන්නැයි අපි ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා සිටිනවා. ෆේස්බුක් සමාගමේ මූලස්ථානය මේ දේවල් දන්නේ නැහැ. ඒ නිසා ෆේස්බුක් සමාගමේ මූලස්ථානයට කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ පිරිස ආණ්ඩුවට විරුද්ධ සියල්ල ඉවත් කරනවා.
එහෙත් ත්‍රස්තවාදී වැඩ කරපු අය තවමත් ෆේස්බුක් එකේ ඉන්නවා. සහරාන්ගේ ගෝලයෝ තාමත් ෆේස්බුක් එකේ ඉන්නවා. බුදු හාමුදුරුවෝ මීනිමස් කෑවා කියපු අය තාම ෆේස්බුක් එකේ ඉන්නවා. එයාලව තහනම් කරලා නැහැ.
ෆේස්බුක් එකේ අඩුපාඩු තියෙනවා. මේ අඩුපාඩුව අපේ කට්ටිය මර්දනයට යොදාගෙන තියෙනවා.
මෙතැන වෙන්නේ ඉතාම සංවිධානාත්මක වැඩක්. එතකොට මේ වෙන්නේ මර්දනයක්. මෙයාලා මේ ලෑස්ති වෙන්නේ ඡන්දෙට. ඒ පිරිස හිතනවා අපි ඔවුන්ට තර්ජනයක් කියලා. මේගොල්ලේ මේ බලන්නේ අලුත් ඡන්ද. ෆ්‍රී වයිෆයි දෙනවා කිව්වාම රැවටුණු පිරිසක් ඉන්නවා. මේ අවුරුද්දේ අලුත් ඡන්ද ලක්ෂ 17ක් ඉන්නවා.
ඉස්සරහට ජනාධිපතිවරණය එනවා. වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙනාවේ සමාජ ජාල භාවිත කරන තරුණ පිරිස්. අද වැඩියෙන්ම කලකිරිලා ඉන්නේ මේ පිරිසමයි. ජනාධිපතිවරයා වගේම මේ ආණ්ඩුව විවේචනය කරන්නෙත් මේ පිරිසමයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවත් මේ දේවල් දන්නේ නැතුව ඇත. මෙහෙම මර්දනයක් වෙනවා කියලා ජනාධිපතිවරයාවත් දන්නේ නැතුව ඇති. ඒ නිසා ජනාධිපතිවරයා දැනුවත් කරන්න ඕනේ කියලා අපි හිතුවා. ආණ්ඩුවේ ඉන්න අමාත්‍යවරයකුගේ මාධ්‍ය ලේකම් කියනවා ජනාධිපති මාධ්‍ය අංශය සැකයි කියලා. ඒ නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
මේ විදියේ මර්දනයක් වෙනවා කියලා ෆේස්බුක් සමාගමේ මූලස්ථානයට කියන්න ඕනේ. ෆේස්බුක් එකට දේශපාලනය ගේන්න එපා. ෆේස්බුක් එකේ රටේ නායකයෙක්, දේශපාලනඥයෙක්, ඇමැතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් විවේචනය කළාම වැරැද්දක් කළාම මෙහෙම කරන්න එපා. පෝස්ටර් ගහන්න එපා කියන එකේ අපේ අයිතියක්. ලොකු පිරිසක් සමාජ ජාල, ෆේස්බුක් හරහා එකතුවීම දේශපාලකයන්ට කරදරයක් වෙලා. ඒක නිසා තමයි ඔවුන් අපි මර්දනය කරන්න හදන්නේ.
සහරාන්ලා අවුරුදු ගාණක් ෆේස්බුක් එකේ ඔවුන්ගේ ප්‍රචාරණය කොහොමද ගෙන ගියේ. මට වෙච්ච දේ හෙට ඔයාලට වෙන්න පුළුවන්. මාධ්‍යවේදීන්ට වෙන්න පුළුවන්. මේ ගැන පාර්ලිමේන්තුවේදී කතා කරන්න කියලත් මම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරුන්ගෙනුත් මම ඒ ඉල්ලීම කරනවා.
මේක රටේ තරුණ තරුණියන්ට ලොකු ප්‍රශ්නයක්. ෆේස්බුක් එක කියන්නේ නිදහස් තැනක්. අපිට කැමැති දෙයක් කියන්න ලියන්න තියෙන තැන ෆේස්බුක් එක. ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ටවත් ෆේස්බුක් එක පාලනය කරන්න බැහැ. ෆේස්බුක් කියන්නේ නිදහස් තැනක්.”
මෙහිදි අදහස් දැක්වූ සංගීතවේදී පේෂල මනෝජ් මහතා මෙසේ කීය.
“අපි තැනකට ආවේ නිර්මාණ කරලා මහන්සි වෙලා.අපි නිර්මාණ කරලා තමයි මිනිස්සු එකතු කරගෙන තියෙන්නේ. අපිට දේශපාලනයක් නැහැ. අපි වටා විශාල පිරිසක් එකතු වෙලා තියෙන්නේ අපි කරපු නිර්මාණ නිසා.
දේශපාලනඥයන් අපිට කතා කරලා සහාය ඉල්ලනවා.හොඳ වැඩක් නම් අපි අනිවාර්යෙන් එයට සහාය දෙනවා. එහෙම සහාය දුන්නා කියලා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ අපි සහාය දීපු දේශපාලනඥයෙක් වැරැද්දක් කළාම ඔවුන් විවේචනය කරන්න අපට අයිතියක් නැද්ද.
අපිට දේශපාලනයක් නැහැ. අපිට දේශපාලකයන්ගේ මෝඩ වැඩ ගැන බලන්න බැහැ. හිතළුවලට වැඩ කරන්න බැහැ. අවහිර කරනවා නම් ඉවත් කරනවා නම් ඒකට ක්‍රමයක් තියෙන්න ඕනේ. ඉන්දියාවේ දේශපාලකයන්ට ඉන්දියාවේ ආණ්ඩුවට පුළුවන් ද ෂාරුක් ඛාන්ගේ ෆේස්බුක් පිටුව තහනම් කරන්න. එහෙම කළොත් ඊළඟ දවසේ ඉන්දියාවේ ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා. ආණ්ඩුවත් තහනම් වෙනවා.
ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායක මේ හැමෝම දේශපාලකයෝ මේ රටේ මිනිස්සු. අපිත් මේ රටේ මිනිස්සු. දේශපාලකයන්ට අපි වරප්‍රසාදයක් දීලා තියෙනවා. රට වෙනුවෙන් දෙයක් කරන්න. අපිට කමක් නෑ ඒගොල්ලෝ මුදු දැම්මට. ඒගොල්ලෝ වාහනවල යද්දි අපි අයින් වෙලා යන්නං. අපි එකතුවෙලා වැඩ කරමු. අපි බ්ලොක් කරන්න එපා. ෆේස්බුක් පේජ් තහනම් කරන්න එපා. මේවා විතරයි අපිට තියෙන්නේ. ඕගොල්ලෝ ගොඩ යන්න. ලංකාවේ තියෙන මැණික් දාගන්න. අපි කියන්නේ රටට දෙයක් කරන්න කියලා. ඕගොල්ලෝ ඕන දෙයක් කරන්න, හැබැයි සමාජ මාධ්‍ය අවහිර කරන්න ලෑස්ති වෙන්න එපා. මේක අපේ රට. අපේ රටේ අපිට නිදහසේ ඉන්න ඕනේ.
සමාජ මාධ්‍යවලින් යම් විනයක් හැදිලා තියෙනවා. අපි වුණත් වැරැද්දක් කරන්න බයයි. මොකද ෆේස්බුක් දායි කියලා බයයි. සමාජ මාධ්‍යවලින් අපි බොහෝ දේවල් මිනිස්සුන්ට කියනවා. අපි වැඩසටහන්වලට ගියාම දුක් විඳින මිනිස්සු ඉන්නවා. රටේ ප්‍රශ්න දකිනවා. මේවා අපි රටට ලෝකයට කියන්නේ ෆේස්බුක් එකෙන්. ෆේස්බුක් එක වැරැදි විදියට භාවිත කරන අයත් ඉන්නවා. අපි කරන හැමදේටම තියෙන්නේ ෆේස්බුක් නෙමෙයි. අපේ නිර්මාණ සමාජයට ගෙනියන්න තියෙන්නේ සමාජ මාධ්‍ය විතරයි.
වත්මන් ජනාධිපතිවරයාට වැඩියෙන්ම සහාය ලැබුණේ ෆේස්බුක් එකෙන්. මමත් වත්මන් ජනාධිපතිවරයාට සහාය දුන්නා. ඉරාජ් කිව්වාම මම මහින්ද රාජපක්ෂ මහතාට ගීතයකුත් නිර්මාණය කරලා දුන්නා. ඒක කලාව. එදත් මාධ්‍ය මර්දනය තිබුණා. අපි කතා කරන්නේ රට වෙනුවෙන්. අපි ආණ්ඩුවෙන් මුකුත් අරගෙන නැහැ. අපි අපේ සල්ලිවලින් නිර්මාණ කරන්නේ. තමන්ට දීලා තියෙන බලය අනිසි ලෙස පාවිච්චි කරන්න එපා.
ඉස්සරහට පත්වෙන්නේ මේ ආණ්ඩුවම වෙන්න පුළුවන්. වෙනම ආණ්ඩුවක් වෙන්න පුළුවන්. ඒ නිසා කොයි ආණ්ඩුව ආවත් අපි මර්දනයට වාරණයට විරුද්ධයි. ඉස්සරහට මෙහෙම මාධ්‍ය සාකච්ඡා තියෙන්න ලැබෙන එකක් නෑ කියලා අපි හිතනවා.”
මෙහිදි අදහස් දැක්වූ නීතිඥ ප්‍රේම්නාත් සී. දොලේවත්ත මහතා මෙසේ කීවේය.
“වාරණය ශිෂ්ට සම්පන්න සමාජයකට සුදුසු නැහැ. වාරණය අතට ගන්න එපා. වාරණය ශිෂ්ඨ සමාජයක ලක්ෂණයක් නෙමෙයි. අපේ අදහස් දැක්වීම් වාරණය කරන්න එපා. ඒ වගේම මෙවැනි මර්දන වාරණවලට එරෙහිව අපි පියවර ගන්නවා. ඒ වගේම මම ඉරාජ් වීරරත්නගේ නීතිඥයා වශයෙන් කටයුතු කරනවා. මේ සිදුවීම් සම්බන්ධයෙන් අපි පැමිණිලා කළා. මානව හිමිකම් කොමිසමටත් පැමිණිල්ලක් කළා. වෙනත් රටවල මිනිස්සු ආණ්ඩුව විවේචනය කරනවා. දේශපාලනඥයන් විවේචනය කරනවා. හැබැයි ඒ රටවල මෙහෙ වෙන්නේ නැහැ”.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
ගෝලීය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද පැවැත්විණි.
හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් රේගුවට හොරෙන් ලියාපදිංචි කළේ යැයි කියන සුඛෝපභෝගී වාහන
ශ්රී ලාංකිකයන් හතර දෙනකුට එංගලන්තය ඊයේ (24) රාත්‍රී සම්බාදක පැනවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවර වහාම ජාත්‍යන්තරයට දැනුම්දිය යුතු බවත් රටට සාම
ඇදුම රෝගය උත්සන්න වී මාතර මහ රෝහලට පැමීණි දස හැවිරිදි දරුවකුට අවශ්‍ය ඇස්තලින් සොලූෂන් නැමැති ඖෂධය එම අවස්ථාවේ නොමැති වීම නිසා දරුවා පත් වූ තත්වය දැක ස
තොටළඟ නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරු අද (25) අත්අඩංගුවට ගත් බව ග්‍රෑන
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් කථානායක ජගත් වික්‍රමරත්න මහතාට බාර දුන් යෝජනාවේ ඔහුගේ විෂමා
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
මාධ්‍ය අංශය ගැන පරීක්ෂණයක් කරන්නයි ඉරාජ් ජනපතිගෙන් ඉල්ලයි
sameera Wednesday, 10 July 2019 12:29 PM
මොනවා බලන්නද පහුගිය දවස්වල අඩනිරුවත පිළිබඳව කරපු වීඩියෝ ගැනද?
NuwanWednesday, 10 July 2019 01:02 PM
අනේ මහත්තයෝ ඉරාජ් පහුගිය කාලේ කරපු වීඩියෝ ගැන මගෙත් කැමැත්තක් නැති වුනාට, ඔබ මෑත කාලේ ඉරාජ් විසින් යූ ටියුබ් සහ මුහුණු පොත හරහා රටට සහ බුදු දහමට කළ මහඟු සේවාව ගැන මුකුත්ම නොදන්නා පාටයි.. කරුණාකරලා ඉතාමත් දුෂ්කරතා ඇති මඩකලපුවේ අම්පිටිය... හාමුදුරුවන්ගේ ඉල්ලීම අන්තර්ජාලයට යොමුකරලා ලසිත් මාලිංග විසින් සිංහල ගම්මානවලට අවශ්‍ය ටැක්ටර් ලබාදීම කූරගල පල්ලියට විතරක් විදුලිය රජයෙන් ලබාදී තියෙද්දී, ඉරාජ් මුල්වෙලා අන්තර්ජාලය හරහා විදුලිය ගන්න කටයුතු කළ හැටි හා එහිදී සජිත් ප්‍රේමදාස එය වැළැක්වීමට එරෙහිව නැවත හඬ නැගීමට හැකිවුණේ ඉරාජ් ගේ නායකත්වයෙන්.. අනික ඔවුන් දැන් අපි කතා කරන්නේ රට වෙනුවෙන්, කොටුවේ හාමුදුරුවෝ, ගලගොඩ ඇත්තේ හාමුදුරුවෝ වෙනුවෙන් ඔහු කතා සමාජ මාධ්‍යයේ කතා කළා. කවුරු වුණත් හොඳ දේවල් කරද්දී රට, ජාතිය ගැන කතා කරද්දී හොඳ දකින්න පුරුදු වෙන්න.
AmilaWednesday, 10 July 2019 01:50 PM
ඕනෙම පාහර වැඩක් කරලා මේ වගේ චරිත සැඟවෙන්නේ ආගම ඉස්සරහට දාලා. ඉස්සර හිටිය සීජේත් ඔහොම්මයි. ඒක නිසා ඕවට අහුවෙන්න තරම් බොළඳ වෙන්න එපා මහත්තයෝ...
saaliWednesday, 10 July 2019 03:14 PM
මෙච්චර කල් හොරු විතරයි, ආගමටයි, ජාතියටයි වසන් වුනේ. දැන් ඕනෑ වැඩක් කරලා සල්ලි හම්බ කරන අයත් පටන් අරගෙන…
shanWednesday, 10 July 2019 04:04 PM
දැන් මෙයා ගෝඨාගේ කොතරත් එකක් අරන් බැහැලා වැඩ අනුන්ගේ ගැහැණුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන්න යනවනේ... ඔය සේරම අය එකයි. කරන තරම් සේරම කරලා සුදු රෙද්දක් පොරෝගන පන්සල් ගියාම අපේ අයට මොවුන් සත්ගුණවත් උපාසකයින්... එ්කනේ පාර්ලිමේන්තුවේ මේ තරම් කාලකන්නි රැලක් බිහිවෙලා තියෙන්නේ... දැන් බලපුවම කොලොන්නාවේ උන්න පන්සල් වලට ලක්ෂ ගණනින් පුද්ගලික දානයෙන් උදව් කල කෙනා හිරේ දැම්ම එකත් වැරදියිනේ...
amara Wednesday, 10 July 2019 12:31 PM
''පහනක් නිවෙන්න ආවම ලොකු දැල්ලක් ඇතිවෙනවා'' ඉරාජ්ගේ පිටුවට වුනෙත් ආණ්ඩුවට වෙන්න යන්නෙත් ඔය දේම තමයි...
sagara Wednesday, 10 July 2019 12:51 PM
ඉරාජ්ගේ පිටුව ඉවත් කලේ ජනාධිපති මාධ්‍ය අංශයේ ඉල්ලීමක් අනුව යන්න සැබෑවක් නම් එම අංශයට මාගේ ප්‍රණාමය...
Wasantha - Dubai Wednesday, 10 July 2019 12:58 PM
එ්කනම් ලොකු පිළිකාවක් රටටම... මෙයා මොකද්ද කලේ තරුණ පිරිසට... මෙයාලත් 225 වගේම රට කන්න අාව කිසිම වටිනාකමක් නැති අය... පේෂල තමුන්ගේ ගමන තනියම ගියා නම් හොඳ අනාගතයක්....
Roshen Wednesday, 10 July 2019 01:05 PM
ඉරාජ් ඔබ රට වෙනුවෙන් ගෙනයන වැඩ පිළිවෙල සහ බුද්ධාගම සිංහලයා ගැන කතා කිරීම, ඔවුන්ට සිදුවන අසාධාරණකම් පෙන්වීම නිසා දූෂිත දේශපාලකයෝ ඔබේ ෆේස්බුක් බ්ලොක් කළාට ඔබේ මතය හංගන්න බැහැ. තරුණ අප ඔබ සමගයි... ජයවේවා!!!
Amila Wednesday, 10 July 2019 01:26 PM
මෙයාගේ අනිත් චැනල් ඒවාත් වහලා මානසික රෝහලට දාන්න ඕනෑ. රටේ සංස්කෘතිය වනසමින් දකින දකින මනුස්සයාට මඩ ගසමින් හිටපු පුද්ගලයෙක්... අපිට කිසිඳු දේශපාලනයක් නැහැලු ඔක්කොම කුපාඩි වැඩ කරලා.
RaveendraWednesday, 10 July 2019 02:34 PM
Amila මයා වෙත, ඔබ ඉතා හොඳින් වටපිට පරිසරය ගැන අවධානයෙන් සිටින කෙනෙකු බව සතුටින් දැන්වීමට කැමැත්තෙමු. රටේ සංස්කෘතිය " හින්නූලෙන් " වනසමින් සිටින මෙවන් පින්හාමිලා ගැන අප සමාජයේ කීයෙන් කීදෙනෙක් අවධියෙන් ඉන්නේද යන්න ගැටලුවකි. මේ ගොයියා හිතාගෙන ඉන්නෙත් මේ තුන්ලෝකෙටම මම තමයි සංගීත ඔස්තාර්... අර ඔස්තාර් මේ ඔස්තාර් කියලා... කණගාටුව නම් මිනිසුන් මොවුන්ට රැවටී සිටීමයි..
Prabha Wednesday, 10 July 2019 01:43 PM
තැන්තැන්වල කියව කියවා ඉන්නේ නැතිව ෆේස්බුක් මූලස්ථානය සමග ගනුදෙණුව බේරාගත්තා නම් ඉවරයිනේ..
ප්‍රසන්න Wednesday, 10 July 2019 02:26 PM
මේ අර අපේ සංස්‌කෘතිකට නොගැලපෙන දේවල් දානවා නේද? කළකම් පලදේ.
jesu Wednesday, 10 July 2019 02:44 PM
ඔය සෙට් ඔක්කොම මහින්දගේ. ඉරාජ් වෙන කාගෙවත් නම කියලා විවෘතව චෝදනා කරලා තියනවාද?
Supun Wednesday, 10 July 2019 02:56 PM
සමන්ත භද්‍ර කියන අය කරේ තියන් ගියපු එකේ විපාක දැන් බෝනස් එක්ක ලැබෙන්නේ. මේ පවුලක් නැති, ළමයෙක් නැති, අනාගතයක් නැති බබාගේ යූ ටියුබ් ටිකත් ඉවර කරා නම් රටට ලොකු සෙතක්..
Mahesh Wednesday, 10 July 2019 03:02 PM
නෝනා වගේ නෝනා එක්කම ඇවිත් දුක කියන හැටි. එහා පැත්තේ ඉන්න මනුස්සයගේ ජීවිතෙත් ඉවරයි අසම්මත වැඩ නිසා. එල්ලන්න ඕනෑ රටේ තරුණ පෙලට කරපු විනාශට...
RaveendraWednesday, 10 July 2019 03:53 PM
සහතික ඇත්ත මොවුන්ව එල්ලන්න ඕනේ කම්බිවලින්... හිතන් ඉන්නේ මහලොකු වැද්දෝ කියලා... මිනිසුන් රැවටිලා ඉන්න තරමක්..
සුමනසේකර Wednesday, 10 July 2019 03:07 PM
මෙයා කරන එව්වා අපේ රටට ගැලපෙන්නේ නැහැ. ඒවා ඉවත් කිරීම ඉතාම හොඳයි.
Ranjan Wednesday, 10 July 2019 03:10 PM
අද නිරුවත ගැන කතා කරන ඔබ මේ පෙන්වන හින්දි චිත්‍රපට ගැන කතා නොකරන්නේ ඒ ගොල්ලන් නටන්නේ බාගෙට ඇඳන් නොවේද? උදාහරණයක් ලෙස මේ ෆිල්ම් එකේ ගීත බලන්න තග්ස් ඔෆ් හින්දුස්ථාන් අනික ඕනෑම දෙයක් දිහා බලන අය අනුව වෙනස් වෙන්නේ ඔහු සිතන දේ... නිරුවත කියන්නෙත් අපේම කොටසක්. එහෙම නම් සීගිරියේ පින්තූර බලන්නත් හොඳ නැහැ...
මංගලිකා Wednesday, 10 July 2019 03:32 PM
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියන්ට නාමල් රාජපක්ෂ එක්ක නාමල්ගේ තාත්තා ජනපති කාලේ ස්ටේජ් එකට නැගලා... ඒ දැරිවියෝ සහ මිස්ලා කෑ කෝ ගහලා දෙන්නව එළියට ඇදලා දැම්මේ... දැන් එනවා සංස්කෘතියයි, සභ්‍යත්වය ගැනයි කතා කරන්න.
සූරසේන Wednesday, 10 July 2019 03:34 PM
කොටුවේ හාමුදුරුවෝ අල්ලාගෙන ඒ පානෙන් එළිය බලන අයට නොරැවටෙන්න...