IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන්නැයි ඉල්ලයි

මනුල වික්‍රම


දැනට වසාදමා ඇති මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය කාලීන අවශ්‍යතාවය හමුවේ ක්‍රීයාත්මක කිරීම සඳහා වහා පියවර ගන්නා ලෙස මැදවච්චිය විවිධසේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තුසිත ගුණරත්න මහතා ඉල්ලා සිටී.


රටේ මහා පරිමාණ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු සපයන මැදවච්චිය, වව්නියාව,සෙට්ටිකුලම, මුරුන්ගන් ප්‍රදේශයන්ගේ මෙන්ම වාහල්කඩ හා පදවිය ජනපදයන්ගේ කෘෂි නිෂ්පාදන මෙන්ම මන්නාරම් ප්‍රදේශයේ ධීවර නිෂ්පාදන පහසුවෙන් බෙදාහැරීමඋදෙසා මැදවච්චිය ආරික මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට වැඩ අරඹන ලද්දේ මීට වසර දොළහකට පෙර උතුරුමැද පළාත් සභාව මගිනි.


එහෙත් එය විවෘත කළහැකි වූයේ 2017 වසරේ දී ය. උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම් යටතේ ඇති මෙම මධ්‍යස්ථානය 2017 විවෘතකර කෙටි කලකින්ම වැසීගියේය.

ඊට හේතුව මෙහි වෙළඳසැල් ආරම්භ කරනු ලැබුවේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් හා ගොවීන් නොවන පිරිසක්වීම බව ප්‍රදේශවාහු කියති.


කොරෝනා වසංගත උවදුරට මූණදීම සඳහා දැනට මැදවච්චිය ප්‍රදේශයේ ක්‍රියාකාරීව දායකවී සිටින්නේ පළාතේ හොඳම සමුපකාර සමිතිය වන මැදවච්චිය විවිධසේවා සමුපකාර සමිතිය වන බැවින් පළාත් සභාව මගින් හෝ සමුපකාර සමිති සංගමය මගින් මෙය ක්‍රියාත්මක කර තඹුත්තේගම මධ්‍යස්ථානයේ ඇති තදබදය අඩු කිරීමට කටයුතු යොදන ලෙස ඒමහතා ඉල්ලයි.


‘‘ මේ ආර්ථික මධ්‍යස්ථානය රුපියල් මිලියන සියයකට වඩා වැයකරලා පළාත් සභාව මගින් වවෘතකළේ පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ යෝජනාවකට අනුව කෘෂි නිෂ්පාදනවලට අවස්ථාව ලබාදීම සඳහා ඒත් එය දැන් නිකරුණේ අවුරුදු ගණනාවක් වසා දමා තිබෙන්නේ. නිලධාරීන්ගේ විවිධ අක්‍රමිකතා නිසා පර්යේෂණ පවත්වන්නට කල්ගැනීම නිසා එතැන දී අවුරුදු අටකට වඩා ප්‍රමාද වුණා. දැනුත් නිකරුනේ. ප්‍රදේශවාසීන්ට සිදුකරන්නේ මහා අසාධාරණයක්. අපේ සමිතියට භාර දුනහොත් අපට මේ මගින් ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමටත්, ගොවීන්ගේ නිෂ්පාදන මිලට ගෙන සාධාරණ මිලකට පාරිභෝගිකයා වෙත ලබාදීමටත් කටයුතු යෙදියහැකියි.


වසංගත උවදුර පහව ගියත් නැතත් මෙම ආයතනය වහා විවෘත කළ යුතු ස්ථානයක්. මෙය මෙවැනි අවස්ථාවක තවදුරටත් වසා තැබීම ජාතික අපරාධයක්. මෙහි ජලය, විදුලිය , අභ්‍යන්තර මාර්ග හා රථගාල් ආදී සියලු පහසුකම් ද විශාල ඉඩකඩක් ද පවතිනවා.
මේගැන අප සමිතිය මගින් පළාත් සභාවේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු යොදාගෙන යනවා.
 

 



අදහස් (0)

මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන්නැයි ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site