IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


මෝදි හමුවන බව ගෝඨාභය කියයි

(හර්ෂණ තුෂාර සිල්වා)

නුදුරේදීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මුණ ගැසීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර ඊට පිළිතුරු ට්විටර් පණිවුඩයක් යවමින් රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය.

“උණුසුම් සුබ පැතුම් එක් කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සහ ඉන්දීය ජනතාවට මම ස්තූතිවන්ත වෙනවා. අපේ ජාතීන් දෙක ඉතිහාසයෙන් සහ පොදු විශ්වාසවලින් බැඳී තිබෙනවා. දෙරටේ මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට නුදුරේදීම ඔබ මුණ ගැසීමට බලාපොරොත්තු වෙනවා” යැයි නරේන්ද්‍ර මෝදි මහතාට පිළිතුරු යවමින් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.

ඉදිරියේදී දෙරට අතර තිබෙන සහෝදර බැඳීම ශක්තිමත් කරගනිමින් සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් දෙරටේ පුරවැසියන්ගේ සාමය හා සෞභාග්‍යය මෙන්ම කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කර තිබිණි.

සාර්ථකව මැතිවරණයක් අවසන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට සුබ පැතුම් එක් කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර තිබිණි.

පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි මහතාද ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙන අතර කලාපීය සාමය, සෞභාග්‍ය සහ ස්ථාරවය සඳහාත් දෙරටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහාත් ශ්‍රී ලංකාව සමඟ ඉදිරියටත් සමීපව කටයුතු කරන බව ද සඳහන් කර තිබේ.

තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහීම් මොහොමද් සෝලි මහතා ශ්‍රී ලංකා හා මාලදිවයින අතර තිබෙන සබඳතා ශක්තිමත් කිරීම සඳහා නව ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කරන බව සඳහන් කර තිබිණි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කරමින් පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කර තිබිණි.
 



අදහස් (5)

මෝදි හමුවන බව ගෝඨාභය කියයි

Chathuri Sunday, 17 November 2019 12:28 PM

වැදගත් නායකයින් සුබපැතුවේ නැතිද තවම...?

:       146       100

RaveendraSunday, 17 November 2019 10:51 PM

ඔබ විසින් වැදගත් ලෙස හුවා දැක්වීමට අදහස් කරන්නේ කිනම් ලෝක නායකයන්ද යන්න දැනගැනුමට කැමැත්තෙමු. අප විශ්වාස කරනවා ලෝකයේ වැදගත් නායකයන් නොමැති බවට, මක්නිසාදයත් වැදගත් රාජ්‍ය නායකයන්ගේ මුලික ලක්ෂණයන් වන්නේ අනෙකුත් රටවලට අතහිත දෙමින් ඒ ඒ රටවල සමගිය, දියුණුවට අකුල් නොහෙළන තම හිතේ යටි අරමුණු රහිතව අවංකව අනෙකුත් රටවලට අවශ්‍ය වේලාවන්හි උදව් කරන නායකයන්ටය. එබැවින් එවන් රාජ්‍ය නායකන් අද ලොව සිටීදී යන්න නැවත වරක් සිතීමෙන් ඔබටම ඔබ අදහස් කරන වැදගත් රාජ්‍ය නායකයන් ගැන තක්සේරුවක් කරගත හැකි බව අපගේ අදහසයි. අපගේ මෙම අදහස් වැරදි නම් අපව නිවැරදි කරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

:       2       3

MaheeMonday, 18 November 2019 02:41 AM

රවීන්ද්‍ර මහතා, එහෙම නායකයෝ ඉන්නේ සුරන්ගනා කතා වල පමණයි. එහෙම ඉන්න ඕනත් නැහැ. වැදගත් වන්නේ අපේ නායකයෝ ඔවුන්ව හඳුනාගෙන අපේ රටට වාසිවන ආකාරයට ඒ නායකයින් සමගත් රටවල් සමගත් සම්බන්ධතා ගොඩ නගා ගැනීම පමණයි. නමුත් කෙරෙන්නේ අපේ නායකයෝ ඒ සම්බන්ධතාවලින් තමන්ගේ සාක්කු පුරවා ගන්න බලනවා මිසක් රට පුරවන්න නොහිතන එකයි. දුරදර්ශී නායකයෝ කියල අපි කියන්නේ ස්විස් බැංකුවේ ලාච්චු දක්වා දුරක් දකින්න පුළුවන් නායකයන්ටයි.

:       0       3

Mahee Sunday, 17 November 2019 12:38 PM

අපි මේ බලා ඉන්නේ චීනේ ජනාධිපතිතුමයි, ඇමෙරිකාවේ ජනාධිපතිතුමයි එවන පණිවිඩවල මොනවා තියෙයිද කියලයි...

:       42       181

Mf Sunday, 17 November 2019 06:18 PM

ඔහොම යං... ඔහොම යං...

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23479 22

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18120 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10852 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 558 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 170 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site