IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මුදල් වංචා කළ තරුණියක් අත්අඩංගුවට

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ වයිරසය සීඝ්‍රයෙන් පැතිර යෑම ආරම්භ වූ 2020 වසරේ මුල කාලයේ මුව ආවරණ (මාස්) සැපයීම සඳහා මාලිගාවත්ත ප්‍රදේශයේ වෛද්‍යවරයෙක්ගෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ හතහාමාරක් වංචා කළේ යැයි චෝදනාවට වයස අවුරුදු 20 ක කාන්තාවක් සහ ඇගේ සැමියා කොළඹ මධ්‍ය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.

රත්පුර පිටරවුම් පාරේ පදිංචි කාන්තාවක් සහ ඇයගේ 32 හැවිරිදි  සැමියා මෙලෙස අත්අඩංගුවට ගත් බව කී පොලිසිය කොවිඩ් ව්‍යාප්තියත් සමඟ මුව ආවරණ මිල ඉහළ ගිය අවස්ථාවේ මුව ආවරණයක් රුපියල් පහක මිලකට මුව ආවරණ ලක්ෂ එකහමාරක් සැපයීම සඳහා මෙම මුදල් ලබාගෙන ඇතැයි ද සඳහන් කළේය.

ඔවුන් වෙනත් කාන්තාවකගේ හැදුනුම්පත් භාවිතා කරමින් සකසාගත් බැංකු ගිණුමකට වෛද්‍යවරයාගෙන් රුපියල් ලක්ෂ හතහාමාරක මුදල බැරකරගෙන සැගවී සිට ඇති බවත් සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ එම පුද්ගලයන් සහ වෛද්‍යවරයා සම්බන්ධවී ඇතැයි ද කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

ඔම පුද්ගලයන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ මධ්‍යම කොට්ටාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පෙරේරා, පොලිස් සැරයන් ප්‍රියන්ත (3856), පොලිස් කොස්තාපල්වරුන් වන දිද්දෙණිය (91055), සෙනෙවිරත්න (37823), කාන්තා පොලිස් කොස්තාපල් අනූෂා (11280) සහ පොලිස් රියදුරු කුමාර (80348) යන කණ්ඩායම වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක කරයි.



අදහස් (1)

මුදල් වංචා කළ තරුණියක් අත්අඩංගුවට

චින්තක Friday, 21 January 2022 06:24 PM

වෙනත් කාන්තාවකගේ නමින් බැංකු ගිණුමක් විවෘත කලේ කෙසේද? බැංකුවේ නිලධාරින් හැඳුනුම්පත හා පුද්ගලයා පරීක්ෂා කරන්නේ නැද්ද? ගිණුමක් විවෘත කළාට පසුව මුදල් ගත්තේ කෙසේද? පැහැදිලි මදි...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site